Welcome to Devinda's Blogspot

Friday, April 30, 2010

ලොකේ තියන සැරම මත්පැන් ජාති මොනවද | what are the strongest liquor in world

ඔය ගොල්ලො මත්පැන් ගැන මීට කලින් අහල ඇතිනෙ,තවත් සමහර අයනම් ඒව පාවිච්චි කරලත් ඇති.අද මම කියන්න හදන්නෙ මත්පැන් ගැන කතාවක්, හැබැයි මේක දැනුමට වැදගත් වෙන දෙයක් බීමට කියන දෙයක් නම් නෙවෙයි. :)

මම අද කතා කරන්න හදන්නෙ ලොකේ තියෙන සැරම මත්පැන් ජාති ගැන මේව ගැන කියවල බලන්නකො මේවගෙ තරම, දන්න කට්ටිය බලන්න මේව ඔයාල පාවිච්චි කරල එහෙම තියනවට්ද කියල. ;)

No .01

Everclear
ලෝකෙ තියන සැරම මත්පැන් ජාතිය තමයි Everclear කියන්නෙ ඒකෙ සාන්ද්‍රණය 75.5% සහ උපරිම සාන්ද්‍රණය 95% යන ප්‍රමාණ වලින් තියනවලු, මේ මත්පැන් ජාතිය හදන්නෙ ඇට වර්ගයකින් කියල තමයි සදහන් වෙන්නෙ ඒත් මට ඒ ඇට ජාතිය මොකක්ද කියල හොයාගන්න බැරි උනා, හොයාගන දැම්මොත් අපේ අයත් මේව මෙහෙ හදන්න ගනීද දන්නෑ කියලත් මට හිතුන. :) College වල එහෙම Everclear හරි ජනප්‍රියයිලු එයාලනම් කෙලින්ම පාවිච්චි කරනවලු, ඒත් මේක යොදාගන්නෙ Energy Drink, Fruit Juice,Soft Drink හදන කර්මාන්ත වල අමුද්‍රවයක් විදියටලු.Everclear ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.

No .02

Absintheදෙවෙනියට තියෙන්නෙ
Absinthe කියල ජාතියක් මේකෙ සාන්ද්‍රණය 50% සිට 75% දක්වා තියනව කියල තමයි සදහන් වෙන්නෙ ඒත් Brand එකෙන් Brand එකට මේකෙ සාන්ද්‍රණය වෙනස් වෙනවලු.
මේක මල් සහ ශාක කොටස් වලින් තමයි හදනව කියල සදහන් වෙන්නෙ.Absinthe බිව්වම මනෝ විකාර පේනව කියල මතයක් ඉස්සර කාලෙ ඉදලම තිබිල තියනව, හරියට හොල්මන් පේන්න ගන්නව වගේ වෙනවලු, ඒක නිසා මේ මත්පැන් ජාතිය රටවල් ගනනාවකම තහනමට ලක්වුනාලු. ඒත් දැන් ඒක එහෙම නෑ කියල ඔප්පු කරල තියන නිසා එහෙම ප්‍රශ්නයක් නැහැලු.Absinthe ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.


No .03

Vodkaතුන්වෙනියට තියෙන්නෙ අපි කවුරුත් හොදට අහල පුරුදු Vodka කියන මත්පැන් ජාතිය.Vodka කියන්නෙ උතුරු යුරෝපය පැත්තෙන් ආරම්භ උන මත්පැන් ජාතියක්ලු, Vodka රුසියාවෙ ජාතික මත්පැන් වර්ගය කියල තමයි සදහන් වෙන්නෙ.Vodka කියන්නෙ රුසියානු භාෂාවෙන් හැදිල ආපු නමක්,ඒක රුසියානු භාෂාවෙන් Voda කියන එකෙන් තමයි හැදිල තියෙන්නෙ ඒ කියන්නෙ English වලින් Water කියන එකලු :) .මේක වැඩියෙන්ම භාවිතා කරන්නෙ Cocktail හදන්නලු ඒත් මම දන්න විදියටනම් අපේ අය ගොඩක් මේක කෙලින්ම භාවිතා කරනව normal liquor වගේ. :)Vodka ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.

No .04

Whiskyහතරවෙනියට තියෙන්නෙ අපි දන්න තවත් ජාතියක් Whisky, Whisky හදන්නෙ ඇට ජාති කීපයක් අරගන ඒවා පැසවීමෙන්ලු, ඒ ඇට ජාති අතර Barley, Malt, Rye, Wheat, Maize කියන ඇට ජාති තියනවලු.Whisky වල සාන්ද්‍රණය 40%, 50%, සහ 62% යන ප්‍රමාණ වලින් පවා ගන්න තියනවලු. Whisky ලී වලින් හදපු බැරල් වල පැසවීමට සෑහෙන කාලයක් තියල තියනව කියල තමයි සදහන් වෙන්නෙ, මේකට විශේෂයෙන්ම යොදා ගන්නෙ සුදු ඕක් ගහේ ලී වලින් හදපු බැරල් කියල තමයි සදයන් වෙන්නෙ.Whisky ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.
.

අපි මොනවද Face book ගැන දන්නේ |

facebookඅපි හැමදාම Face book log උනාට අපි මොනවද Face book ගැන දන්නේ, වැඩ් දෙයක් නැ නේද,
ඉතින් එහෙනම් මම මෙ කියන්න යන්නෙ Face book හදපු හැටි ගැන ව්ස්තර ට්කක්...


Face book එක official ව්දිහට start වෙලා තියේන්නෙ 2006 සැප්තැම්බර් වල එ වුනත් face book එකේ ආරම්භය ඇත්තටම වෙලා තියේන්නේ 2003 ඔක්තොම්බර් 28 වෙනිදයි, හැබැයි එ දවස් වල face book interface එක දැන් තියන එකට වඩා ගොඩක් වෙනස්,

මෙ තියෙන්නෙ එ කාලේ screen shot ට්කක්.









ඔයගොල්ලොන්ට තවදුරටත් මෙ ගැන ව්ස්තර දැන ගන්න මෙ links වලට යන්න. Wikwpedia හා News.com


ඉස්සර facebook නම විදිහට පාව්ච්චි කරලා තියෙන්නෙ The face book කියලයි, මෙ නම facebook ව්දිහට වෙනස් කරන්න facebook.Inc එක $200,000 domain name එකට ගෙවලා තිබුනා කියලා මම කොහේහරි දැක්කා.
මෙ පින්තුරේ ඉන්න පොර තමයි fb එක හදලා තියේන්නෙ,මු මැට්ටෙක් වගේ පෙනුනට මු මාර වැඩ කාරයේක් මෙයගේ නම Mark Elliot Zuckerberg,


ඉපදිලා තියේන්නේ 1984-05-14 ඒ කියන්නේ දැන් වයස 26 වෙනවා., මෙයයි යාලුවොයි එකතු වෙලා තමයි මෙ වැඩෙ පටන් අරන් තියෙන්නේ මෙගොල්ලො Harvard එකේ 2 year ඉන්න කාලේ.
කිව්වට ව්ස්වාස කරන්න,මෙයා දැන් ලොකයේ ලොකුම සල්ලිකාරයන් ගෙන් කෙනෙක්, මෙයා ගේ වත්කම $1.5 බ්ලියනයක් ව්තර වෙනවා.
ලොකයේ සමහර රටවල් විවිධ හේතු මත fb තහනම් කරලයි තියෙන්නේ,මෙ රටවල් තමයි Syria, China,Vietnam and Iran.මෙ යන ව්දිහට ගියොත් මෙ list එකට ලංකාවත් ඉක්මනටම එකතු වෙයි කියලයි මට නම් හිතෙන්නේ.


මේ තියෙන්නේ facebook head office එකේ photos ටිකක්, එක ඇතුල නම් මාර ලස්සන්යි නේද?












ලංකාවෙත් facebook ban කලොත් කොහොමද? මොකද හිතන්නේ?
හිහ් පිස්සු හැදෙයි !!

ආදරය කියන්නේ මොකක්ද | What is "Love" means


ඉතින් කොහොමද, මම අද ඔය ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම මෙක අපි ගොඩක් අයට ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,

ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක් තිබුනා එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි "ආදරය කියන්නේ මොකක්ද කියන එක",
ඉතින් දවසක් මෙ ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට

ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,

ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු හැරෙන්න බැ.
මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත් තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,
එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.
එතකොට ගුරැවරයා කියනවා "ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි"

එතකොට ව්වහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,

එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු හැරෙන්න බැ.
ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා,

මේ දවස්වල ඉන්ටර්නෙට් | Internet Connectivity Issue


මේ දවස්වල ඔයාල අපි හැමෝමටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අන්තර්ජාලයේ ඇතිවෙලා තියෙන මන්දගාමී කම . හැමදාම facebook log වෙන e - Mail චෙක් කරන you tube යන යන අපිට ඇති වෙලා තියෙන ඇබ්බැහි වීම කොචරද කියනව නම් වේලක් දෙකක් නොකා ඉන්න පුළුවන් උනත් ඉන්ටෙර්නෙට් නොයා ඉන්න බැරි තත්වයක් දක්වා පරිවර්තනය වෙලා.
ඉතින් මේ මන්දගාමී කම හරියට අපේ දකුණු අත හරියට වැඩ කරන නෑ වගේ . කොහොම උනත් අපිට මේකට විසදුම් දෙන්න බැහැනේ එකට දැනටමත් නිසි පුද්ගලයෝ වැඩ කරනවා.
ලංකතා ලියන අපි මේ හදන්නේ ඔයාලට මේ අව්ලට හේතුව ඔයාල එක්ක බෙදා ගන්නයි.


වාර්තා වෙන විදිහට මේක සිද්ද වෙලා තියෙන්නේ යුරෝපය සහ දකුණු ආසියාව සම්බන්ධ කරන මුහුදු පතුලෙන් දිවෙන cables ජාලයට කරන අලුත් වැඩියාවන් නිසයි. මේ ජාලය හඳුන් වන්නේ SEA-ME-WE 4 කියන නමෙනුයි.
SEA-ME-WE 4 කියන්නේ හරියට විකාර නමක් වගේ නේද ? හරියට බැලුවොත් එහෙම නෑ . මේකට ඒ නම ලැබිල තියෙන්නේ South East Asia සහ Middle East සහ Western europe යන නම් වල මුලකුරු එකතුවිමෙනුයි.

කොහොම උනත් මේක ලංකාවේ අපිට විතරක් බලපාන සිද්දියක් නෙමෙයි Singapore, Malaysia, Thailand, Bangladesh, India, Sri Lanka, Pakistan,United Arab Emirates, Saudi Arabia, Sudan, Egypt, Italy, Tunisia, Algeria and France වගේ රටවල් ගණනාවක ආයතන 16 කට අයත් ජාල වලට මෙහි බලපෑම ඇති වෙලා තියෙනව.
අපි කොහොම හිතුවත් මේ ප්‍රශ්නය විසදන්න තව දවස් 10ක පමණ කාලයක් ගත වන බව තමයි කියවෙන්නේ .

පහලින් දිස් වන්නේ මිට අදාල ජයා රුප කිහිපයකි




The Submarine Cable Map

දෙවියන් සහ කේන්දර ඇදහිල්ල


අපේ රට නොදියුනු රටක් බව මා පැවසුවොත් ඔබ සියලු දෙනා මා සමග එකග වේවි. අනාගතයෙදිවත් මේක දියුනු වෙන්නෙ නෑ කියල කිව්වොත් සමහර විට මාත් එක්ක එකග නොවෙන්නත් පුලුවන්. නමුත් ඇත්ත ඒකයි. මේ නොදියුනුවට හේතු,
1.කේන්දරය පිලිගැනීම
2.කතරගම, විශ්ණු, ගම්බාර, පත්තිනි ආදී සත්වයින්, දෙවියන් යැයි සිතා ඔවුන් සරණ යාම.
3.කුල බේදය.
4.ඉරිසියාව, කුහක කම

තව ඔන තරම් කියන්න පුලුවන්. අපි දැනට මේ ටික විතරක් බලමු. මොකක්ද මේ කේන්දරය කියල කියන්නෙ. කව්ද ඔක මුලින්ම හැදුවෙ. මොකක්ද ඒකෙ පදනම. කිසිවක් හරියට දන්නෙ නෑ. කේන්දර හදන උන් කියනවා කේන්දරය තුල තියෙන්නෙ කෙනෙක් කලින් ජීවිතේදි කරපු කර්මයත් ඒකෙ විපාකයත් කියල. කේන්දර හදන අයගෙන් අහල බලන්න.එතකොට කෙනෙක් කරපු කර්මය කොහොමද ඔය කඩදාසි කෑල්ලක ලියැවෙන්නෙ.

මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ. කෙනෙක් මෙලොවට බිහි වුනාම ඒ වෙලාව සටහන් කරගෙන ඒ මොහොතේ ආකාසෙ තරු රටා පිහිටන ආකාරය අනුව ඒක සටහන් කරනවා. ඒකෙන් මුලු ජීවිතේම බලා ගන්න පුලුවන්. මොකද අර පුද්ගලයා කරපු කර්මය අනුව මිනිහ උපදින්නෙ අර තරු රටා ගානට සකස් වෙන වෙලාවෙ. දැන් ඉතින් මොකද කරන්නෙ, ගෙයින් එලියට බහින්නෙත් කේන්දරේ බලලා. Exam එකට යන්නෙත් කේන්දරේ බලලා, කසාද බදින්නෙත් කේන්දරේ බලලා, ව්‍යාපාරයක් පටන්ගන්නෙත් කේන්දෙරේ බලලා. ඇයි ඉතින් ඒකෙ තියෙනවනෙ ඔක්කොම write වෙලා.

ඊළගට මේ කේන්දර කාරයො ටික බුදුරජාණන් වහන්සේවත් මේ විකාරෙට පටල ගන්නවා. බුදුරජාණන් වහන්සේ කේන්දර බැහැර කරපු උත්තමයෙක්. කේන්දර බැලිල්ල උන්වහන්සේ දැම්මෙ මිත්‍යා ආජීවයට. උන්වහන්සේ ඒක පිළිකුල් කලා.මෙන්න තියෙන තැන.

මේ දවස් වල තියෙන හොදම AntiVirus එක


ලෝකයේ ඉක්මනින්ම ජනප්‍රිය වෙන මේ Antivirus Programme එක Kaspersky වලටත් වඩා හොදයි කියලයි අපිට නම් හිතෙන්නේ, ඒ මොකද?

1. Virus Guard එක නිසා Machine එක Slow වෙන්නේ නැහැ.
2. Scan ඉක්මන්ට කරනවා
3. Updates චූටියි
4. ඉක්මනින් Install වෙනවා
5. Kaspersky වලට වඩා හොදට virus අල්ලනවා

හැබැයි, එක අවුලක් විදියට පේන්නේ scan කරද්දී virus නැහැ කියල sure files, kaspersky වල වගේ skip කරන්න බැරි එකයි. ඒත් ඉක්මනට Scan වෙන නිසා ඒක ගානක් නැහැ.

Thursday, April 29, 2010

මොනාද ‍‍මේ Firewall??


A firewall is a part of a computer system or network that is designed to block unauthorized access while permitting authorized communications. It is a device or set of devices which is configured to permit or deny computer applications based upon a set of rules and other criteria.

Firewalls can be implemented in either hardware or software, or a combination of both. Firewalls are frequently used to prevent unauthorized Internet users from accessing private networks connected to the Internet, especially intranets. All messages entering or leaving the intranet pass through the firewall, which examines each message and blocks those that do not meet the specified security criteria.

There are several types of firewall techniques:

  1. Packet filter: Packet filtering inspects each packet passing through the network and accepts or rejects it based on user-defined rules. Although difficult to configure, it is fairly effective and mostly transparent to its users. It is susceptible to IP spoofing.
  2. Application gateway: Applies security mechanisms to specific applications, such as FTP and Telnet servers. This is very effective, but can impose a performance degradation.
  3. Circuit-level gateway: Applies security mechanisms when a TCP or UDP connection is established. Once the connection has been made, packets can flow between the hosts without further checking.
  4. Proxy server: Intercepts all messages entering and leaving the network. The proxy server effectively hides the true network addresses.

Windows System Commands

මෙම විධානයන් Start – Run හි ලබා දීමෙන් එහි ඉදිරියෙන් දක්වා ඇති තිරය (window ව) ලබා ගත හැක. මෙම ඒවාට අමතර ගොඩක් දේවල් තියෙනවා. comment විදියට ඒ ටික එවන්න මම මේ list එක update කරන්නම්

sysdm.cpl -- System Properties
nusrmgr.cpl -- User Accounts
netsetup.cpl -- Network Setup Wizard
desk.cpl -- Display Properties
inetcpl.cpl – Options of Internet Explorer
firewall.cpl -- Windows Firewall
wscui.cpl -- Windows Security Centre
wuaucpl.cpl -- Automatic Update
access.cpl -- Accessibility Options
appwiz.cpl -- Add/Remove Programs
bthprops.cpl -- Bluetooth Properties
hdwwiz.cpl -- Add Hardware
main.cpl -- mouse
intl.cpl -- Regional and Language Options
mmsys.cpl -- Sounds and Audio Devices
Powercfg.cpl -- Power Option Properties
Timedate.cpl -- Date & Time Properties
mstsc – Remote Desktop