Welcome to Devinda's Blogspot

Thursday, May 20, 2010

DiskDigger (වැලලුන දේවල් ගොඩගන්න සවල)

DiskDigger ගැන:-


මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,ගොඩක්කල් ඔයාලාට අලුත් දෙයක් දෙන්න බැරිවුනාට.
අද මම ඔයාලට දෙන්නේ ඔයාලාට ගොඩක් ඕන වෙන Software එකක් මේකෙ නම තමයි DiskDigger මේකෙන් පුළුවන් Delete කරපු Files ආපහු තිබ්බ විදිහටම ලබාගන්න.මේකෙන් Images ,Videos ,Musics,වගේ ඒවා නැවත ලබාගන්න පුළුවන්.මේක මඟින්Pen Drive,Memory Card,I pod,වගේ දේවල් වලින් Delete කරපු ඒවත් හොයාගන්න පුළුවන්.Install කරන්න දෙයකුත් නෑ වැඩිය ඉඩ යන්නෙත් නෑ.කොටින්ම කිව්වොත් 2MB වලටත් වඩා අඩුයි.තව අනිත් ඒවා වගේ පැයගනන් Search කර කර ඉන්න ඕනෙත් නෑ පටස්! ගාලා හොයල දෙනවා
ඔයා වැරදිලා Delete කරපු ඒවා නැවත ලබාගන්න,ඔයාගෙ අතින් සිද්දවෙච්ච වැරැද්ද හරිගස්සන්න වගේ ඒවට DiskDigger ඔයාට උදව්කරයි.

Sunday, May 16, 2010

Online TV බලන්න FreeZ Online TV මෘදුකාංගය



පද්ධති අවශ්‍යතාවය - Windows 2003, Windows 95, Windows Me, Windows NT, Windows 2000, Windows XP, Windows 98

නැරඹිය හැකි නාලිකා ප්‍රමාණය - 500 අධිකය

Windows 7 මෙහෙයුම් පද්ධතිය



Microsoft සමාගම සිය ප්‍රධාන නිපැයුම වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ මීළග සංස්කරණය වන Windows 7 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් නිකුත්කරන දිනය වන්නෙ ඔක්තොබර් 22 යි . මෙහි beta සංස්කරණය පෙබරවාරි මස නිකුත් වූ අතර Release Candidate (RC) සංස්කරණය මැයි මස නිකුත් විය . beta සංස්කරණය ඉදිරි සතියේදී කල් ඉකුත්( expire ) වන අතර Release Candidate (RC) සංස්කරණය අගොස්තු 15 දක්වා නොමිලේ ඩවුන්ලොඩ් කිරීමට පුළුවන .Windows 7 මෙහෙයුම් පද්ධතිය සංස්කරණ 6 කින් නිකුත්වීමට නියමිතයි . ඒවා නම් OEM ( Starter Edition ), Home Basic, Home Premium, Professional, Enterprise හා Ultimate යන සංස්කරණයි .

Windows 7 Starter Edition


Windows 7 Starter Edition සංස්කරණය වෙළෙදපොළ හා netbook ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද්දක්. මෙහිදී පරිශීලකයාට එකවර ක්රි යාකරවිය හැක්කෙ applications 3 ක් පමණයි . නමුත් පරිශීලක අතුරු මුහුනත (user interface ) හා අනෙකුත් බොහෝමයක් පහසුකම් Windows 7 හි සියළුම සංස්කරණ හා සමානයි .

පහත දැක්වෙන ඒවා සිංහලට පරිවර්ථනය අපහසු බැවින් ඉංග්‍රිසි භාෂාවෙන්ම තබා ඇත .

Windows 7 Home Basic

Windows 7 Home Basic සංස්කරණය මුලිකවම Vista's Media Center සංස්කරණයට සමානවන්නක් වන අතර මෙහිදී පරිශීලකයාට එකවර ක්‍රියාකරවිය හැක්කෙ applications ඔනෑම ප්‍රමානයක් ක්‍රියාකරවිය හැකියි . එහෙත් පරිශීලක අතුරු මුහුනතේ (user interface ) ඉඩ වැඩි කිරීමක් සිදුකර තිබෙනවා . ඒ live thumbnail previews and 'enhanced visual experience මගින් . අමතරව Windows 7 Home Basic සංස්කරණය දියුණු ජාලගත (advanced networking ) කිරීමේ පහසුකම් සලසා තිබෙනවා. ඒ wireless ක්‍රමයටත් වඩා අන්තර්ජාල සම්බන්ධතාව හුවමාරු කිරීමට පහසුකම් සළසමින් හා Mobility Center (power management for laptops ) පහසුකම් සමගින් .

Windows 7 Home Premium

The Home Premium (HP) version will bring all the visual goodies of Windows 7 like the Aero Glass UI and the advanced window navigation. Besides touch screen implementations (handwriting recognition, multitouch), the Home Premium edition also brings improved media format support and enhancements to Windows Media Center and media streaming.

Windows 7 Professional

The Professional edition of Windows 7 brings along more security and networking features like the Encrypting File System, advanced network backup and joining managed networks with Domain Join. Also, the Pro version supports location-aware printing.
Windows 7 Enterprise and Windows 7 Ultimate
Whether you're a home user or a business, the Enterprise and Ultimate editions (probably differentiated by price in the end) will bring a similar set of advanced features like bit Locker data protection for internal and external drives, Direct Access for corporate networking based on Windows Server 2008 R2, and will lock unauthorized software from running with AppLocker.


Windows 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට අවම වශයෙන් පහත අවම අවශ්‍යතා තිබ්ය යුතුයි


1GHz or faster 32-bit (x86) or 64-bit (x64) processor
1GB RAM (32-bit) / 2GB RAM (64-bit)
16GB available disk space (32-bit) / 20GB (64-bit)
DirectX 9 graphics processor with WDDM 1.0 or higher driver

Windows 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට අවම අවශ්‍යතා සෙවීමට Microsoft සමාගම Windows 7 Upgrade Advisor නමින් වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා . download කිරීමට මෙය මත Click කරන්න . නැතහොත් වෙබ් පිටුවට පිවිසීමට මෙය මත Click කරන්න

Windows XP භාවිතා කරන්නන්ට Windows XP සිට Windows 7 වෙත upgrade කිරීමට නොහැකියි. ඒ Windows 7 64 –bit හාවිතා කරන බැවින් ( Windows XP 32 –bit හාවිතා කරයි )

කොහොම නමුත් මේ වන විටත් Windows 7 මෙහෙයුම් පද්ධතිය අන්තර්ඡාලය තුලින් පෙර ඇනවුම් කිරීමේ සහසුකමි මේ වන විටත් පහත් සදහන් ආයතන විසින් සලසා තිබෙනවා .

Amazon, Best Buy, Costco, Fry's Electronics, Office Depot, Office Max, Sam's Club, Staples, Tiger Direct, Wal-Mart, NewEgg. In Canada, Staples, Future Shop, Best Buy, London Drugs,


http://windows.microsoft.com/en-US/windows7/products/features වෙබ් පිටුවට පිවිසීමෙන් Windows 7 මෙහෙයුම් පද්ධතියේ පහසුකම් පිළිබද තොරතුරු සොයාගත හැකියි .

Visual Studio 2010 Released


It’s a big day at Microsoft today as Visual Studio 2010 officially releases. There’s a lot going on with this release and I thought I’d do a big rollup post with lots of details and context to help you find your way to the information and downloads you’re looking for.
Visual Studio 2010 and .NET 4
Download Visual Studio 2010

First, if you want it, go download Visual Studio 2010 now. If you’re an MSDN Subscriber or WebSiteSpark/BizSpark member, you can download the final release now. If not, you can download a free trial or one of the free Express editions. continue reading…

උබුන්ටු මත සිංහලෙන් ලිවීම



වින්ඩොස් මත සිංහල ස්ථාපනය කල විට Taskbar එක මතlanguage bar එක ඇතුලත් කොට අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය. උබුන්ටු මතදී ද මෙම ක්‍රමය යොදා ගත හැකිය.

01 . පළමුව System → Preferences → Ibus Preferences වෙත පිවිසෙන්න .


02 . එහි Show input method name on language bar යන්නට ඉදිරියෙන් ඇති කොටුව තුල ක්ලික් “√ ” සළකුණ ලකුණු කරන්න.


03 . ඉන් පසු Ibus Preferences හි Input Method යන ටැබ් එක තුල ඇති Select an input method යන්නෙන් Sinhala → Wijesekera යන්න තොරා දී add කරන්න.


එවිට ඩෙස්ක්ටොප් එක ඉහල ඇති panel එක තුල keybord එකක් දැකිය හැකි අතර එය මත ක්ලික කිරීමෙන් තමාට අවශ්‍ය භාෂාව තොරා දීමෙන් අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය

Saturday, May 15, 2010

වෙබ්කැම් වලින් වීඩියෝ රෙකොඩ් කිරීමට WebCam Recorder


වෙබ්කැම් වලින් වීඩියෝ රෙකොඩ් කිරීමට WebCam Recorder 3.03 මෘදුකාංගය

මිල : Free to try (25-use trial, watermark on output); $39.99 to buy

පද්ධති අවශ්‍යතාවය : Windows Vista 64-bit, Windows Vista, Windows XP 64-bit, Windows Vista 32-bit, Windows 2000, Windows XP, Windows XP 32-bit

බාගත කිරීමට උපදෙස් http://download.cnet.com/WebCam-Recorder/3000-13633_4-10067568.html?tag=mncol

Google වෙබ් අඩවිය සිය පෙනුම අළුත් කරයි.



Google වෙබ් අඩවිය සිය සෙවුම් යන්ත්‍රයේ පෙනුම අළුත් කර තිබෙන අතර මෙය Bing සෙවුම් යන්ත්‍රයට සමාන පෙනුමකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. මීට පෙර Web Search කිරීමකදී වෙබ් සෙවුම් යන්ත්‍රයේ ප්‍රතිථල පමණක් පෙන්වුවද මෙවර Web, Image ,Video, News යන වෙබ් සෙවුම් යන්ත්‍රවල ප්‍රතිඵල වෙබ් සෙවුමකදී පෙන්වනු ලබනවා. මෙහි වැඩිදුර තොරතුරු Google හි නිල බ්ලෝග් අඩවියෙන් ලබාගත හැකිය.

වෙබ් බ්‍රව්සර් එකක සේව් කරන ලද බුක්මාර්ක් බැකප් කරගැනීම


අන්තර් ජාලයේ සැරිසරන ඔබ දිනකට විසාල වෙබ්සයිට් ප්‍රමානයක් නරඹනවා ඇති. මෙම වෙබ්සයිට් අතරින් කැමතිම වෙබ්සයිට් මතක තබා ගැනීමට සෑම වෙබ් බ්‍රව්සරයකම බුක්මාක් (bookmark) පහසුකම සපයා තිබෙනවා. මෙමගින් ඔබට නැවත දිනයක පහසුවෙන් එම වෙබ් අඩවි වලට පිවිසිමට හැකිවෙනවා පමනක් නොව ඉතා දීර්ග වෙබ් ලිපින වැඩිකාලයක් නොයවා පහසුවෙන් නැරඹිය හැකි වෙනවා. නමුත් වෙබ් බ්‍රව්සර් කිහිපයක් බවිතා කරන්නේ නම් හෝ වෙනත් පරිගණකයකින් අන්තර් ජාලයේ සැරිසරන විට කලින් සේව් කරගත් වෙබ් අඩවි (බුක්මාර්ක්) දැන් ලබා ගැනීමට නොහැකියි. මෙම අපහසුතාව මග හරවා ඔනෑම පරිගනකයකින් ඔබ සේව් කල බුක්මාර්ක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙමගින් වෙබ් බ්‍රව්සරයේ සේව්කරගත් බුක්මාර්ක් වෙනත් සර්වරයක සේව් වනවා. දැන් ඉන්ටර්නෙට් ඇති තැනකින් මෙම වෙබ් අඩවියට පිවිස කලින් සේව් කරන ලද බුක්මාර්ක් බාවිතා කල හැකියි. මේ සදහා තිබෙන සොෆ්ට්වෙයාර් අතරින් එක්ස්මාක් බුක්මාක් සින්ක් ඉතාම ජනප්‍රියයි.
වෙබ් අඩවියට පිවිසීම සදහා > www.Xmarks.com

Facebook යාමට පෙර මේ ගැනත් සිතන්න . . . .



වර්ථමානයේ බොහෝ දෙනෙක් පිවිසෙන වෙබ් අඩවියක් තමයි Facebook . ඒ වගේම තමයි Facebook සම්බන්ධයෙන් අහන්න ලැබෙන කථාවක් තමයි තමන්ගෙ Facebook ගිණුම හැක් වෙලා , තමන්ගෙ Facebook ගිණුමේ තිබුණු පින්තූර වෙන වෙන වෙබ් අඩවි වල දාලා යන දේවල්. ඒ වගේම තමයි ලංකාවෙන් Facebook වෙත පැමිණෙන 85 % පමණ වැඩි දෙනෙකු අන්තර්ජාලය පිළිබද නිසි දැනුමක් නැහැ . ලංකාවේ අන්තර්ජාලයට පිවිසෙන වැඩිදෙනෙකු දන්නෙ Facebook වෙත පිවිසෙන්න , තමාගෙ ඊ මේල් ලිපි බලන්න , Google මගින් සෙවුමක් දාන්න වැනි දේවල් කිහිපයක් . ඒ වගේම තමයි ඇතමුන්ට Facebook වෙත හරි හැටි පිවිසෙන්නත් බැහැ. බොහෝ දෙනෙකු කරන්නෙ Google වෙත පිවිස facebook හෝ facebook login යනුවෙන් සෙවුමක් කර facebook වෙත පිවිසීමය . බොහෝ දෙනෙකු විසින් මෙය කරනු මා දැක ඇත. නමුත් මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් දිනකට කිහිපවතාවක් facebook වෙත පිවිසෙන දිනකට පැය කිහිපයක් facebook වෙබ් අඩවියේ රැදී සිටින පුද්ගලයන් වීමය .ඇතැම් විට ඔවුන් facebook වැනි වෙබ් අඩවි වෙත හෝ වෙනත් වෙබ් අඩවියකට පිවිසුන විට එම වෙබ් අඩවිය පරිහරණය කිරීමට දන්නෙවත් නැත. Google.lk වෙත පිවිස search box එක තුල “F” අකුර යොදා බලන්න . එවිට ලැබෙන ලැයිස්තුව තුල පළමුව facebook යන්නත් දෙවනුව facebook login යන්නත් දකින්නට ලැබේ .

Facebook භාවිතා කරන අය කරන ප්‍රධානම වැරද්ද තමයි Profile එකේ තමන්ගෙ ඊ මේල් ලිපිනය හැමෝටම හෝ තමාගේ මිතුරන්ට හෝ පෙනෙන්නට දැමීමය. Facebook Profile එකේ කිසිවිටකත් තමාගෙ ඊ මේල් ලිපිනය කිසිවෙකුටත් පෙනෙන්නට දැමීමෙන් වළකින්න. මක් නිසා ද යත් Facebook ගිණුමට සම්බන්ධ ඊ මේල් ලිපිනය වෙන අයෙකුට පත් වූ විට එම ගිණුම හැක් ඉතා පහසු වන බැවිනි. අනෙක් කාරණය තමයි Facebook Profile එකේ ඊ මේල් ලිපිනය දැමීමෙන් Spam වලට ගොදුරු වීමය.

තමාගේ Facebook ගිණුමෙහි හෝ ඊ මේල් ලිපිනයෙහි මුර පදය වෙන අයෙකුට ලබාදීමෙන් වලකින්න. එසේ ලබා දුන්හොත් හැකි ඉක්මණින් මුර පදය වෙනස් කරන්න.

ඉන්ටනෙට් කැෆේ වලදී තමාගේ Facebook ගිණුම හෝ ඊ මේල් ලිපිනය විවෘත්ත කිරීමෙන් වලකින්න.

සෑම විටම අන්තර්ජාලයෙන් ඉවත්වන විට cookies , saved password ආදිය මකා දමන්න.

Web browser එක තුල මුරපදය save කිරීමෙන් වලකින්න.

Facebook වෙත log වෙන්න මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න යනුවෙන් ලැබෙන ඊ මේල් වලින් ප්‍රවේසම වන්න.

කවදාවත් තමාගේ පුද්ගලික පින්තූර Facebook වෙත දැමීමෙන් වලකින්න. වර්ථමානයේ Facebook වෙබ් අඩවියෙන් ලබාගන්නා පින්තූර යොදා ගනිම්න් ලංකාවේ පුද්ගලයන් විසින්ම වෙබ් / බ්ලොග් අ‍ඩවි නිර්මාණය කර තිබෙනු දැක්නට ලැබේ.

ඔබගේ මුර පදය අකුරු/ ඉලක්කම් 6 කට වැඩියෙන් නිර්මාණය කරන්න. මුර පදය සදහා “ @ # $ & * ” වැනි ලකුණු යොදා ගන්න. එය අකුරු , ඉලක්කම් කවලම් කර නිර්මාණය කරන්න.

සෑම විටම හොද යාවත්කාලීන කරන ලද වයිරස් ගාඩ් එකක් භාවිතා කරන්න

මේ ලිපිය ලියන්න සිතුනෙත් පසුගිය දවස් කිහිපයක සිදුවූ සිදුවීම් කිහිපයක් හා අහන්නට ලැබුණ දේවල් කිහිපයක් නිසා. ඉන් එකක් තමයි මාගේ මිතුරෙකුගේ facebook , yahoo ගිණුම් දෙකම හැක් වී දෙවතාවකදීම ඔහුගේ facebook , yahoo ගිණුම් විවෘත්ත කර දීමට සිදු වීම. තව එකක් තමයි Techkatha වල facebook , yahoo ගිණුම් දෙකම හැක් වීමේ පැනය. තවත් එකක් තමා තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන්ය. මෙයද වර්ථමානයේ දක්නට ලැබේ. හැක් කරන්න පුළුවන් අයෙකු කිසි විටකත් තමාට හැක් කරන්න පුළුවන් කිය කියා දගලන්නේ නැත. එසේ සිටියොත් සිටින්නේ කිහිප දෙනෙකුය. තමාට facebook ගිණුම් විවෘත්ත කරන්නට පුළුවන් කියා කියවන පුද්ගලයන් බොහෝ විට සිදුකරන්නේ අනෙක් අයට වඩා තමා දන්නවා යැයි කියා හගවන්නටය. වැඩිපුරම මෙය කරන්නේ කෙල්ලන් ඉස්සරහය. මා ඉගෙනුම ලබන පුද්ගලික විශ්ව විද්‍යාලය තුල ද මෙවැනි පුද්ගලයෙකු සිටියි. ඔහුද ඔහුගේ මිතුරියන්ට වැඩිය දැගුලුවොත් facebook ගිණුම් හැක් කරනවා යැයි පවසන අවස්ථා කිහිප වරක්ම මට ඇසී ඇත. එසේම සමහර අය හැක් කරනවා යන්න හරි හැටි දන්නේද නැත. මා මීට පෙර සදහන් කළ පුද්ගලයා එක් වතාවකදී “ software එක download කරලා කෙලින්ම හැක් කරා “ යනුවෙන්ද පැවසීය. මෙය මට ඇසුණු විට එක වරම සිනහා යාමට ගියේය. ඒ හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කර ගැනීම නිසාය . ඔබද ඇතැම් විට මෙවැනි සිදුවීම් බොහෝ විට අසා තිබෙන්නට පුළුවන. බොහෝ දෙනා මෙම හැක් කිරීම හා ක්‍රැක් කිරීම මාරු කරගෙන තමාට හැක් කිරීම සිදු කළ හැකි යන්න පවසයි.

එසේම බොහෝ දෙනා තම රාජකාරිය අමතක කර සේවා ස්ථානය තුලදී facebook යාමට පුරුදු වී සිටිති .මෙයට සුදුසුම දේ වන්නේ අයතන තුල සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කිරීමය. SLT තුලද සේවකයන්ට අන්තර්ජාලය පරිහරණය කිරීම තහනම් කර ඇති බව සිංහල බ්ලොග් එකක ලියා තිබෙනු දුටුවෙමි. මෙවැන්නක් කළ විට බොහෝ පිරිස් තමාට අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න තිබුණු අවස්ථාව අහිමි වුනා ආදී දේ පවසමින් මැසිවිලි නගති. නමුත් මා දන්නා තරමින් ලංකාවේ අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්නා අය සිටින්නේ සුළු වශයෙනි . අනෙක් අය හැමොම දගලන්නේ facebook යාමටය.

හැක් කිරීම් සිදුකරන්නේ හෝ සිදුවන්නේ කෙසේද යන්න , වෙන අයෙකු වැරදියට යොදා ගැනීම සිදු කරන බැවින් එය සදහන් කර නැත. මෙහි මග හැරුනු කරුණුද තිබිය හැක.

ඔබේ මූණට cartoon රෑපයක් සාදමු.


අද මං ඔඅද මං ඔයාලට කියන්නෙ අන්තර්ජාලය හරහා ඔබේ මූණට cartoon රෑපයක් සාදාගන්නා ආකාරය පිලිබදවයි.මේක ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි කියා මම හිතනවා(සමහර විට ඔයාලා මේක කරලත් ඇති).ඇත්තට මේක ඉතාමත් පහසු වැඩක්.හරි අපි දැන් බලමු කොහොමද අපි අපේ මූණට cartoon රැපයක් හදන්නෙ කියල.අපි cartoon රෑපයක් හදනවනම් මුලින්මhttp://home.mywebface.com කියන වෙබ් එකට යන්න ඕන.ඉන් පසු එහි පහල කොටසේ ඇති cartoon you රෑපය clik කරන්න.එවිට ඔබට ඔබගේ ස්ත්‍රී/පුරැෂ භාවය එහි සදහන් කරන ‍කුඩා වින්ඩෝවක් දැකගත හැකිය.එය සදහන් කල පසු මෙවැනි වින්ඩෝවක් දැකගත හැකිය. ඉන් පසුව ඔබට මෙහි ඇති hair,brows,eyes… යන බොත්තම් ක්ලික් කල විට ඔබට ඔබගේ මූණෙ කොණ්ඩය,ඇහි බම,ඇස හා තවත් බොහෝ දේවල් ඔබේ මූනට සමාන වන පරිදි සකසා ගත හැකිය.ඔබේ මූණ සකසාගත් පසු ඔබගේ ඇදුම හා පිටුපස තිරයද කැමති පරිදි සාදාගත හැකි වේ.ඉන්පසු next බොත්තම ක්ලික් කර මෙම cartoon රෑපය computer එකේ save කරගැනිමට හා facebook,twitter හරහා එය යාළුවන් සමග හුවමාරැ කරගැනීමටද ඔබට අවස්තාව උදාවේ.මෙය ඉතා අනර්ඝ මෙන්ම පහසු ක්‍රමයකි.ඔබත් මෙය අත්හදා බලන්න(ප්‍රතිචාරය දැනුම් මට දෙන්න).මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.ලිපිය කියවූ හැමෝටම ස්තූතියි.

ෆේස්බුක් වයිරසයක් !!!!!!!!!!!!!!!!




This is without doubt the sexiest video ever! :P:P :P .

මේ වගේ වැකියක් දැක්කොත් ඒක ක්ලික් කරන්න එපා!
මේක වයිරස් එකක්. මේ වගේ ස්කෑම් වයිරස් එකක් දැනට කාලෙකට කලිනුත් ආව.
ඒකෙ නම Optical Illusion![HQ].
මේකෙ නම Candid Camera prank![HQ].
ඕක ක්ලික් කරාම වීඩියෝ එකක් පෙන්නනෙ නෑ. ඒ වෙනුවට පහල තියෙන ඇප්ලිකේෂන් එකට යනව.
http://apps.facebook.com/nadq_sdas/.
එතනදි vlcmediaplayer.exe එක බාගත වෙනව!
ඒක ස්කෑම් වයිරස් එකක්.
පරිස්සම් වෙන්න! මං හිතන්නෙ දැන් හැම අකවුන්ට් එකක්ම වගේ මේක පැතිරිලා!

Skype සමූහ වීඩියෝ සංවාද දැන් විවෘතයි


ඔන්න ඉතින් Maduonline හරහා මම ගිය සතියේ බ්‍රහස්පතින්දා කිව්ව කතාව (Skype තුල සමූහ වීඩියෝ සංවාද සදහාත් ඉඩ) සැබෑවක් වී අවසන්, :) ඔබටත් මෙම සේවාව දැන් අත්හදා බැලීමට ඉඩ කඩ හා අවස්ථාව ඇත..

මේ සඳහා Skype හි නව මුදාහැරීම ස්ථාපණය කරගත යුතු වනවා.. සීමිත කාලයක් තුල පමණක් මෙම සේවය නොමිලයේ දෙන වග තමයි ආරංචිය. ඉතින් ඒ නිසා මේක උත්සහ කරල ඒ අත්දැකීමත් ජීවිතේට එකතු කරගන්න කල් ගන්නට එපා.. :P

මෙම සංස්කරණය ලබාගැනීමට මෙම සබැදිය භාවිතා කරන්න

http://www.skype.com/intl/en-us/get-skype/on-your-computer/windows/beta/

මෙම සංස්කරණය වලංගු ව‍න්නේ Windows ස්ථාපිත PC සදහා පමණකි.. :roll: මේ ගැන වැඩි විස්තර මාගේ කලින් ලිපියක් වන Skype තුල සමූහ වීඩියෝ සංවාද සදහාත් ඉඩ හරහාද කියවිය හැකිය..

එකවර username කිහිපයකින් google talk භාවිතා කරමු...



කොහොමද? කට්‍ටියට. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි. මේ ගැන උදාරයාත් ලිවිවා. ඒත් මම දැන් කියන්න යන්නේ ඒකට වඩා ලේසි විදිහක් ගැනයි.

මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න) එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න. දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්.. එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා. පාත් එක අන්තිමට තියෙනවා. "/startmenu" කියලා එක මකලා එතනට මේ කොඩ් එක ගහන්න. "nomutx"

දැන් එක ok කරලා. ආයිත් gtalk ඕපන් කරන්න.ඒක එහෙමම තියෙද්දි ආයි gtalk ඕපන් කරගන්න. පෙනවානේ. ඒ වගේ අවශ්‍ය තරම් ඕපන් කරගෙන වැඩේ කරගන්නයි තියෙන්නේ....

SLT,Dialog,Mobitel දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න



මේක මගෙ කලින් පෝස්ට් එකත් එක්ක ගොඩක් සමීපයි.මොකද මේක මාත් දැනගත්තේ ඒකේ දාල තිබ්බ කොමෙන්ට්ස් වලින්. ඔන්න කොමෙන්ට් එකක් දාලා යන එකේ වටිනාකම. මුලින්ම මම කොමෙන්ට් දාපු හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා. මොකද එයාලා නැත්තම් මාත් මේක හොයාගන්නේ නෑ.
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

http://evaphone.com

ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

* උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...


* ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.

ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
විශේෂයෙන් කියන්න ඕන මම මේ පෝස්ට් එක දැම්මේ බ්ලොග් එකේ දාන්න පෝස්ට් නැතුව නෙවෙයි.නැත්තම් සමහර අය එහෙමත් කියයි.මම මේක දැම්මේ පිට රට කෝල් කරනවට වඩා ලංකාවට කෝල් කරන ක්‍රම වැඩිය කස්ටිය දන්නේ නැති නිසා වගේම මේක ගොඩාක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි.අනිත් හේතුව තමා කොමෙන්ට්ස් දාන එකේ ප්‍රයෝජනය පෙන්වන්න.

අපිට ඉතින් මොනවා හරි වීඩියෝ එකක් නැත්තම් mp3 එකක් හොයාගන්න ඕන උනාම අපි යන්නේ යූ ටියුබ්.කොම් නේ නේද..ඒත් අවුලට තියෙන්නේ අපිට ඕනේ mp3 එකක් නම් අපිට වීඩියෝ එක බාගෙන ඒක කන්වර්ටර් එකක් දාගෙන කන්වර්ට් කරන්න වෙනවනේ mp3 වලට..ඕක මහ අවුල් වැඩක් මට නම්.මොකද අපිට වීඩියෝ එක ඕන නැතිනම් ඒක බාගන්න එකෙන් ප්‍රයෝජනයක් නෑනේ.මම නම් ඒ වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමය.මම හිතුවා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා..දන්න අයත් ඇති මේව ගැන..කමක් නෑ දන්නේ නැති අයට කියලා දෙමු.. :)

1) පියවර-මුලින්ම ඔයාලට විදිහට බාගන්න ඕන යූ ටියුබ් වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.( කවදාවත් ඉන්ටර්නෙට් පාවිච්චි කරනව නම් ඔහොම පාස්වර්ඩ් එහෙම කොපි කරගෙන ක්ලිප් බෝර්ඩ් එකෙ තියාගන්න එපා.දන්නවනේ නේද ඇයි කියලා? )

2) පියවර- දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කොලිටිය තෝරන්න(හයි කොලිටි හෝ ලෝ කොලිටි).

http://www.listentoyoutube.com/
http://www.video2mp3.net/
http://www.vidtomp3.com/


3) පියවර- දැන් ඒවගේ කියල තියෙන විදිහට ඊලග පියවරට යන්න.ඊට පස්සේ එයලාගේ සර්වර් එකෙන්ම වීඩීයෝ එක mp3 විදිහට කන්වර්ට් කරලා අපිට අහන්න හෝ බාගන්න අවස්ථාව ලබා දෙනවා.

වෙබ් අඩවි නටවමුද?


මේක පොඩි ෆන් වැඩක්.මේක ඕනම වෙබ් අඩවියකට වැඩ කරනවා.

ඒත්...ගොඩාක් පින්තූර තියෙන වෙබ් අඩවියක් නම් හරිම ලස්සනට නටනවා කිව්වොත් නිවැරදියි.(ඔහොම චෙක් කරගෙන යනකොට මට අහු උනා නියමෙට නටන වෙබ් අඩවියක්.ලංකාවේ එකක්. ඔයාලත් බලන්නකෝ.හම්බවෙයි ;) )

වැඩේ මෙන්න මෙහෙමයි....

1 පියවර-පහල තියෙන කෝඩ් එක කොපි කරගන්න.


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+ "px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+" px"}R++}setInterval('A()',5); void(0);



2පියවර-ඔයාලට නටවන්න ඕන කියලා හිතෙන වෙබ් අඩවියට යන්න.

3පියවර-ඊට පස්සේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මේ කෝඩ් එක පේස්ට් කරලා කී බෝඩ් එකේ එන්ටර් කී එක ඔබන්න.

දැන් පේනවා නේද වැඩේ?..කොහොමද?

වින්ඩෝස් 7 ගැටළු පටිගතකරනය ගැන දන්නවාද?




දැන් ගොඩක් කස්ටියක් භාවිතා කරන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියනේ.මේ වින්ඩෝස් 7 වල අපි නොදන්න බොහෝ දේ හැංගිලා තියෙනවා.එහෙම මෘදුකාංගයක් ගැන තමා මම අද කියන්න යන්නේ.මේක හඳුන්වන්නේ "Problem Steps Recorder" කියලා.මම ඉතින් ඒක අපේ මව් බාසාවට පරිවර්ථනය කරේ "ගැටළු පටිගතකරනය" කියලා.එහෙම කරද්දි "Steps" කියන මගහැරුනද කියලත් මට වෙලාවකට හිතෙනවා.ඒකත් දාලා "ගැටළු පියවර පටිගතකරනය" කියලා දැම්මොත් ටිකක් චා කියලා හිතුන නිසා තමයි ඔහොම දැම්මේ.

දැන් කථා කරා වැඩියි වගේ නේද? අපි බහිමු වැඩේට.සමහර අය මේක ගැන දන්නවත් ඇති.කමක් නෑ.දන්නේ නැති අයට අපි කියලා දෙමු.

මම ඉස්සෙලාම මේක ගැන හැදින්වීමක් දෙන්නම්......

මෙහෙමයි..මේ මෘදුකාංගය කරන්නේ අපි පරිගණකය භාවිතා කිරීමේදී අපි ගන්න පියවර වල් ස්ක්‍රීන් ෂොට් මගින් පටිගත කරගන්න එක.උදාහරනයක් විදිහට මෙයා, අපි මවුස් එක ක්ලික් කරන හැම වෙලාවකදිම ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවා.අපිට මේක ප්‍රයෝජනවත් වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථා දෙකේදි තමයි.

1)පරිගණකයේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්ණයක් ආවම අපිට කාගෙන් හෝ උදව්වක් ගන්න මේ මෘදුකාංගය භාවිතා කරගන්න පුලුවන්.

2)අපිට පරිගණකය හසුරවන්න වැඩිය දන්නේ නැති කෙනෙක්ට මොකක් හරි කියලා දෙන්නත් මේක භාවිතා කරන්න පුලුවන්.

මම පලමු එක පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට දෙවෙනි එක කරන්නේ කොහොමද කියලා වැටහෙයි.

උදාහරන- අපි හිතමු මගේ පරිගණකයේ පොටෝෂොප් විවෘත කරන්න යද්දි මොකක් හරි Error එකක් එනවා කියලා.ඒක විසදගන්න අපි දන්නේත් නැත්තම් අපි මොකද කරන්නේ.අපිට දන්න කෙනෙක්ගෙන් අහන්න වෙනවා.ඒකනේ ඉතින් එපා වෙන්නේ.මොක්ද අපි ඉතින් දැන් අර මනුස්සයට මේ ඔක්කොම විස්තර කරන්න එපැයි.අනික සමහර විට අවුල තියෙන්නේ පොටොෂොප් වල නැතුව අපි ඒක භාවිතා කරන්න උත්සහ කරන විදිහෙද දන්නේත් නෑනේ.දැන් ඉතින් අපි කොහොමද අර වැඩ දන්න කෙනාට අපේ විස්තරේ කියන්නේ.මම නම් ඉස්සර කරේ මම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අර කෙනාට යවනවා.නමුත් වින්ඩෝස් 7 වල අපි එහෙම කරන්න ඕන නෑ.මේ මෘදුකාංගය මගින් අපි කරන පියවර සියල්ලම ඔටෝ ම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අපිට ඒක සිප් ගොනුවක් විදිහටම අරගෙන දෙනවා.බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා.

දැන් අපි බලමු කරන විදිහ. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි...

1 පියවර- ස්ටාර්ට් මෙනු එකේ PSR කියල ටයිප් කරලා එන්ටර් යතුර ඔබලා ඔයාලට මේ මෘදුකාංගය ඕපන් කරගන්න පුලුවන්.

2පියවර-දැන් Start Record කියන බොත්තම ඔබලා ඔයාලට අවශ්‍ය තැනට යන්න.(මගේ උදාහරනයේ හැටියට නම් මම දැන් පොටොෂොප් විවෘත කරනවා) එතකොට මේ මෘදුකාංගය මගින් පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ගන්නවා.විශේෂයෙන් අපි මවුස් එක ක්ලික් කරන තැන් වල.

3 පියවර-දැන් අපි අපේ ගැටලුව තියෙන තැන පසු උනාම Stop Record බොත්තම ඔබලා පටිගත වෙන එක නවත්වනවා.

4 පියවර-ඊට පස්සේ එයා මේ ගොනුව කොතනටද ගබඩා කරන්න ඕන කියලා අපෙන් අහනවා.අපි කැමති තැනක් දුන්නට පස්සේ සිප් ගොනුවක් විදිහට සේව් වෙනවා.

5 පියවර-දැන් මේ ගොනුව අපිට ගැටලුව ගැන අහගන්න ඕන පුද්ගලයට යවන්න පුලුවන්.මේකේ හරිම පැහැදිලිව විස්තරේ තියෙන හින්දා එයාට ගැටලුව විසදන්න ලොකු පහසුවක් වේවි.

6 පියවර-එයාට තියෙන්නේ මේ සිප් ගොනුව අන්සිප් කරලා ඇතුලේ තියෙන MHT ගොනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා භාවිතයෙන් ඕපන් කරන්න.එතකොට හරිම පැහැදිලිව අපි මවුස් බොත්තම ඔබපු තැන් වෙලාව සමග ස්ක්‍රීන් ෂොට් විදිහට බලාගන්න පුලුවන්. ඒ වගේම ඊට පහලින් ඒ සියල්ල ලොග් එකක් විදිහටත් පෙන්නනවා.

ඔන්න ඕක තමා වැඩේ.ඉතින් අපිට මේකම භාවිතා කරන්න පුලුවන් කාට හරි මොනා හරි දෙයක් කියලා දෙන්න උනාම.අපි Manually ස්ක්‍රීන් ෂොට් ගන්න වෙහෙසෙන්නේ නැතිව ඉතා ඉක්මනින් හරිම පැහැදිලිව එයාට ස්ක්‍රීන් ෂොට් මගින් කියලා දෙන්න පුලුවන්

Sims 3 මූණුපොත ආක්‍රමනය කරයි


ඔන්න ඊයේ මම මූණුපොත එකේ ආතල් එකේ ඉද්දි මට නොටිම නෝටි නෝටිෆිකේෂන් එකක් එනවා මගේ යාලුවෙක් මාව පොටෝ එකකට ටැග් කරා කියලා.ඉතින් මම මගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දි කිසිම පොටෝ එකක් නෑ.මොකද වෙන වෙලාවට නම් ඉතින් කවුරු හරි අපිව ටැග් කරාම එ පොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ වැටෙනවනේ.දැන් ඉතින් මොකද කරනේ.මෙන්න බොලේ ඒ පාර එක දිගට එනවා අර මනුස්සයා මාව පොටෝ එකක ටැග් කරාලු එයාම එකේ කොමෙන්ට් කරා කියලා.ඉවරයක් නෑ.


මාත් ගිහින් බැලුවා ඔය කියන පොටෝ එකකට.මේ තියෙනේ බඩු.කොමෙන්ට් එකට දාල තියෙන්නේ ඇප්ලිකේෂන් එකක ලින්ක් එකක්.


ෂුවර් එකටම ඕක එක පොටෝ එකකට විතරක් මාව ටැග් කරලා දාල තිබ්බනම් මාත් අනිවා ඔයා ඇප්ලිකේෂන් එක විවෘත කරනවා.ඒත් මෙච්චර කෙටි කාලයක් ඇතුලත මෙහෙම ටැග් කරන්නයි කොමෙන්ට් කරන්නයි මනුස්සයෙකුට නම් බෑ කියලා මට වෙලාවට හිතුනා.ඊට පස්සේ මම පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා.හොයද්දි තමයි බඩු හම්බුනේ.මේකට මීට කලින් අහුඋන අය එයාලගේ අත්දැකීම් ජාලෙට දාල තිබ්බා.ඒවයි මගේ අත්දැකීමුයි හරියටම ගැලපෙනවා.

මේ ෆේස්බුක් වෛයිරසයේ නම Sim 3 මෙයා කරන්නේ කවුරු හරි ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරපු ගමන් මොකක් හරි පොටෝ එකක් අරගෙන එයාගේ යාළුවන්ව ටැග් කරනවා.ඊට පස්සේ අර ඇප්ලිකේෂන් එක විවෘත කරපු පුද්ගලයා කොමෙන්ට් කරන විදිහට වෛරසය ඒ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාල කොමෙන්ට් එකක් හෝ කීපයක් දානවා.කවුරු හරි ඒ ලින්ක් එක උඩ ඔබලා ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරොත් එයාටත් වෙන්නේ මේ වැඩේමයි.මෙහෙම මෙහෙම මේක දිගටම පැතිරෙනවා

බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි



මම අද මේ කථා කරන්න යන්නේ වින්ඩෝස් එකස්.පී පරිශීලකයන් ගොඩාක් දෙනෙක් මේ වන විට මුහුන දුන්නු ප්‍රස්නයක් ගැන.

බොහෝ විට අපි පරිගණකය භාවිතා කරද්දි ඔයා ටාස්ක් මැනේජර් කියන එක අපිට බොහෝම වැදගත් වෙනවනේටාපි ඒක ඕපන් කරගන්නේ (වින්ඩෝස් එකස්.පී) යතුරු තුනම එකට ඔබලනේ.ඒත් මේ වයිරස් එකක්ද මොකක්ද හින්දා සමහර වෙලාවට අපිට මෙන්න මෙහෙම පණිවිඩයක් දිස් වෙනවා.


පණිවිඩයේ කියවෙනේ "බලධරයා විසින් ටාස්ක් මැනේජර් කපා දමයි" කියලනේ.ඕවට තමයි ඉතින් තද වෙන්නේ..ඇයි යකෝ අපේ එකට වෙන බළධරයෝ කොහෙන්ද.මොකද ඉන්න එකම එකා අපිනේ.(පුද්ගලික පරිගණක වල).ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේක කොහොමද අයින් කරගන්නේ කියලා.

1 ක්‍රමය-

මේක නම් ටිකක් ලේසියි වගේ.මම පහත දීලා තියෙන ඇඩ්‍රස් එක ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා එකේ මම දුන්න එක කොටලා එන්ටර් යතුර ඔබන්න.[මම දුන්න එක කොපි කරලා(කොපි කරා කියලා මම ලකුණු කපන්නේ නෑනේ ඒ හින්දා අවුලක් නෑ :P) රන් එකට ගිහින් පේස්ට්(අලවන්න :P) කරන්න.]

REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f



2 ක්‍රමය-

*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා Regedit.exe කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට වින්ඩෝස් වල රෙජිස්ට්‍රාර් කාර්යාලය :P විවෘත වෙනවා.
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.

HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System


*ඔතන ඇති DisableTaskMgr කියලා අගයක්.
*ඒක මකලා දාන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කාර්යාලය වහලා දාන්න. :-)


3 ක්‍රමය-

*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා gpedit.msc කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට ඔන්න පොලිසියක්ද මොකක්ද විවෘත වෙනවා කියන්නේ(පොලිස් කිව්වට බය වෙන්න එපා.:P පොලිස්ම නෙවි.හික්ස්..)
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.

User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager


*එතන තියෙන Remove Task Manager
කියන එක විවෘත කරලා එකේ Disabled කියන විකල්පය තෝරන්න.
*ඊට පස්සේ ඉතින් ඇප්ලයි ඕකේ කරලා ඒක වහලා දාන්න.


ඔහොම කරලා බලන්නකෝ වැඩේ අනිවා හරි යයි.ඔන්න ගිය සැරේ වින්ඩෝස් 7 තමයි කස්ටිය වැඩියෙන් පවිච්චි කරන්නේ කිව්වාම ශාකුන්තල අයියා මගේ ඇඟට පැන්නනේ(හික්ස්.. :P) ඒක නිසා මම හිතුවා මේ සැරේ වින්ඩෝස් ‍එක්ස්.පී.ගැන පොඩ්ඩක් කථා කරන්න.ආහ්...කියන්න අමතක උනා.සමහරු කියනවනේ හැකින් පන්තිය උනාට හැකින් අඩුයි කියලා.ඔන්න ලගදිම හොද වැඩක් බලාපොරොත්තු වෙන්නකෝ.තාම ඒක අත්හදාබැලීමේ තත්වයේ තියෙන්නේ.මේක පොඩි ලාබාල හැකින් වැඩක් නෙවෙයි.එළකිරි වැඩක් කිව්වොත් හරියටම හරි.ඒ වගේම හැකින් වැඩ කරන අයට වැදගත් වෙන සේවාවක් පටන් ගන්නත් අදහසක් තියෙනවා..වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්කෝ..

මූනුපොතට Animated (GIF) පොටෝ ‍දාමුද?




මෙච්චර කාලෙකට මං දන්න තරමට සහ මම හොයපු තරමට නම් මූනුපොතෙන් Graphic Interchange Format එකේ පොටෝ දාන්න අවසර දුන්නේ නෑ.එහෙම කිව්වම ටිකක් අමුතුයි වගේ නම් ඒක කෙටි කරලා මෙහෙම කියමු... :) ..ඉස්සර GIF දාන්න අවසර දුන්නේ නෑ..(අප්ලෝඩ් කරන්න අවසර දුන්නට ඒව ඇනිමේට් උනේ නෑ)..ඒත් දැන් ඒවා මූනුපොතේ පලකරන්න ක්‍රමයක් තියෙනවා..මම හිතනවා කස්ටිය ගොඩක් කැමති වෙයි කියලා ඒකට.. :)

වැඩේ කරන්නේ මෙහෙමයි...

මුලින්ම ඔයාලට ඕන Animated (GIF) පොටෝ ‍ එක තෝරගන්න.(128 x 128 හෝ ඊට අඩු එකක් නම් වඩාත් පහසු වේවි).දැන් ඒක සමාන්‍යයෙන් ප්‍රොෆයිල් පොටෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරන්න.(මොකද මේ පොටෝ එක අප්ලෝඩ් වෙන්න ඕන ප්‍රොෆයිල් පොටෝ තියෙන ගොනුවටයි)


**ඔයාලගේම නම තියෙන ඇනිමේෂන් එකක් හදාගන්න මේ වෙබ් අඩවියට යන්න.

http://reddodo.com/


දැන් ඉතින් ඔයාලා ඒ අප්ලෝඩ් කරපු පොටෝ එකේ ලින්ක් එක අරගෙන ඒක මූනුපොතේ ඕනම තැනක යොදා ගන්න පුලුවන්..

****තවම ටිකක් අපහැදිලියි වගේ නම් හැකින් ක්ලාස් ෆෑන් පේජ් එකට ගිහින් බලන්නකෝ.එතකොට මොකක්ද කියලා පැහැදිලි වෙයි..:D****

හැබැයි මේක ප්‍රොෆයිල් පොටෝ එක විදිහට තියෙද්දි නම් ඇනිමේට් වෙන්නේ නෑ..

Wednesday, May 12, 2010

පීසීවල පියා! – පෞද්ගලික පරිගණකය ලොවට හඳුන්වා දුන් එඩ් රොබර්ට්ස් මිය යයි.


හැත්තෑව දශකයේ පරීක්ෂණාගාර ගොඩනැගිලි පුරා සවි කොට තිබූ පරිගණකය නම් දැවැන්ත යන්ත්‍රය; මේසයක් මත තැබිය හැකි තරමට කුඩා කොට නිර්මාණය කළ අපූරු මිනිසා පසුගිය අප්‍රේල් 01 වැනිදා මිය ගියේය. හැට අටවැනි වියේ පසුවෙද්දී නිව්මෝනියා රෝගය උත්සන්න වී මියගිය ඔහු හෙන් රි එඩ්වඩ් රොබර්ට්ස් ය. එඩ් රොබර්ට්ස් කියා ප්‍රසිද්ධ ඔහු, අද සැලකුම් ලබන්නේ ” පෞද්ගලික පරිගණකයේ පියා (Farther of Personal Computer) ” ලෙසය.

එඩ් රොබර්ට්ස් හඳුන්වා දුන් මේ පරිගණකය, ඇල්ටෙයා 8800 (Altair 8800) යි. එය ඉදිරිපත් කළේ තාක්ෂණය ඝන උනන්දු අයට තැපෑලෙන් ගෙන්වාගෙන එකලස් කරගත හැකි උපකරණයක් ලෙසය. අමතර මුදලක් ගෙවා ඒවා එකලස් කරගන්නටද පුළුවන්කම තිබුණි. 1975 දී පොපියුලර් ඉලෙක්ට්‍රොනික්ස් (popular Electronics) සඟරාවේ මේ ගැන ප්‍රධාන විශේෂාංගයක් පළ වුණේය. එය දුටු බිල් ගේට්ස් හා පෝල් ඇලන් යන මිතුරන් දෙදෙනා එඩ් රොබර්ට්ස් සොයා ගොස් ඉල්ලීමක් කළේය. ඒ තමන් පරිගණක සඳහා වැඩසටහන් ලිවීමට දන්නා බවත්, ඇල්ටෙයා 8800 පරිගණකය සඳහා පරිගණක වැඩසටහන් ලිවීමට තමන්ට අවස්ථාවක් දෙන ලෙසත්ය. එඩ් රොබර්ට්ස් මේ තරුණයන් දෙදෙනාගේ ඉල්ලීමට එකඟ විණි. බිල් ගේට්ස් සමග පෝල් ඇලන් ලියූ මෘදුකාංගය බේසික් (BASIC – Beginners All Purpose Symbolic Instruction Code) ය.

බිල් ගේට්ස් සහ පෝල් ඇලන්ට මෘදුකාංග නිර්මාපකයන් වශයෙන් සිය ජීවිතය අරඹන්නට එඩ් රොබට්ස් උදව් කළා පමණක් නොව, ඔවුන් වෙළඳාමටද පොළඹවාලීය.. 1975 දී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම නිර්මාණය කරන්නට බිල් ගේට්ස් සහ පෝල් ඇලන් සමත් වුණි. අද ලොව තිබෙන දැවැන්තම මෘදුකාංග සමාගම බිහි වෙන්නට මුල්ගල් සැපයූ නිමැවුම වූයේ, එඩ් රොබට්ස්ගේ ඇල්ටෙයා 8800 යන්ත්‍රය වෙනුවෙන් සැකසූ මෙම බේසික් වැඩසටහනයි.

windows 7 සමග සැගවුනු theme සොයාමු

ළගදී අපට සමීප වුනු ඉතාමත් දියුණු තාක්ෂණයන්ගෙන් පිරිපුන් මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ… ඉතින්, එහි අපට පෙන්වන තේමා වලට අමතරව එහි තුලම සැගවී ඇති විවිධ කලාපයන්ට අදාල වන තේමා කිහිපයක් සොයා යන ආකාරය විමසා බලමු… මේවා මෙහෙයුම් පද්ධතිය තුල සගවා ඇත්තේ, show hidden files විධානයට පවා නොපෙනෙන ආකාරයටයි එනම් protected system files ආකාරයටයි,

එම නිසා ඒවා බලන්නට නම්, folder options තුල show hidden files වලට අමතරම hide protected operating system files යන විධානයද ඉවත් කල යුතු වේ..

ඒ මොනවා නැතුවත් windows explorer හි address එකට C:\Windows\Globalization\MCT ලබාදී එම ගොනුව පහසුවෙන්ම විවෘත කරගත හැකිය..

එවිට ඉහත තේමා 5 (බෙහෝවිට) දැකගත හැකිය..

  • MCT-AU
  • MCT-CA
  • MCT-GB
  • MCT-US
  • MCT-ZA

එම තේමා ගොනු තුල theme නම් ගොනුව තුල ඇති theme file එක double click කිරීමෙන් එම තේමා ක්‍රියාත්මක කරගත හැකිය..

Windows 7 සදහා විවිධ තේමා ලබාගන්න, http://windows.microsoft.com/en-US/windows/downloads/personalize

අළුතින්ම ආ LED 3D TV !!!!

එක්දහස් නවසිය හතළිස් නවයේදී මුලින්ම රූපවාහිනිය නම් වූ උපකරණයක් කරළියට ආවේ මුළු ලෝකයම අමන්දානන්දයට පත් කරවමිනි. ඉන් පසුව සෑම නිවහනක්ම සීඝ්‍රයෙන් ආක්‍රමනය කල මෙම රූප පෙට්ටිය අද අපට නැතුවම බැරි අංගයකි. තාක්ෂණයේ දියුණුවත් සමගම රූපවාහිනියත් දිනෙන් දින දියුණු විය. එය Tube TV, LCD TV, Plasma TV, ලෙස විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වී සපැමිණිනි. අද අළුතින්ම පැමිණ ඇත්තේ LED TV ය.

LED TV ගැන කතා කිරීමට කලින් LCD TV ගැන පවසා සිටීම හොඳය. අප රටේ නිවෙස් වල බහුලවම දැකගත හැක්කේ සී.ආර්.ටී (CRT-Cathode Ray Tube) ටීවීය. මෙහි තිරය ඇතුලත් ටියුබ් (tube)කොටස විශාල රික්තකයක් වන අතර මෙහි ඇති කැතෝඩ කිරණ නලය නම් වූ කොටසේ වෝල්ට් 10000 ක අති විශාල විභව අන්තරයක් ගමන් කර සෑදෙන කැතෝඩ කිරණ රූපවාහිනී තිරයේ ගැටී එහි ආලේප කර ඇති ෆොස්පර් නම් විශේෂ තීන්ත ස්තරයේ ගැටී දිලිසුම් ඇති කරයි. මෙම එක කිරණ කදම්බය විවිධාකාරයෙන් අඩු වැඩි කර එවීමෙන් චලන රූප නිපදවයි. CRT මොනිටරයේද ගැබ්ව ඇත්තේ මෙම තාක්ෂණයයි.

එල්සීඩී ටීවී (LCD TV) සමග ආවේ නවතම තාක්ෂණයකි. මෙය සීආර්ටී ටීවී වලට වඩා ඉතාමත් තුනී වන අතර අත්පත් කරගන්නේද ඉතා අඩු ඉඩ ප්‍රමාණයකි. මෙහිදී රූප මැවීමට කැතෝඩ කිරණ භාවිතා වන්නේ නැත. තිරය ආලෝකමත් කිරිමට (Back Lightning) ප්‍රතිදීප්ත පහන් (Fluorescent Lights) භාවිතා වේ.

File1තුනී තහඩු (ඉලෙක්ට්‍රෝඩ ) දෙකක් මැද සිර කල ද්‍රව ස්ඵටික (Liquid Crystals) පටලයක් පවතින අතර විවිධ අඩු වැඩි වීම් යටතේ විදුලි ධාරා යවා මෙම ද්‍රව ස්ඵටික පටලයේ හැසිරීම වෙනස් කල හැක.

දර්ශනය වීමට අවශ්‍ය රූපරාමු වලට අනුකූලව මෙම පටලය ක්‍රියා කරන අතර එමගින් පිටුපස සිට එන ආලෝක කදම්බ ඉදිරියට යා යුතුද / නැද්ද කියා තීරණය කරයි. ඉන් පසුව හමුවන පික්සල් (Pixel) අඩංගු ලේයරය ද වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම තනි පික්සලයක් ට්‍රාන්සිස්ටරයක් ලෙස ක්‍රියා කරන අතර ඒවා සහ එම පික්සලයේ උපකොටස් වන රතු, නිල් හා කොළ යන වර්ණයන් අඩංගු උප පික්සල ක්‍රියාත්මක වීම / නොවීම මත විවිධ වර්ණයන් අදාල ප්‍රධාන පික්සලය සඳහා ලැබෙයි. දැන් මෙවැනි පික්සල් මිලියන ගණනක් එකතු වී ක්‍රියා කරන විට නැරඹීමට අදාල දසුන තිරය ඉදිරිපිට මැවෙයි.

structure of tft lcd display LCD Television Technology – A Brief  Synopsis

ඉන් පසු සපැමිණිනි තාක්ෂණය වන්නේ ප්ලාස්මා ටීවි (Plasma TV) ය. මෙහි විශේෂත්වයනම් LCD ටීවී වල මෙන් මෙහි තිරය ආලෝකමත් කිරීමට ප්‍රතිදීප්ත පහන් යොදා නොගැනීමයි. මෙහි අති සෑම පික්සලයක්ම වෙන වෙනම ආලෝකය ජනනය කරගෙන වර්ණ නිපදවීම ඇතුළු අනෙක් සෑම ක්‍රියාවක්ම මෙම ට්‍රාන්සිස්ටර් තම තමා විසින්ම සිදු කරගනී. මේ ක්‍රමය LCD TV වලට වඩා කාර්යක්ෂමය. තිරය ඕනෑ තරම් විශාල කර නිපදවීමටද හැක. නමුත් LCD රූපවාහිනියට වඩා විදුලිය උරාගනී. රත් වීමද වැඩිය. මෙම LCD TV හා Plasma TV යන දෙවර්ගයේම විවිධ වාසි සහ අවාසි ඇත.

3Dtv

LED TV යනු මෙම වසරේදී අළුතින්ම පැමිණි රූපවාහිනී මාදිලියයි. පිටතින් බැලූ කල LCD රූපවාහිනියට වඩා කිසිම වෙනසක් නැත්තේය. නමුත් මෙම LED TV හි සුවිශේෂී වෙනස්කම් කිහිපයක් වෙයි. LED TV හි ඇති තාක්ෂණය අළුතෙන්ම සොයාගත් එකක් නොවන බව ප්‍රථමයෙන්ම කිව යුතුය. මෙහි ගැබ්ව ඇත්තේ LCD TV හි තාක්ෂණයමය. නමුත් මෙහි තිරය ආලෝකමත් කිරීමට (Back lightning) යොදාගන්නේ ප්‍රතිදීප්ත පහන් නොව LED පහන්ය.

LCD TV හි ප්‍රතිදීප්ත පහන් යොදා ඇති තැන් වලටම LED (LED – Light Emitting Diode) බල්බ යොදා ඇත. දැන් මෙහි සියලුම ක්‍රියාවලීන් සිදුකිරීමට ආලෝකය සපයන්නේ මෙම කුඩා LED බල්බ වේ. මෙම LED Back lightning ක්‍රමය LCD TV වල භාවිතා වන ක්‍රමයට වඩා ඉතාමත් කාර්යක්ෂමය. විදුලිය වැය වන්නේද ඉතා අඩුවෙනි. LED බල්බ වලට යන්නේද ඉතා කුඩා ඉඩක් නිසා අන් හැම රූපවාහිනී වර්ගයකටම වඩා LED ටීවී ඝනකමින් අඩුය. මෙහි රූපරාමුද LCD TV වලට වඩා ඉතා අලංකාරව දිස්වෙයි. එනිසා ඔබට මෙම LED රූපවාහිනිය මහත් ආශ්වාදයක් ගෙන දෙන බවට සැක නැත.

මෙම LEDරූපවාහිනී පැමිණෙන්නේ මාදිලි දෙකකිනි. ඒවා එජ් මවුන්ට්(Edge Mount) හා ඩිරෙක්ට් මවුන්ට් (Direct Mount) ය. එජ් මවුන්ට් ක්‍රමයේදි LED බල්බ පිහිටා ඇත්තේ රූපවාහිනිය හතරවටේ දාරයේය. ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේදී LED බල්බ පිහිටා ඇත්තේ රූපවාහිනී තිරය පිටුපසිනි.

File2මෙම ක්‍රම දෙකෙන් වඩා කාර්යක්ෂම වන්නේ ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයයි. මන්ද එජ් මවුන්ට් ක්‍රමයේදී මෙන් නොව ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේදී තිරයට ලැබෙන ආලෝකය අඩු වැඩි කල හැක. නමුත් එජ් මවුන්ට් LED TV වලට වඩා ඩිරෙක්ට් මවුන්ට් LED TV ඝනකමින් වැඩිවීම මෙම ඩිරෙක්ට් මවුන්ට් ක්‍රමයේ ඇති අවාසියකි.

File3

කෙසේ වෙතත් මෙම LED TV අතිශයින් ජනප්‍රිය වීමට එක් කාරණයක් තිබේ. එයනම්, මේතාක් කල් දියුණු සිනමාහල් වලට පමණක් සීමා වී තිබූ ත්‍රිමාණ(3D) තාක්ෂණය මෙම LED TV සමගම වෙළඳපලට නිකුත් වීමයි. ත්‍රිමාණ තාක්ෂණයට අනුකූලව සෑදූ බ්ලූ රේ ප්ලේයරයකින් හෝ ත්‍රිමාණ රූපරාමු විකාශනය කරන නාලිකාවකින් හෝ ලැබෙන දර්ශන විශේෂ ත්‍රිමාණ කන්නාඩි පැළඳ සිටින නරඹන්නාගේ දෙනෙත් වලට විශේෂ යාන්ත්‍රනයකින් රූපරාමු යැවීම මෙහිදී සිදු වේ. රූපවාහිනියෙන් රූපරාමු වර්ග 2ක් ද්‍රැවීයකරණය කර එවන අතර පැළඳ සිටින කන්නාඩි දෙකෙන් එම ද්‍රැවීයකරණය වූ රූපරාමු වර්ග දෙක වෙන වෙනම පෙරා දෙනෙත් වෙත යොමු කරයි.

එවිට එම රූපරාමු අප මොළයෙන් හඳුනාගෙන අදාල වස්තූන් ඇති දුර ප්‍රමාණයන් ගණනය කරයි. එවිට අප සැබෑ ජීවිතයේදී විවිධ දේ දකින ලෙසටම නළු නිළියන් අප ඉදිරියට සැබැවින්ම ඇවිත් රඟදක්වන්නා සේ අපට සියළුම දර්ශන ත්‍රිමාණව පෙනේ. මෙය මෙලෙස විස්තර කළ නොහැක. එම අත්දැකීම සැබැවින්ම විඳගන්නා තෙක් ඔබට ඉවසීමට සිදුවේ.

සැම්සුන්ග්(Samsung) හා සෝනි (Sony) සමාගම් දැනටමත් මෙම තාක්ෂණයන් දෙකම එක් කොට තැනු LED 3D TV නිකුත් කර ඇත. සැම්සුන්ග් සමාගම තම LED TV වල තිරය ආලෝකමත් කිරීමට සුදු LED බල්බ යොදාගන්නා අතර සෝනි සමාගමේ ජනප්‍රියම රූපවාහිනී මාදිලිය වන සෝනි බ්‍රාවියා (Sony Bravia) හි LED සඳහා යොදාගන්නේ රතු, නිල් හා කොළ ආලෝකය විහිදුවන බල්බය.

කෙසේ වෙතත් මෙම වර්ග දෙකේම වෙනසක් නැත. මේ LED TV වෙළඳපලට නිකුත් කරන්නේ තවත් විශේෂාංග රැසක්ද සමගිනි. අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව හා එහි ඇති චිත්‍රපට, සින්දු රසවිඳීමේ හැකියාවද ෆේස්බුක්(Facebook), ට්විටර්(Twitter), පිකාසා(Picasa) ,ඊ බේ(e Bay) වැනි වෙබ් අඩවි වලින් වැඩ ගැනීමේ හැකියාවද මෙයට ඇත. ස්කයිප්(Skype) හරහා නොමිලේ ඇමතුම් ගැනීමේ හැකියාවද මෙම LED TV වලට හිමිව ඇත. මීට අමතරව වයි ෆයි(Wi-Fi) මගින් නිවසේ ඇති අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ හා සම්බන්ධවී ඒවා සමග ගනුදෙනු කිරීමේ හැකියාවද නවතම LED TV වලට ඇත.

AllShare

ඔබේ ඩිජිටල් කැමරාව සැම්සුන්ග් LED TV එකක් අසල තැබූ විට කැමරාව හා TV එක රැහැන් රහිතව එකිනෙක සම්බන්ධ වේ. දැන් කැමරාවෙන් ගත් ඡායාරූප රූපවාහිනියේ දර්ශනය වීමට පටන්ගනී. මේවා සංස්කරණය කිරීමට මෙන්ම තවත් වැඩ බොහෝ ගණනක් කිරීමට මෙයින් ඔබට හැකියාව ලැබේ. එමෙන්ම ඔබගේ ලැප්ටොප් පරිගණකය, දුරකථනය වැනි බොහෝ උපකරණ සම්බන්ධ වී දැන් නිවසේ ජාලයක් ගොඩනැගේ. පරිගණක වල ඇති මාධ්‍ය ගොනු ඩවුන්ලෝඩ් කර වාදනය කිරීමට හාඩ් ඩිස්කයක් (Hard Disk) සැම්සුන්ග් LED TV සමගම අන්තර්ගත කර එවන නිසා මෙය එක් අතකින් පරිගණකයක්ද වේ.

      එම නිසා LED TV යනු තවත් රූපවාහිනී වර්ගයක්
පමණක් නොවේ. එය නවතම රූපවාහිනී විප්ලවයයි
.

Complete Solutions

Tuesday, May 11, 2010

ජිවිතේ ගෑන හිතන්න කොච්චර දේවල් තියෙනවද??









ජීවිතය කොහෙන් කොහොම පටන් ගන්නවද කියලා හිතන්න ඕන...

ජිවත්වෙන්නේ මොන එක්කද?කාත් සමඟද කියලා හිතන්න ඕනි...ඒ දේවල්..ඒ අය හොයාගන්න ඕන,,,

ජීවිතේ සමහර දෙවල් තියෙනවා හරි පුදුමකාරයි...ඒ දේවල් වීඳගන්න විතරයි පුලුවන්...කියන්න බෑ..ඒත් ජීවිතේ සුන්දරම සෑමරුමම් තියෙන්නෙ ඒ කියගන්න බෑරි දෙවල් වල...

ජිවිතේ කොහේ ඉඳලා කොහාට පාවෙනවද කියල තේරුම් ගන්න ඕනි..ජිවිතය ඉරණමට ඕන තෑනට නෙමේ... අපට ඕන තෑනට අපි ගෙනියන්න ඕන... මුතු අහුරක් වගේ ජිවිතයට විසිරෙන්න නොදි පුංචි එකෙකුගෙ වගේ ජිවිතයට මඟ කියන්න ඕන...

ජීවිතේ සමහර කාල තියෙනෙවා...බලපොරොත්තුවලින් පිරුණ..හරියට ගෑබ්බර අම්ම කෙනෙක් වගේ..ඒ දවස්..ජිවිතේ සුන්දරම දවස්වල මතකය සදාකලික විදිහට හදවතේ තියගන්න ඕනෙ..

ආදරය කරන්න ඕන..හදවතින් සෙනෙහස හඳුන ගන්න...ආදරය විඳගන්න..අපිට හෑඟිම් ඕන..

ලස්සන වෙන්න ඕන...ජ්ජිවිතයේ මොනහරි සුන්දර යමක් ලස්සන තුක්ල කටිවෙල තියෙනව...අමතක කරන්නබෑරි..

දුක් විඳින්න ඕන..කඳුලු වල අරුත දෑනගන්න ඕන..හදවතට බරවෙන කඳුළකින් දුකට වඩා වෙන දෙයක් නෙලගන්න...හදවතට අලුත් උල්පතකින් අදහස් ගලන්න ඉඩ දෙන්න ඕන..

හෑන්දෑවක තියෙන සුසිනිදු ගතියට...වහින වෙලවක තියෙන සීතලට...පරිසරයේ තියෙන මුදු බවට..හදවතට ගල්ලන්න ඉඩ දෙන්න ඕන..

ජිවිතේ අමතක වෙලා යන පුංචි පුංචි දෙව්ල් තියෙනවා..ඒ හෑම දෙයක්ම ජීවිතයට එකතු කරගන්න ඕන...ජීවිතේ මේ හෑම දෙයක්ම ඔයාල එක්ක බෙදාගන්න ලෑබෑඳි හදවතක් තියෙන්න ඕන..ආදරණිය කෙනෙක් ඕන්...ජිවිතය රලු..ගොරහෑඩි..කටු තුඩු..මත මල් පොට්ටු පිපෙන කොට ඒවවල සුවඳ විඳගන්න,මට ..ඔබට කව්රුහරි හරි කියාදෙන්න ඕන.....

Picasa (Photo Shop වලටත් Google කෙළියි !!!!!!! ?)


Picasa ගැන :-


Picasa කියන්නේ Photos බලන්න පුළුවන් Software එකක් මේකෙන් පුළුවන් ගොඩක් වර්ග වල Photos බලන්න ඒ වගේම තමයි මේකෙන් පුළුවන් Camera වලතියෙන Photos බලන්න,Photo Slide Showහදන්න,Video Playකරන්න,Photo Edit කරන්න.මේකෙන් තව පුළුවන්,Blog එකට Photos දාන්න.මේකට ගොඩක් අයලගට යන්නෙ Google Pack ඔස්සේ.මෙය Google ආයතනයේ Software එකක් නිසා මෙය වැඩි දෙනා ඉක්මනින් ලබාගන්නවා

RealPlayer (ඇත්තටම වැඩ ගොඩයි)



Real Player ගැන:-

අද අපි කතාකරන්න යන්නේ හොඳ ජනප්‍රිය Audio/Video Player.එකක් ගැන මෙය ඔබ දැනටමත් මෙයගැන දන්නවාද විය හැක.මෙමගින් කළ හැකි දේවල්නම් ගොඩයි.මේයින් YouTube,Metacafe,Facebook හා වෙනත් Video කිරීම.වෙනත් Phone,Mp3 Player Mp4 Player වැනි උපකරණ වලට සින්ඳු දාගන්නත් මෙයින් පුළුවන්.එමෙන්ම මේ Download කරගත්ත අරවමේවා DVD වලට Burn (Write)කරන්නත් පුළුවන් හින්දා මෙය ගොඩාක් වැඩ කරල දෙන Software එකක් කියන්න පුළුවන්.

Google Pack ( google පැකට් එක )




Google Pack ගැන:-

Google මගින් හදුන්වාදෙනු ලබන Google Pack යනු Software එකතුවක් කිව්වොත් හරියටම හරි.මේකෙ තියෙන Software ටික මෙහෙමයි,
Google Chrome Web Browser
Google Apps
Google Desktop
Adobe Reader
Google Talk
Google Earth
Google Toolbar for IE
Picasa
Firefox with Google Toolbar
Spyware Doctor with Anti-Virus
Skype
RealPlayer

මේවා ඔබගේ Computer එකට Install කරග්ත්තොත් තියෙන වාසිගොඩයි ඔබගේ Computer එක ආරක්ෂා වෙයි,ඔයාගෙ Password ආරක්ෂා වෙ‍යි, Video Download කරගන්න ලේසිවෙයි ,Photos බලන්න ලේසිවෙයි. ඒක හින්දා බල බල ඉන්න එපා දෙන්ම Download කරගන්න.

KODU (ගේම් දෙන කෝඩුකාරයා)


KODU ගැන :-

මෙම Software එකත් Microsoft ආයතනයේ තවත් නිෂ්පාදනයක්.මේක තමයි අළුත්ම Game හදන Software එක.දැන් ඉතින් නිදිමරාගෙන Game හදන්න ඕනෙ නැ.දැන් මේ Software එක මගින් ලේසියෙන් Game හදන්න පුළුවන්.ඔයාට පුළුවන් දැන් ඔයාට දැනෙන විදිහට Game එකක් හදාගෙන ඔයාට කැමති විදිහට ගහන්න.නැත්නම් ඔයාගෙ යාළුවන්ට Game හදල අභියෝග කරන්න.මේකෙන් Game හදන්න තවත් ලේසි වෙලා තියෙන්නෙ එක එක Action වලට දෙන්න ඕන Command අතලගටම දීල තියෙනවා. Script Type කර කර ඉන්න ඕනෙත් නෑ.ඔයාලත් Try එකක් දාල බලන්න හොඳ Game එකක් ඔයාත් හදාගන්න පුළුවන් වෙයි.

Virtual PC (මනඃකල්පිත පරිගනකය)





Virtual PC ගැන :-

මොකක්ද මේ Virtual PC කියන්නේ !මේක Microsoft ආයතනයේ නිෂ්පාදනයක්.මෙමගින් ඔබගේ Computer එක තුළ තවත් Computer එකක් ස්ථාපනය කරගන්න පුළුවන්.මේ සදහා මුළින්ම මේ Virtual PC එක Install කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට RAM ,VGA, Hard එකේ space ලබාදිය යුතුයි.ඉන්පසු ඔබගේ Virtual PC එක ක්‍රියාකරවන්න,දැන් ඉතින් Windows දාන්න.සාමාන්‍ය විදිහට Hard එක බෙදලකරලා Windows දාන්න ,ඉන්පසු ඔබගේ සාමාන්‍ය Computer එක වගේම ඔබගේ Virtual PCඑකත් තියේවි.දැන් ඉතින් අනුන්ගෙ Computer වල තමන්ගෙම කියල Computer එකක් හදාගන්න පුළුවන්, Software Install කරන්න ,Pen,CD, DVD, I pod, Detect කරගන්නත් මේකට පුළුවන්.හැබැයි ඔයා Virtual PCඑකට Windows Install කරන්න කලින් RAM,Hardඑකේ ඉඩ, දෙනකොට ඔයා දාන්න හදන Operating System එක මොකක්ද කියලා තීරනය කරන්න ඕනේ.මේකට Windows විතරක් නෙමෙයි Ubuntu, Red hat වගේ ඒවත් Install කරන්න පුළුවන්,ඕනෙමනම් Computer 2ක් 3ක් වුනත් හදන්න පුළුවන්.

ඔයා මේක Microsoft එකෙන් බානවනම් ඔයා පාවිච්චිකරන System එකේ වර්ගය තෝරන්න වෙනවා(Starter 32-Bit, Home Premium වගේ)මේක බලාගන්න පුළුවන් My computerවල Properties ගිහිල්ලා.

Torrents (Download පෙරළිකාරයා)

Torrent ගැන :-


Torrent කියන්නේ ලෝකේ ගොඩක් කට්ටිය පාවිච්චිකරන Software&Site එකක්.ගොඩක් අය මේක ගැන දැනගෙන හිටියත් සමහර අය මේක ගැන හරියට දන්නෙනෑ.මේක යොදාගන්නේ Torrent වර්ගයේ Site වල ඇති Torrent Files Download කරගැනීමටයි.මොනවද මේ Torrent Files,මේවායේ පොඩි විශේෂයක් තියෙනවා ඒක තමයි මේවා Download කරනකොට මග නවතා තබන්න(Resum) පුළුවන්.එම නිසා ඉතා විශාල File Download කිරීමට මෙය යොදාගනියි.

මොනවාද මේ Seed / Peer (Leechers) කියන්නේ ?

මේක තමයි මුලින්ම බලන්න ඕනේ. Seed කියන්නෙ Torrent File වල Speed එකට බලපාන සාධකයක්.Seeds වැඩිවෙන්න වැඩිවෙන්න Torrent File එක Download වෙන Speed එක වැඩියි.වැඩි දෙනෙක් ඔයා Download කරන Torrent File එකම Download කරනවනම් ඔයාට තවත් මේක Speed Download කරගන්න පුළුවන්.ඔය Torrent Files Downloadකරනකොට Torrent Comments වල තියෙන්නෙ Seed කරන්න කියලා.තව ඔය Torrent file Download කරනකොට බලන්න ඒ Torrent Comment වල තියනවා ඔයා .Download කරන්න හදන File එක බොරු එකක්ද කියලා.සමහර අය තමන්ගේ Site එක එයාගෙ Video Player එක ප්‍රසිද්ධ කරගන්න බොරු වට Movies වගේ ලොකු Files දානවා ඔයාල දැනගන්න ඕනේ පරිස්සමෙන් Download කරන්න.

අපි Torrent File එකක් Download කරන හැටි මුලින්ම බලමු...

මුලින්ම මේ පහල තියෙන Software වලින් එකක් ඔයාගෙ Computer එකට දාගන්න ඔනේ.මේවවලින් විතරයි Torrent File Download කරන්න දෙන්නෙ.

කොහොමද Download කරන්නේ?????

දැන් තියෙන්නේ Torrent Site එකකට යන්න මම පහළින් Site 2ක් 3ක් දෙන්නම්, ඕවට ගිහින් ඔයාට ඕන කරන දේ Search Box එකේType කරලා Search කරන්න.එතකොට එන List එකෙන් හරි එක තෝරගෙන ඒක උඩ Click කරන්න ඊට පස්සේ Download Torrent කියන එක Click කරලා Torrent File එක Download කරගන්න.ඊටපස්සෙ ඔයා ඒ Torrent File එක ඔයාගෙ Computer එකේ තියන තැනට ගිහිල්ලා ඒක උඩ Double Click කරන්න.එතකොට නිකන්ම Torrent Software එකෙන් Download වෙන්න පටන්ගන්නවා.
http://torrents.to/ (මේක තමයි ප්‍රධානම එක)
http://www.torrentz.com/ (මෙහිදී Torrent එක තෝරගත් පසු ඔබ එය Download කිරීමට කැමති Site එක මොකක්ද කියලා අහයි.එතකොට ඔයා එතන තියෙන Site එකක් Click කරන්න) විශේෂයි:- මෙහිදී එක් එක් ජාතියේ Torrent File Download කිරීමට විශේෂ වු Torrent site ඇතිබව සලකන්න.(Videos-http://btjunkie.org/)

ඔබේ විදුලි මීටරය හදුනා ගන්න. (Domestic kWh meter)

මේ ලිපියේ පලමු කොටසින් මම ලියුවේ විදුලිය සම්බන්ධ තාක්ෂනික කරුනු ටිකක්. අද ලියන්න යන්නෙ ගෘහස්ත විදුලි මීටරයක ක්‍රියාකාරීත්වය හා ඒ ආශ්‍රිත විස්තර.


ක්‍රියාකරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් මේ මීටර් වර්ග කීපයක් තියෙනවා.

1. ඇනලොග් - විද්‍යුත්යාන්ත්‍රික වර්ගය (Analogue - Electromechanical). ප්‍රේරන (Induction - ඉන්ඩක්ශන්) මෝටර මූලධර්ම අනුව ක්‍රියාත්මක වන මේ වර්ගයේ මීටර් තමයි ලංකාවෙ වැඩියෙන්ම (98% පමණ ) පාවිච්චි වෙන්නෙ. මේ වර්ගය ගැන තමයි මේ ලිපියෙන් වැඩිම අවධානය යොමුකරන්නෙ.

2.ඇනලොග් ඩිජිටල් යාන්ත්‍රික මිශ්‍ර ක්‍රියාකාරී වර්ගය (Analogue/Digital -Mechanical mixed operation). මේ වර්ගයේ මීටර kWh මැනීම ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට කරන්නෙ. මෙහෙම ගන්නා මිනුම යාන්ත්‍රික ක්‍රමයකට දර්ශනය කරනවා.මේ වර්ගය ගැනත් අපි සුළුවශයෙන් සලක්ක බලමු.

3.පූර්න ඩිජිටල් ක්‍රියාකාරී වර්ගය (Fully Digital ). මේ වර්ගයේ මීටර kWh මැනීම හා දර්ශනය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට කරන්නෙ. මෙහෙම ගන්නා මිනුම ඉතා නිවැරදි වුවත්, ලංකාවෙ එතරම් භාවිතාවක් නැහැ. එනිසා මම ඒ ගැන ලියන්න බලාපොරොත්තුවක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවානම් comment එකක් දාන්න

විද්‍යුත්යාන්ත්‍රික kWh මීටර ක්‍රියාකාරීත්වය
මේ වර්ගෙයේ මීටරයක් අභ්‍යන්තර සැකැස්මේ සරල සටහනක් තමයි පහල රූපයේ තියෙන්නේ.

1. වොල්ටීයත දගරය (Voltage Coil, Pressure Coil)
සිහින් කම්බියකින් පොටවල් දහස් ගනනකින් යුක්තයි. සැපයුමට කෙලින්ම සම්බන්ධ කර ඇති නිසා මෙයින් නිපදවෙන චුම්භක ක්ෂේත්‍රය සැපයුම් වෝල්ටීයතවයට සමානුපාතික වේ.
2. ධාරා දගරය (Current Coil)
මහත කම්බියකින් පොටවල් දහයකින් පමන යුක්තයි. භාරයට ගලා යන සම්පූර්න ධාරාවම මේ හරහා ගලා යන නිසා මෙයින් නිපදවෙන චුම්භක ක්ෂේත්‍රය සැපයුම් ධාරාවට සමානුපාතික වේ.
3. භ්‍රමන තැටිය (Rotating Disk)
4. රෝධක චුම්භකය (Braking Magnet)
5. මෘදු යකඩ හරය (Soft-iron core)
6. සීරුමාරු සදහා දගරය (Adjustment Coil)
7. සීරුමාරු සදහා ප්‍රතිරෝධකය (Adjustment Resister)

මෙකෙ මූලිකම කොටස් තමයි වොල්ටීයත දගරය, ධාරා දගරය හා භ්‍රමන තැටිය. මේ 1, 2දගර දෙක මගින් ඇති කරන චුම්භක ක්ෂේත්‍ර හා එනිසා ඇළුමීනියම් භ්‍රමන තැටියේ(3) ඇතිවන සුලිධාරා (Eddy current) අන්තර්ක්‍රියා කිරීමෙන් තැටියට කරකැවීමේ බලයක් (ව්‍යාවර්තය - torque) ලැබෙනවා.
මේක හරියටම සමාන්‍ය විදුලිපංකා මෝටරයක් වගේ. මේ තැටිය මෝටරයේ ආමේචරයට සමාන කරන්න පුලුවන්. දගර දෙක මේ විදුලිපංකා මෝටරයේ දගරවලට සමානයි. විදුලිපංකා මෝටරයේ තියෙන එක දගරයකට කැපෑසිටරයක් සම්බන්ද කරලා ත්යෙන බව කවුරුත් දන්නවානෙ.
Fan Motor
ඒකෙන් වෙන්නෙ දගර දෙක මගින් ඇතිකරන චුම්භ්ක ක්ෂේත්‍ර අතර කලා වෙනසක් (phase difference) ඇතිකරන එක. මේ කලා වෙනස අනුව තමයි මෝටරයට කරකැවීමේ බලය ලැබෙන්නෙ. මේ කලා වෙනස නැතිවුනොත් මෝටරය කැරකෙන්නෙත් නැහැ. (විදුලි පංකාවක කැපෑසිටරය පිච්චුනම මෝටරය කැරකෙන්නෙ නැත්තෙ මේ නිසයි ). විදුලි මීටරය තුල මේ විදිහට කැපෑසිටරයක් භාවිතා කරන්නෙ නැතුව දගර දෙකෙ පිහිටීම වෙනස් කිරීමෙන් තමයි මේ චුම්භක ක්ෂේත්‍ර අතර කලාවෙනස ලබාගෙන තියෙන්නෙ.
මෝටරයත් එක්ක තියෙන තව වෙනසක් තමයි මේ දගරවල ගලන ධාරවන් යොදා ඇති භාරයන් (load) සමග වෙනස් වීම. ඒ කියන්නෙ මේ දගර මගින් ඇතිකරන් චුම්භක ක්ෂේත්‍රය භාරය අනුව වෙනස් වෙනවා. තවත් පැහදිලි කලොත්, IL (=I) වැඩි වෙනකොට ධාරා දගරයේ ක්ෂේත්‍රයත් වැඩිවී ව්‍යාවර්තය වැඩිවෙනවා. ඒවගේම යොදන වෝල්ටීයතාවය (V) අනුව වෝල්ටීයතාදගරයේ ක්ෂේත්‍රයත් වැඩිවී ව්‍යාවර්තය වැඩිවෙනවා. V හා IL අතර කලා වෙනසක් තිබුනොත් ක්ෂේත්‍ර දෙක අතර කලාවෙනස අඩුවී ව්‍යාවර්තය අඩු වෙනවා. මේ අඩු වීම V හා IL අතර කලාවෙනසේ (Ø) කෝසයිනයට ( cosØ ) සමානුපාතික බව පෙන්වන්න පුලුවන්.
මේ කියපු විස්තරය කෙටියෙන් කිව්වොත්, භ්‍රමන තැටිය මත ව්‍යාවර්තය (T), V, I හා cosØ ට සමානුපාතිකයි. මේක සමීකරනයකින් ලිව්වොත්
T = K. V.I.cosØ -----(1)

මම පලමු කොටසේ පෙන්වලා දීපු විදිහට V. I .cosØ කියන්නෙ සක්‍රිය ක්ෂමතාවයට (active power). ඒනිසා
ඉහල (1) සමීකරනයට අනුව. තැටිය මත ව්‍යාවර්තය සමානුපාතික වෙන්නෙ සක්‍රිය ක්ෂමතවයටයි.
T = K .(active power) ------(2)


මේ K කියන නියතයට කියන්නේ ම්ටර නියතය (meter constant) කියලා. මේක මීටරවල් සදහන් කරලා තියෙන kWh එකට කරකෙන වට ගනන ලෙස ගන්න පුලුවන්. අවසානයට මේ තැටිය කැරකෙන වාර ගනන දැතිරෝද පද්ධතියක් මගින්සම්බන්ධ කරලා තියෙ දර්ශකයටක් මගින් කියවා ගන්න පුලුවන්. දැන් බලමු සටහනේ තියෙන අනෙක් දෙ වලින් මොකද කරන්නෙ කියලා.

කලින් කියපු විදිහට ඇතිවන ව්‍යාවර්තය දිගටම තියෙන කොට තැටිය කැරකෙන වේගය දිගටම වැඩි වෙනවා. ඉතින් මේ විදිහට දිගටම වේගය වැඩිවීම පාලනය කරගන්න තමයි රෝධක චුම්භකය (braking magnet) (සටහනේ 4)තියෙන්නෙ. මේ චුම්භක ක්ෂේත්‍රය නිසා ඇතිවන ප්‍රතිරෝධී ව්‍යාවර්තය හා දගරවලින් ඇතිවෙන ව්‍යාවර්තය සමතුලිත වන වේගයෙන් තමයි අවසාන වශයෙන් තැටිය කරකැවෙන්නෙ. මේ රෝධක චුම්භකය සීරුමාරු කිරීමෙන් තමයි මීටරයේ සදහන් කරලා තියෙන kWh එකට කරකෙන වට ගනන හදාගන්නෙ. මේකට කියන්නෙ Full Load adjustment කියලා.


දගරදෙක මගින් ඇතිකරන් ක්ෂේත්‍ර වල කලාවෙනස අංශක 90 වෙන්න තමයි මීටර හදන්නෙ. නමුත් ප්‍රායොගික වශයෙන් දගරවල ඇති ප්‍රතිරෝධයන් නිසා මේක කරගන්න අමාරුයි. මෙනිසා ඇතිවන දෝශයන් නිවැරදි කරගන්න තමයි සීරුමාරු සදහා දගරය (Adjustment Coil) (සටහනේ 6) හා සීරුමාරු සදහා ප්‍රතිරෝධකය (Adjustment Resister) (සටහනේ 7)තියෙන්නෙ. මේකට Power Factor adjustment කියලා තමයි කියන්නෙ.

පහල පින්තූරයෙන් මේ කොටස් ඇත්තටම මීටරයක් තිබෙන හැටි බලාගන්න.


1. ධාරා දගරය (Current Coil)
2. භ්‍රමන තැටිය (Rotating Disk)
3. රෝධක චුම්භකය (Braking Magnet)
4. යාන්ත්‍රික දර්ශකය (Mechanical Counter)
5. ප්‍රතිරෝධක කම්බිය (Resistive wire for phase angle adjustment)
6. ප්‍රතිරෝධ සීරුමාරු ඇනය (Adjustment screw for phase angle)
7. පූර්න භාර සීරුමාරු ඇනය (Full load adjustment screw)

මේ මීටර සාමාන්‍යයෙන් 2% ට අඩු දෝෂයක් ඇතිවන ලෙස සියලු සීරුමාරු සකස් කරනවා.


නිවැරදිතාවයට බලපාන එක ප්‍රධාන සාදකයක් තම්යි භ්‍රමන තැටිය සවිකර ඇති බෙයාරිම වල ඇති ඝර්ශනය. මේක වැඩියෙන්ම බලපාන්නෙ අඩු භාර තත්වයන් යට තේයි. මේ දෝෂ නිවැරදිකරගන්න වොල්ටීයතා දගරය ලග ලොහ තහඩුවක් මගින් සුලු අමතර චුම්භක ක්ෂේත්‍රයක් සාදා තියෙනෙවා. මේ තහඩුව සීරුමාරු කිරීමෙන් ඝර්ශනය නිසා ඇතිවන දෝෂ මගහරවා ගන්න පුලුවන්. මේකට කියන්නෙ සුලු භාර සීරුමාරුව (Light load adjustment) කියලා. මේක වැඩිපුර තිබ්බොත් භාරයක් නැතිවෙලාවටත් (no load) තැටිය කැරකෙන්න ගන්නවා. ඒ සිද්ධියට කියන්නෙ බඩගෑම (creep) කියලා මෙහෙම වෙන එක නැවතිලා භාරය 20mA (~5W @230V) පමන ධාරවක් ලබාගන්නා කොට තැටිය කරකැවෙන්න පටන් ගන්න ගානට තමයි සීරුමාරුව තියන්නෙ. එනිසා මේකට Creep adjustment) කියලත් කියනවා.


1. ධාරා දගරය (Current Coil)
2. භ්‍රමන තැටිය (Rotating Disk)
4. යාන්ත්‍රික දර්ශකය (Mechanical Counter)
6. ප්‍රතිරෝධ සීරුමාරු ඇනය (Adjustment screw for phase angle)
7. දැතිරෝද පද්ධතිය (Gear wheel set)
8. වොල්ටීයත දගරය (Voltage Coil, Pressure Coil)
9. සුලු භාර සීරුමාරු ඇනය (Light load (creep) adjustment screw)
10. kWh ම්ටර නියත සටහන (meter constant) (in this meter - 360 rev/kWh)

නිවැරදිව සීරුමාරු කල මීටරයක් කල්යත්ම විවිධ දෝශ ඇතිවෙන්න පුලුවන්. ප්‍රධානම එක තමයි කුණු දූවිලි හා මලබැදීම නිසා ඝර්ශනය වැඩි වීම. එතකොට මීටරය සෙමින් කැරකීම තමයි වෙන්නෙ. ප්‍රතිපලය ඇත්තටම (100kWh) පාවිච්චිකලාට ඊට අඩු අගයක් (95 kWh) මීටරය පෙන්වීමයි.මේ නිසා මේ කුණු දූවිලි බැදීම අඩුකර ගන්න හා සංවෙදී කොටස් නීත්‍යානුකූල නොවන ලෙස වෙනස් කිරීම වලක්වන්න මීටරය හොදින් වසා ඇණ මුද්‍රාතබා තමයි තියෙන්නෙ.


මිශ්‍ර ක්‍රියාකාරී මීටරය


පහල රූපයෙ තියෙන්නෙ මේවගේ මීටරයක්. බැලූබැල්මටම මෙකෙ තියෙන වෙනස තමයි මැද කැරකෙන තැටිය නැති එක. ඒ වෙනුවට තියෙන්නෙ LED එකක්. සාමාන්‍ය මීටර වල තැටිය කරකෙනවා වෙනුවට මේවායෙ වෙන්නෙ මේ LED එක blink වෙන එකයි. පාවිච්චි කරන ක්ෂමතාවය අනුව මේ blink වෙන ශීඝ්‍රතවය වෙනස් වෙනවා.
මේ මීටර වල ප්‍රධාන වශයෙන් ඉහල ස්ථායීතාවයකින්(high stability) යුතු ප්‍රතිරොදයක්(resister), ඉලෙක්ට්‍රොනික පරිපථයක්, ස්ටෙපෙර් මොටරයක්(stepper motor) හා යාන්ත්‍රික ගනින දර්ශකයක් අඩංගු වෙනවා. ප්‍රතිරූධය හරහා වොල්ටීයතවය මගින් තමයි හලන ධාරාව ගනනය කරගන්නෙ. ඊට පස්සෙ වොල්ටීයතවයත් මැනගෙන ඉලෙක්ට්‍රොනික පරිපථය මගින් ක්ෂමතාවය ගනනය කරනු ලබනවා. එමගින් ක්ෂමතාවයට අනුරූප ස්පන්ධයක් (pulse) ස්ටෙප්පර් මෝටරයට ලබාදීමෙන් ඉලක්කම් දර්ශ්කය ගමන් කරවනු ලබනවා. වෙනත් බාහිර ගනක් යන්ත්‍රයකට සම්භන්ධ කිරීම සදහා මේ ස්පන්ධයන් වෙනම ස් ලබාදී තියෙනවා.පහල රූපයෙ මෙහි කැටි සටහනින් එක් එක් කොටස් සම්බන්ධ වෙලා තියෙන විදිහ බලා ගන්න.
මේ තියෙන්නෙ ඇත්තටම මේ වගෙ මීටරයක් ඇතුලත. මෙ මීටර් සංවේදී වෙන්නෙ සක්‍රිය ක්ෂමතාවයට විතරයි. සමාන්‍ය මීටර වලට වඩා නිවරද්තවයෙන් ඉහල යයි සැලකෙනවා.







මම මේ ලිපියෙ ලියුවෙ සාමාන්‍ය නිවෙස් වල පවිච්චි කරන විදුලි මීටරගැන. ඒත් මේ ලිපිය ඉවර කරන්න කලින් කාර්මික වශයෙන් සැපයුම ලබාගන්නා (industrial power) ආයතන ව පාවිච්චි වෙන demand මීටරය ගැනත් කියන්න ඕනා.
Peak Demand meter


කලින් ලිපියෙ කිව්වා වගෙ power factor එක අඩු වෙනකොත එකම ක්ෂමතාවය සපයන්න වැඩි ධාරිතාවක් සහිත ජනකයන්ත්‍ර ඕන වෙනවා. ඉතින් විදුලිය වැඩියෙන්ම පාවිච්චිකරන කර්මාන්තශාලා වල මේක පාලනය කරන්න peak demand meter කියලා මීටරයක් සවි කරනවා. මෙකෙන් එම කර්මාන්තශාලාව උපරිම වශයෙන් ලබාගත් දෘශ්‍ය ක්ශමතාවය
( apparent power -VA)
වගේම kVAh ත් සටහන් වෙනවා. විදුලිබල මන්දලය මේ පාඨාංක අනුව වෙනමම බිලක් එවනවා.ඉතින් මේ බිල අඩුකරගන්න තමයි. මේ කර්මාන්තශාලා capacitor bank දාල power factor හදන්නෙ. ගෙවල් වල් මේ වගෙ මීටර් හයි කරලා නැතිනිසා power factor හැදුවට බිල අඩුවෙන්නෙ නැහැ