Welcome to Devinda's Blogspot

Saturday, June 26, 2010

SMS යැව්වොත් ආත්රයිටිස්..


ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය..

මහපටැගිල්ලේ ඇතිවන මේ තුවාලය පිටතට මෙනෙන ලේ ගලන තුවාලයක් නොවේ..එය ඇතුලතින් ඇතිවන පටක තරලය ගලන තුවලයකි..ඒ කියන්නේ මේ තුවාල නිසා එක්කෝ මහාපටැගිලේ හුරුබුහුටි කම නැතිව යන්නට පුලුවන..නැත්නම් ඔස්ටියෝඅතරයිටිස් (Osteoaritis) තත්වය ඇතිවන්නට පුළුවන...

මේ ගැන කතා කරමින් ලන්ඩනයේ ඉම්පිරියල් කොලිජියේ විකලාංගය ශල්‍යවෛද්‍ය විද්‍යාව පිලිබද මහචාර්ය සීන් හෆ් කියා තිබුනේ '' ජංගම දුරකතන වලින් නිතර එස් එම් එස් පණිවිඩ යවන, ඊ-මෙල් ලියන වැඩි දෙදෙනෙකුට ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවන බව මට ප්‍රනි ගොස් තිබෙන්ව කියාය. මෙසේ මහපටැගිල්ලෙන් ජංගම දුරකතන යතුරුපුවරුව හැසිරවිම සෙඛ‍ය්‍යාරක්ෂිත නොවන්නේ ඒ චලනය මහපටැගිල්ල නිර්මාණය වි තිබෙන්නේ යමක් බදා ආල්ලගැනිම සදහා එක් පසෙකට නැවිමට හා ඇගිල්ලේ මුලින්ම ඕනෑම පැත්තකට කරකවන්නට පුළුවන්විම සේය.

එහෙත් ජංගම දුරකතන යතුරුපුවරුවක ඇති බොත්තම මහපටැගිල්ලෙන් ඔබන විට ඇගිල්ලාගන්න ඉරියව්වෙන් වුවත් එය වේගවත් වැඩිය..මන්ද යමක් අල්ලාගන්නා විට ඇගිල්ල නැවෙනවාට වඩා වැඩියෙන් දැන් එය නැවෙන නිසාය..එසේම ඒ නැවිල්ල නැවට නැවත එකම අකාරයෙන් කරන (Repetive strain injury) නිසාය.මේසේ සන්ධියක් ඕනැවට වඩා වැඩි වාර ගණනක් නැවිම නිසා එහි අභ්‍යාන්තර තුවාලයක් (Repetitive strain iniury ) ඇති වන්නේ එවිටය.

ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවි මහපටැගිල්ල තවදුරටත් පහසුවෙන් නවන්නට දිග හරින්නට බැරිව එය ඉදිමේ වේදනාකාරි ඉමකට තල්ලුවි යාමට ජංගම දුරකතනයෙන් පණිවිඩ ලිවිම රුකුල්දෙන බව ඉදුරාම කිව හැක්කේ මේ නිසාය.

මෙවැනිම තත්වයක් එක්දහස් නවසිය අනුව දශකයේද ඇති වු බව ඇමරිකවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හෙජ් මතක් කොට දෙයි..විඩියෝ ක්‍රිඩා වැඩිපුර ජනප්‍රිය වු ඒ කාලයයේ නිතරම ''විඩියෝ ක්‍රිඩාවල යෙදුණු සමහර අයගෙත් ඇගිලි ඔස්ටීයෝආතර්යිටිස් තත්වයට පත් වුණා'' හේ කියයි..

ඔටෝමැටික් ක්‍රමයට කොම්පියුටර් හීලෑ කිරිම..


තමන් පරිගනකයෙන් ඉවත්ව යන විට එයට අගුලු වැටිමටත්,නැවට පරිගනකය ලගට එන විට එය ක්‍රියාත්මක විමටත් පුලුවන් ක්‍රමයක් දැන් තිබේ.. යුඑස්බි වයර්ලස් සෙකියුරිටි(USB Wirless security Lock) ලොක් කියා හදුන්වන මේ උපාංගය(Pc Lock USB Reccever) සම්බන්ධ කොට එය ක්‍රියාත්මක වන වැඩසටහන පලමුවෙනන් පරිගණකයට ඉන්ස්ට්‍රොල් කල යුතුය..ඉන් පසුව තමා ලග තබාගත යුතුය අනෙක් කොටස(Pc Lock Transmitter) සාක්කුවේ දමා ගන්නට හෝ යතුරු කැරැල්ලේ එල්ලා තබා ගන්නට පුලුවන..


දැන් එහි ඇති බොත්තම ඔබා මෙය ක්‍රියාත්මක කල විට පරිගණකයට මිටර් දේකක ලග ප්‍රදේශයක සිටින විට එය ක්‍රියාත්මකව තිබේ..පරිශිලයා පරිගණකයෙන් මිටර් දෙකක් ඈතට ගිය විට පරිගණකයට ඉබේ අගුලු වැටේ..පරිශිලයා ඇතට ගොස් නැවත කොම්පුටරය ලගට එන විට නැවතත් එය පණ ගැන්වේ..
මේ උපාංගයේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලොර්ඩ් කරන වෙලවේ මුරපදයක් (Password) අසයි..එය ලබා දි මතක තබා ගත යුතුය..මන්ද යම් හෙයකින් මේ උපාංගයේ තමා ලග අති කොටස නැති වුවහොත් නැවත පරිගණකයේ අගුළු අරින්නට උපකාරි වන්නේ මේ මුර පදය පමණි....

වයිරස් ගාර්ඩ් ගන්නවානම් මෙන්න බඩු (Kaspersky Internet Security 2010)


ලොකේ තියෙන ගොඩක් Internet Security
මෘදුකොංග අතරින් පලපු තැන රැදි සිටින්නේ Kaspersky Internet Security 2010 කිව්වොත් මා නිවැරදි..මේ ආරක්ෂක පද්ධතිය දැනට ලොකයේ ලක්ෂ ගානකට වඩා අධික පිරිසක් භාවිතයේ සිටිනවා..තවත් මේ මෘදුකොංගය ගැන කියානවානම් Kaspersky ආයතනය මගින් තවත් බොහෝ ආරක්ෂක මෘදුකොංග නිපදවලා තියෙනවා..

උදා: Kaspersky Antivirus Security ,Kaspersky mobile Security , Kaspersky mobile Internet Security...යන මෙවා ඔයුන්ගේ ආරක්ෂක මෘදුකොංග වලින් කිහිපයකි.

Kaspersky Internet Security 2010 වැනි මෘදුකාංගයක් අවුරුද්දක් (1 year) වැනි කාල සිමාවක් භාවිතය සදහා ලංකාවේ Rs:1800 වැනි මුදලකට අපට ලබාගත හැක..කෙසේ නමුත් මේම මෘදුකංගය ගොඩක් දෙනෙක් භාවිතා කිරිමට ඉතා කැමති උනත් තවත් කිහිප දෙනක් මේම මෘදුකාංගය භාවිතා කිරිමට අකමැත්ත ප්‍රකාශ කරයි..අකමැති විමට හේතුව ගැන කතා කරනවානම්..මම අහල තියෙන විදියට ගොඩක් මගේ මිතුරන් නම් කියන්නේ මේක භවිතා කරනකොට මැෂින් එක SLOW වෙනවා කියලා..මම එකට එකග වන්නේ නෑ මොකද මේ මෘදුකාංග යෙන් අපේ පරිගනකයේ දත්ත හුවමාරු කිරිමේ වේගය ඉහල දමනවා..SLOW විම ගැන කතා කරනවානම් එය විමට හේතුව වන්නේ,මේම මෘදුකාංගයට නියමිත පරිදි UPDATE එක නොලැබිම හෙතුවෙනි..මේම මෘදුකාංගයට දින 4කට වරක් UPDAT E එක දිමටයි නිපදවල තියෙන්නේ.. එත් අවම වශයෙන් මසකට වරක් වත් UPDATE කරනවානම් එයින් පරිගනකයේ වේගය අඩු විමේ දොෂය මග හරවා ගත හැක.


තවත් මේ මෘදුකංගයට අකමැති විම ගැන කියනවානම් LICENSE key නොමැති විමයි..එයට පිලියමක් වශයෙන් මම ඉදිරියෙදි ඔබලාට LICENSE key ලබා දෙන්නම්..ඔයලාට එවා හොර ක්‍රම මගින් පරිගනකයේ ආරක්ෂක පද්ධතියට අතුලත් කරගන්න හැටිත් මම ඔයලට කියලා දෙන්නම්.ඔයාලා ඉදිරියෙදි පරිගනකයේ දත්ත ආරක්ෂා කරගන්න කැමතිනම් Kaspersky Internet Security 2010 භාවිතා කරන්න..එය හොද තෙරිමක්දැයි නොසිතා අදම මෙම මෘදුකාංගය ඔබලගෙ පරිගනකට install කරගන්න.

කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..


කන්තොරුවලට වි පරිගණක වලීන් වැඩ කරන කොටි ගණන් වන ලෝකයා දැන් ලොකු අනතුරකට මුහුන් පා සිටි..හරි ඉරියව්වෙන් පුටුවේ වාඩි වි නොසිටිමත්..මේසය පුර ලිපි ලෙඛන වපුරා ගෙන අපිලිවෙලට වැඩ කිරිමත් නිසා ඔයුන්ගේ කොන්දේ සෞඛ්‍යය පිරිහි ගොසිනි..ජපානයේ නෙක් සමාගම හ මිට්සුබිෂි සාමගම,ඕපන් අරාගොනොමික්ස් සාමගම සමග එක්ව කල සමික්ෂණයකින් මේ බව හෙලි වි තිබේ..
ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රොගි තත්වයකට ගොදුරුව ඇති බවය..

පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..

ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් තත්වයෙන් පහසුවෙන් මිදෙන්නට පුලුවන.

* මේසය පිළිවේලට තාබාගන්න
* කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.
* වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.
* වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.
* එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.
* පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.

Friday, June 25, 2010

පරිගණක ක්‍රිඩාවේ යෙදියෙදි එම විඩියෝ දර්ශන පටිගත කරගන්න එක දැන් හරි ලෙසි..( FRAP V3.0.3_2. )


ඔන්න කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පරිගත කර ගන්නයි...ඇත්තම කියනවනම් මට මේ Software එක ගැන දැන ගත්තාම මමත් මේක බා ගත්තා...ඉට පස්සේ මාත් Game එකක් දා ගෙන මේ Software එකෙන් Video Record වෙන්න දාලා මම Game එක Play කරලා බැලුවා..ඔහොම විනාඩි 10 විතර ගියම මම Game එක Play කරන එක නතර කරලා ,Game එකේ විඩියො Record වෙලාද බැලුවා..මාර සින් එක කියන්නේ Game එකේ විඩියො Record වෙලා තියෙන්නේ තප්පර 13යි..දන්න කියන හැම Settings එකක්ම වෙනස් කරලා බැලුවා..එත් වැඩක් උනේ නැ..ඉට පස්සේ අයේ මම මේ Software එකේ අඩවියට ලොග් වෙලා බැලුවා..මෙන්න බොලේ මේ Software එකේ Full Setup එක ගන්න $37 ගෙවන්න ඔනෙලු..විඩියෝ Unlimited Record කරන්න..පුලුවන්ලු..

මට ඉතින් ඔවා ගන්න සල්ලි කොහෙන්ද...මම ඉතින් තව ටිකක් ජංජාලේ හොයලා බැලුවා මේ Software එකේ Crack එකවත් තියෙන්වද කියලා...එත් වැඩක් උනේ නැ..ඔහොම යනකොට FRAP Full setup කියලා තියෙන හැම එකම Downlord කරා එත් වැඩක් උනේ නැ...සමහර එවගේ Virus දාලත් එක්ක මේ Software එක කියලා...ඔහොම ජංජාලේ මම පිර පිර හොයනකොට මට හම්බුනා මේ Software එකේ FRAP V3.0.3_2. Full Rar කරපු File එක.. එක මම Downlord කරගෙන බැලුවා..වැඩේ ගොඩ මේක Full Setup එක තමා..එතකොට මට දැනුන සතුට අයේ කියලා වැඩක් නැ...ඉතින් මම ඒ සතුට පිටින්ම Software එකෙන් Game එක Record වෙන්න දාලා Game එක විනාඩි 10 ක් විතර play කරලා බැලුවා..

ඉට පස්සේ Game Record එක නවත්තලා බැලුවා..Full Record වේලදා කියලා..පිස්සු එකයි..ෆට්ටම ෆට්ට...විඩියෝ එක ගැනනම් අයේ කියලා වැඩක් නැ..නියමට තියෙනවා Full ම Record වේලා..එ වගෙම මේ Software එකෙන් Game විතරක් නේවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්..ඇත්තම කියනවනම් මේක පට්ට Software එකක්..ඉතින් ඔය්ලත් කැමතිනම් මේ Software එකට ඔයලාත් දැන්ම බාගෙන බලන්න කොහොමද කියලා..මම හිතනවා ඔයාලා මෙ software එකට කැමති වෙයි කියලා..

REFOG ( හොර වැඩ )


මේ REFOG කියන්නේ ප්‍රසිද්ධ Key logger එකක්.ඔයාලා දන්නවද Key logger එකක් කියන්නේ මොකක්ද කියලා.සාමන්‍යයෙන් Log එකක් කියන්නේ සටහනකටනේKey logger එකක් කියන්නේ Type කරන ඒවාවල සටහන් තියාගන්න Software එකක්.මේකෙන් කරන්න පුළුවන් වැඩනම් ගොඩයි
අපිට මේකෙන් පුළුවන් කාගෙ හරි Email address Password ඒක මොකක්ද කියලා බලාගන්න.තව පුළුවන් අපේ Computer එකේ අපි නැති අතර තුරේ මොකද වුනේ කියලා බලාගන්න.මේකෙන් හොර වැඩ කරන්නත් පුළුවන් හොර වැඩ අල්ලගන්නත් පුළුවන්.
REFOG Software එක Install කලාට පස්සේ කාටවත් පේන්නේ නෑ මෙහෙම Software එකක් Install කරලා තියෙනවා කියලා .REFOG Software එක Install කලාට පස්සේ Type කරපුවා ඔක්කොම මේකේ පෙන්නනවා.ඔයාට කාගේ හරි Email Address එකක Password එක බලාගන්න ඕනෙනම් එයාට REFOG දාපු Computer එකක Email Address එකට Log වෙන්න කියන්න.එතකොට ඔයාගේ Key logger එකේ ඒ Email එකට යටින් Password එක වැදිලා තියෙයි

සිංහල රොකට් ඩොක් එක !!


මේ විස්තරය නම් ‍අපි කවුරු කවුරුත් භාවිතාකර ඇති මෘදුකාංගයක් ගැන. ඒ RocketDock කියන අපේ ඩෙක්ස්ටොප් එකේ ලස්සනට භාවිතා කරන්න පුලුවන් ගැජට් එක. දැන් මේක සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පහල තියෙන රූපවල බලන්න. කොච්චර ආඩම්බරයක්ද මේ වගේ මෘදුකාංගයකට සිංහල එකතුකලා කියන එක.

* ඔයගොල්ලොත් දැන්ම මේ මෘදුකාංගය බාගතකරගන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න. (6.20 MB)
* මෙයට ඕනකරන System Requirements:
o Windows 2000/XP/Vista/7
o 500Mhz or faster CPU
o 10MB RAM free
* ඒ වගේම ක්‍රියා නොකරන මෙහෙයුම්පද්ධති‍.
o Windows XP x64 Edition
o Windows Vista 64-bit Editions
o Windows 7 64-bit Editions

දැන් සිංහල දාගන්න හැටි.

* පලමුව මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
* දැන් සිංහල යුනිකේත නොමැතිනම් ස්ථාපනය කරගන්න මෙතන ක්ලික් කරන්න.
* දැන් රොකට් ඩොක් එක ලැබුන පසු එහි රයිට් ක්ලික් කර Dock Settings ක්ලික් කරන්න.
* Language නම් ස්ථානයෙන් සිංහල තෝරාගෙන OK කරන්න.
* දැන් නැවතත් රොකට් ඩොක් මත රයිට් ක්ලික් කර බලන්න. එය සිංහල වී තිබෙනු ඇත !
* ඔබට අවශ්‍ය සියලු සැකසුම් දැන් විස්තර කිරීමට අවශ්‍ය නැත. සිංහලෙන් තිබෙන නිසා තේරුම් අරගෙන කරලා බලන්න.

Tuesday, June 15, 2010

පෙන් එක ‍රැම් එක කරගමු

මේ කියන්නේ වින්ඩොස් 7 තියන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරන ආකාරය ගැනනම් නොවේ.මේක වින්ඩෝස් XPතුලදී ඔබ භාවිතා කරන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරගැනීම සිදුකලහැකි ආකාරය ගැනයි.මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර එය පහත link එක මගින් එය Download කලගත හැක.

මෙය භාවිතා කිරීමටනම් පහත් සඳහන් පහසුකම් ඔබ සතුවියයුතුය.

* Windows Vista, Windows XP, Windows 2000*, Windows 2003 Server, Windows 2008 Server, Windows 7 RC(all 32 and 64 bit systems supported)
* USB 2.0 port version or memory card reader
* Flash drive or memory card with at least 2.5 MB/sec random read speed


බොහෝදුරට දැනට භාවිතයේ ඇති පරිගනක වල මෙම පහසුකම් පවතින බව මතක තබා ගන්න.මේකෙන් කරන්නේ පරිගනකයට සම්බන්ද කොට ඇති prn drive එක පරිගනකයේ ඇති ‍රැම් එකක් ලෙස පෙන්වීම හා පරිගනකයට අමතර ‍රැම් කාඩ් පතක් සවිකල විට ලැබෙන්නා වු වේගයට සමාන වේගයකින් පරිගනකය වේගවත් කිරීමයි

පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)


Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.

* Server PC එකක් ( P4 එකක් :) )
* Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා)

මේ server පරිගණකයක සදහා අපි යොදාගන්නේ සාමාන්‍ය Pentium 4 හෝ ඒ හා සමාන හෝ ඉහල පරිගණකයක්. මම යොදාගත්තේ Pentium 4 සහ 1 GB Ram තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි Network Card (NIC) 02 ක් යොදාගන්න ඕන. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනික Terminal සදහා සේවය ලබා දෙන්න. මම මේ Pentium 4 පරිගණකයෙන් Terminal 16 ක් කිසිම ගැටළුවක් නැතිව හොද වේගයකින් භාවිතා කරලා තියෙනවා.

Terminal පරිගණක සදහා අපිට පැරණි Pentium 1 හෝ 2 වැනි කුඩා පරිගණක යොදාගන්න පුළුවන්. මේ පරිගණක වලට Hard Disk, CD Drive ආදිය කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ Onboard Network card එකක් පමණයි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිගණක network එකෙන් boot කරන්න.

මේ පරිගණක ජාලගත කරන්න switch එකක් අවශ්‍යයි කියන එක ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ. :)

අපි මේ සදහා සුවිශේෂයෙන් සකස් කල Operating System එකක් භාවිතා කරනවා. මේ සදහා Fedora LTSP, Cent OS LTSP, Ubuntu LTSP ආදී ඕනම OS එකක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කලේ Cent OS LTSP එක. මේ OS එක මෙතනින් (http://www.k12ltsp.org/mediawiki/index.php/DownLoad) ගන්න පුළුවන්. DVD එක ගත්තොත් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වන මෘදුකාංග ගනනායක් සමග තමයි එන්නේ. මේ සමග Open Office සමග තවත් මෘදුකාංග ගනනාවක් ලැබෙනවා. ඇත්තටම කෙනෙකුට තම පරිගණක විද්‍යාගාරයක් තුළ භාවිතයට අවශ්‍ය මෘදුකාංග සියල්ලම වගේ මේ සමග එනවා කිව්වොත් නිවැරදියි.

ඔයාලා සාමාන්‍යයෙන් Linux, Ubuntu install කරනවා වගේ server පරිගණකයට මේ OS එක install කරන්න. ඊට පස්සේ eth0 වල settings මුකුත් වෙනස් කරන්නේ නැතිව eth1 වල settings internet යන්න අවශ්‍ය විදියට සකස් කරගන්න. දැන් දෙවන network card එකට (eth0) internet connection එක plug කරන්න. Eth0 එක network switch එකට plug කරන්න.

ඊලගට ඔබ මෙහිදී භාවිතා කිරීමට අදහස් කරන terminal ප්‍රමාණයට මෙම server තුළ user account සකස් කර ගන්න ඕන. මොකද මේ terminal පරිගණක සියල්ලම මෙම server පරිගණකයෙන් තමයි boot වෙන්නේ.

Terminal පරිගණක සියල්ලත් network switch එකට සම්බන්ධ කරන්න. එම පරිගණක network එකෙන් boot වෙන ආකාරයට සකස් කරන්න. මෙම පරිගණක boot කල පසු සියල්ලම server පරිගණකයෙන් boot වෙනවා. ඉන්පසු ඔබ server පරිගණකයේ සකස් කල එක් එක් user account මගින් මෙම එක් එක් terminal තුළින් login විය හැකියි.

මම පරිගණක 16 ක් server පරිගණකය සදහා P4 3.0, 1 GB Ram පරිගණකයක් භාවිතා කර ඉතාමත් සාර්ථකව හොද වේගයකින් යුතුව වැඩ කරලා තියෙනවා. මේ terminal පරිගණක 16 ම Open Office 3.0 වල ඇති packages එකවර භාවිතා කලත් වේගයේ අඩුවක් දැනෙන්න තිබුනේ නෑ. හොදට වැඩ කලා. :)

මෙහිදී ඔබ software maintain කල යුත්තේ එක් පරිගණකයක පමණයි. අනිත් පරිගණක එකකවත් software තබා Hard Disk එකක්වත් නැහැ. එම පරිගණක සදහා Pentium 1 පරිගණකයක් භාවිතා කලත් Dual Core පරිගණකයක් භාවිතා කලත් එකම දේ තමයි වෙන්නේ. වේගයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා මෙම terminal පරිගණක සදහා Pentium 1, 120 Mhz, 16 MB Ram පරිගණක තිබුනාම හොදටම ඇති. Hard Disk, CD Rom ආදිය මුකුත්ම ඕන නෑ. මේ පරිගණක වලින් server පරිගණකයේ ඇති අළුත්ම මෘදුකාංග ඒ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.

000webhost Scam|බිංදු තුනේ මහා බොරුව.


කවුරුත් දන්නව ඇතිනේ 000webhost කියන වෙබ් අඩවිය ගැන. මාත් ඔය අඩවියෙ කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා හිටිය. මේක හැටියට මම විසින් හදුනවාදෙන 20 දෙනකු වෙනුවෙන් $100 ගෙවනවා කියල තමා තිබුනෙ.ඉතින් මාත් වලින් banner එකක් මගේ බ්ලොග් අඩවියෙත් දාල තිබුන.කැමති කෙනෙක් register වේවිය කියල. කොහොම කොහොම හරි ටික දවසක් යනකොට මගේ Sing up ලිස්ට් එක 28 විතර උනා.මටත් ඉතින් හිතට ‍ෆිට්. මේකෙ හැටියට එක් ලියාපදිංචි වූවකු Active වීමට මාසයක පමන කාලයක් යනව.ඒ register වූවන්ගෙන් 15 දෙනෙක් පමන active ව තිබුන අතර තව 10 විතර තමා active වෙන්නතිබුනෙ. ඉතින් මාත් net යන හැම වෙලාවම මගේ ගිනුම ගිහින් බලනව තව කවුරුහරි එකතුවෙලා කියල.garupale

අද පොඩ්ඩක් net එකට ඔලුව දාපු වෙලාවෙ ඔය 000webhost පැත්තට ගිහින් බැලුව. ඒකෙ මගේ username හා passwoerd දෙන තැනට ගිහින් මගේ ගිනුමේ username හා password ලබාදී login යන්න එබූවිට සුලුමොහොතකින් මා ඇතුල්කල email එක හෝ password එක වැරදියයි කියල කියනව.

මත් මුලිනම හිතුන මම ඇතුල්කල තොරතුරු වැරදි ඇති කියල.ඒපාර Frogot Password යන්න මත ඔබා එහි මාගේ ඊමේල් ලිපිනය ඇතුල් කලා

ඔන්න එතකොට තමා දෙලෝ රත්වුනේ,



ඔය උඩින් තියෙන්නේ ඒ වෙලාවෙ ගතපු screen shot එකක්. ඒකෙ හැටියට මේ ඊමේල් ලිපිනයට කිසිදු ගිනුමක් නොතිබුන බව තමා කියවෙන්නෙ. මොනව කරන්නද,ඒ වෙලාවෙනම් මට හොද හොද වචන් මතක්වුනා....soal

මේ ලිපිය ලියන්න තවත් හේතුවක් වුනේ දැනට බොහෝ දෙනා මේ මගින් ලබාදෙන banner දාගෙන ඉන්නව මම දැකල තියන්ව.ඒ කට්ටිය මේ බනර් අයින්කරානම් හොදා,කාටත් මේ සෙතේම තමාgarupale

Xilisoft DVD Ripper Ultimate නොමිලේ… (Latest version)


ගොඩක් අය Xilisoft ගැන අහලා ඇති ඒ අයගේ mobile video converter එක නිසා. මෙන්න දැන් chance එකක් Xilisoft DVD Ripper Ultimate නොමිලේම ලබා ගන්න.

DVD වල files තියෙන්නෙ VOB format එකෙන් නිස ගොඩක් අයට කරදරයි DVD එකක් copy කරගෙන තියා ගන්න. මොකද file size එකත් ගොඩක් ලොකු නිසා. ඉතින් Xilisoft DVD Ripper එකෙන් අපිට පුලුවන් DVD එකක් අපිට ඕන format එකකට convert කර ගන්න. Fast and Easy… AVI, MPEG, WMV, DivX, MP4, H.264/MPEG-4 AVC, RM, MOV, XviD, සහ 3GP video formats වලටත් DVD audio එකක්නම් MP3, WMA, WAV, RA, M4A, AAC, AC3, සහ OGG audio formats වලටත් convert කර ගන්න පුලුවන් ගොඩාක් ලේසියෙන්.

ඒ වගේම මෙකෙ තියෙන් editor එකෙන් අපිට video එක ඕන තැන් වලින් කපාගෙන ඒව එකතු කරලා කැමති දෙයක් කරන්න පුලුවන්. watermark එකක් හරි subtitle track එකක් හරි වෙනත් soundtrack එකක් හරි ලේසියෙන්ම අඩ්ඩ් කරල ඔයාලට පුලුවන් ලස්සන video එකක් හදා ගන්න.

Xilisoft DVD Ripper Ultimate $55.95 ක් වෙනවා. නමුත් ටික දවසකට කලින් web site එකක promotion එකක් විදියට මේක free දුන්න. ඒ serial එක තාම වැඩ කරනවා. ඒ නිසා නොමිලෙම ලබා ගන්න පුලුවන්.

මේ site එකට ගිහින් download කරගන්න අලුත්ම version එක.

මෙන්න මේ serial එක දාල activate කර ගන්න.

http://sinhala.iroshan.com/xilisoft-dvd-ripper-serial