
කවුරුත් දන්නව ඇතිනේ 000webhost කියන වෙබ් අඩවිය ගැන. මාත් ඔය අඩවියෙ කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා හිටිය. මේක හැටියට මම විසින් හදුනවාදෙන 20 දෙනකු වෙනුවෙන් $100 ගෙවනවා කියල තමා තිබුනෙ.ඉතින් මාත් වලින් banner එකක් මගේ බ්ලොග් අඩවියෙත් දාල තිබුන.කැමති කෙනෙක් register වේවිය කියල. කොහොම කොහොම හරි ටික දවසක් යනකොට මගේ Sing up ලිස්ට් එක 28 විතර උනා.මටත් ඉතින් හිතට ෆිට්. මේකෙ හැටියට එක් ලියාපදිංචි වූවකු Active වීමට මාසයක පමන කාලයක් යනව.ඒ register වූවන්ගෙන් 15 දෙනෙක් පමන active ව තිබුන අතර තව 10 විතර තමා active වෙන්නතිබුනෙ. ඉතින් මාත් net යන හැම වෙලාවම මගේ ගිනුම ගිහින් බලනව තව කවුරුහරි එකතුවෙලා කියල.garupale
අද පොඩ්ඩක් net එකට ඔලුව දාපු වෙලාවෙ ඔය 000webhost පැත්තට ගිහින් බැලුව. ඒකෙ මගේ username හා passwoerd දෙන තැනට ගිහින් මගේ ගිනුමේ username හා password ලබාදී login යන්න එබූවිට සුලුමොහොතකින් මා ඇතුල්කල email එක හෝ password එක වැරදියයි කියල කියනව.
මත් මුලිනම හිතුන මම ඇතුල්කල තොරතුරු වැරදි ඇති කියල.ඒපාර Frogot Password යන්න මත ඔබා එහි මාගේ ඊමේල් ලිපිනය ඇතුල් කලා
ඔන්න එතකොට තමා දෙලෝ රත්වුනේ,
ඔය උඩින් තියෙන්නේ ඒ වෙලාවෙ ගතපු screen shot එකක්. ඒකෙ හැටියට මේ ඊමේල් ලිපිනයට කිසිදු ගිනුමක් නොතිබුන බව තමා කියවෙන්නෙ. මොනව කරන්නද,ඒ වෙලාවෙනම් මට හොද හොද වචන් මතක්වුනා....soal
මේ ලිපිය ලියන්න තවත් හේතුවක් වුනේ දැනට බොහෝ දෙනා මේ මගින් ලබාදෙන banner දාගෙන ඉන්නව මම දැකල තියන්ව.ඒ කට්ටිය මේ බනර් අයින්කරානම් හොදා,කාටත් මේ සෙතේම තමාgarupale
No comments:
Post a Comment