මේ කියන්නේ වින්ඩොස් 7 තියන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරන ආකාරය ගැනනම් නොවේ.මේක වින්ඩෝස් XPතුලදී ඔබ භාවිතා කරන පෙන් එක මගින් පරිගනකය වේගවත් කරගැනීම සිදුකලහැකි ආකාරය ගැනයි.මෙය ඉතා කුඩා මෘදුකාංගයක් වන අතර එය පහත link එක මගින් එය Download කලගත හැක.
මෙය භාවිතා කිරීමටනම් පහත් සඳහන් පහසුකම් ඔබ සතුවියයුතුය.
* Windows Vista, Windows XP, Windows 2000*, Windows 2003 Server, Windows 2008 Server, Windows 7 RC(all 32 and 64 bit systems supported)
* USB 2.0 port version or memory card reader
* Flash drive or memory card with at least 2.5 MB/sec random read speed
බොහෝදුරට දැනට භාවිතයේ ඇති පරිගනක වල මෙම පහසුකම් පවතින බව මතක තබා ගන්න.මේකෙන් කරන්නේ පරිගනකයට සම්බන්ද කොට ඇති prn drive එක පරිගනකයේ ඇති රැම් එකක් ලෙස පෙන්වීම හා පරිගනකයට අමතර රැම් කාඩ් පතක් සවිකල විට ලැබෙන්නා වු වේගයට සමාන වේගයකින් පරිගනකය වේගවත් කිරීමයි
If you could not read in "Sinhala Language" properly. Please download and install "Unicode" For Sinhala from http://www.siyabas.lk site freely..
Tuesday, June 15, 2010
පරණ පරිගණක වලට නැවත පණ දෙන්න LTSP (Linux Terminal Server Project)
Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.
මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය තුළ ප්‍රධාන පරිගණක වර්ග 02 ක් තියෙනවා.
* Server PC එකක් ( P4 එකක් :) )
* Terminal Pc’s (P1 හෝ P2 වගේ ඒවා)
මේ server පරිගණකයක සදහා අපි යොදාගන්නේ සාමාන්‍ය Pentium 4 හෝ ඒ හා සමාන හෝ ඉහල පරිගණකයක්. මම යොදාගත්තේ Pentium 4 සහ 1 GB Ram තියෙන පරිගණකයක්. මේ පරිගණකයකට අපි Network Card (NIC) 02 ක් යොදාගන්න ඕන. එකක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න. අනික Terminal සදහා සේවය ලබා දෙන්න. මම මේ Pentium 4 පරිගණකයෙන් Terminal 16 ක් කිසිම ගැටළුවක් නැතිව හොද වේගයකින් භාවිතා කරලා තියෙනවා.
Terminal පරිගණක සදහා අපිට පැරණි Pentium 1 හෝ 2 වැනි කුඩා පරිගණක යොදාගන්න පුළුවන්. මේ පරිගණක වලට Hard Disk, CD Drive ආදිය කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ Onboard Network card එකක් පමණයි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මේ පරිගණක network එකෙන් boot කරන්න.
මේ පරිගණක ජාලගත කරන්න switch එකක් අවශ්‍යයි කියන එක ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ. :)
අපි මේ සදහා සුවිශේෂයෙන් සකස් කල Operating System එකක් භාවිතා කරනවා. මේ සදහා Fedora LTSP, Cent OS LTSP, Ubuntu LTSP ආදී ඕනම OS එකක් භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කලේ Cent OS LTSP එක. මේ OS එක මෙතනින් (http://www.k12ltsp.org/mediawiki/index.php/DownLoad) ගන්න පුළුවන්. DVD එක ගත්තොත් සාමාන්‍යයෙන් පාසලකට අවශ්‍ය වන මෘදුකාංග ගනනායක් සමග තමයි එන්නේ. මේ සමග Open Office සමග තවත් මෘදුකාංග ගනනාවක් ලැබෙනවා. ඇත්තටම කෙනෙකුට තම පරිගණක විද්‍යාගාරයක් තුළ භාවිතයට අවශ්‍ය මෘදුකාංග සියල්ලම වගේ මේ සමග එනවා කිව්වොත් නිවැරදියි.
ඔයාලා සාමාන්‍යයෙන් Linux, Ubuntu install කරනවා වගේ server පරිගණකයට මේ OS එක install කරන්න. ඊට පස්සේ eth0 වල settings මුකුත් වෙනස් කරන්නේ නැතිව eth1 වල settings internet යන්න අවශ්‍ය විදියට සකස් කරගන්න. දැන් දෙවන network card එකට (eth0) internet connection එක plug කරන්න. Eth0 එක network switch එකට plug කරන්න.
ඊලගට ඔබ මෙහිදී භාවිතා කිරීමට අදහස් කරන terminal ප්‍රමාණයට මෙම server තුළ user account සකස් කර ගන්න ඕන. මොකද මේ terminal පරිගණක සියල්ලම මෙම server පරිගණකයෙන් තමයි boot වෙන්නේ.
Terminal පරිගණක සියල්ලත් network switch එකට සම්බන්ධ කරන්න. එම පරිගණක network එකෙන් boot වෙන ආකාරයට සකස් කරන්න. මෙම පරිගණක boot කල පසු සියල්ලම server පරිගණකයෙන් boot වෙනවා. ඉන්පසු ඔබ server පරිගණකයේ සකස් කල එක් එක් user account මගින් මෙම එක් එක් terminal තුළින් login විය හැකියි.
මම පරිගණක 16 ක් server පරිගණකය සදහා P4 3.0, 1 GB Ram පරිගණකයක් භාවිතා කර ඉතාමත් සාර්ථකව හොද වේගයකින් යුතුව වැඩ කරලා තියෙනවා. මේ terminal පරිගණක 16 ම Open Office 3.0 වල ඇති packages එකවර භාවිතා කලත් වේගයේ අඩුවක් දැනෙන්න තිබුනේ නෑ. හොදට වැඩ කලා. :)
මෙහිදී ඔබ software maintain කල යුත්තේ එක් පරිගණකයක පමණයි. අනිත් පරිගණක එකකවත් software තබා Hard Disk එකක්වත් නැහැ. එම පරිගණක සදහා Pentium 1 පරිගණකයක් භාවිතා කලත් Dual Core පරිගණකයක් භාවිතා කලත් එකම දේ තමයි වෙන්නේ. වේගයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඒ නිසා මෙම terminal පරිගණක සදහා Pentium 1, 120 Mhz, 16 MB Ram පරිගණක තිබුනාම හොදටම ඇති. Hard Disk, CD Rom ආදිය මුකුත්ම ඕන නෑ. මේ පරිගණක වලින් server පරිගණකයේ ඇති අළුත්ම මෘදුකාංග ඒ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්.
000webhost Scam|බිංදු තුනේ මහා බොරුව.

කවුරුත් දන්නව ඇතිනේ 000webhost කියන වෙබ් අඩවිය ගැන. මාත් ඔය අඩවියෙ කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා හිටිය. මේක හැටියට මම විසින් හදුනවාදෙන 20 දෙනකු වෙනුවෙන් $100 ගෙවනවා කියල තමා තිබුනෙ.ඉතින් මාත් වලින් banner එකක් මගේ බ්ලොග් අඩවියෙත් දාල තිබුන.කැමති කෙනෙක් register වේවිය කියල. කොහොම කොහොම හරි ටික දවසක් යනකොට මගේ Sing up ලිස්ට් එක 28 විතර උනා.මටත් ඉතින් හිතට ෆිට්. මේකෙ හැටියට එක් ලියාපදිංචි වූවකු Active වීමට මාසයක පමන කාලයක් යනව.ඒ register වූවන්ගෙන් 15 දෙනෙක් පමන active ව තිබුන අතර තව 10 විතර තමා active වෙන්නතිබුනෙ. ඉතින් මාත් net යන හැම වෙලාවම මගේ ගිනුම ගිහින් බලනව තව කවුරුහරි එකතුවෙලා කියල.garupale
අද පොඩ්ඩක් net එකට ඔලුව දාපු වෙලාවෙ ඔය 000webhost පැත්තට ගිහින් බැලුව. ඒකෙ මගේ username හා passwoerd දෙන තැනට ගිහින් මගේ ගිනුමේ username හා password ලබාදී login යන්න එබූවිට සුලුමොහොතකින් මා ඇතුල්කල email එක හෝ password එක වැරදියයි කියල කියනව.
මත් මුලිනම හිතුන මම ඇතුල්කල තොරතුරු වැරදි ඇති කියල.ඒපාර Frogot Password යන්න මත ඔබා එහි මාගේ ඊමේල් ලිපිනය ඇතුල් කලා
ඔන්න එතකොට තමා දෙලෝ රත්වුනේ,
ඔය උඩින් තියෙන්නේ ඒ වෙලාවෙ ගතපු screen shot එකක්. ඒකෙ හැටියට මේ ඊමේල් ලිපිනයට කිසිදු ගිනුමක් නොතිබුන බව තමා කියවෙන්නෙ. මොනව කරන්නද,ඒ වෙලාවෙනම් මට හොද හොද වචන් මතක්වුනා....soal
මේ ලිපිය ලියන්න තවත් හේතුවක් වුනේ දැනට බොහෝ දෙනා මේ මගින් ලබාදෙන banner දාගෙන ඉන්නව මම දැකල තියන්ව.ඒ කට්ටිය මේ බනර් අයින්කරානම් හොදා,කාටත් මේ සෙතේම තමාgarupale
Xilisoft DVD Ripper Ultimate නොමිලේ… (Latest version)

ගොඩක් අය Xilisoft ගැන අහලා ඇති ඒ අයගේ mobile video converter එක නිසා. මෙන්න දැන් chance එකක් Xilisoft DVD Ripper Ultimate නොමිලේම ලබා ගන්න.
DVD වල files තියෙන්නෙ VOB format එකෙන් නිස ගොඩක් අයට කරදරයි DVD එකක් copy කරගෙන තියා ගන්න. මොකද file size එකත් ගොඩක් ලොකු නිසා. ඉතින් Xilisoft DVD Ripper එකෙන් අපිට පුලුවන් DVD එකක් අපිට ඕන format එකකට convert කර ගන්න. Fast and Easy… AVI, MPEG, WMV, DivX, MP4, H.264/MPEG-4 AVC, RM, MOV, XviD, සහ 3GP video formats වලටත් DVD audio එකක්නම් MP3, WMA, WAV, RA, M4A, AAC, AC3, සහ OGG audio formats වලටත් convert කර ගන්න පුලුවන් ගොඩාක් ලේසියෙන්.
ඒ වගේම මෙකෙ තියෙන් editor එකෙන් අපිට video එක ඕන තැන් වලින් කපාගෙන ඒව එකතු කරලා කැමති දෙයක් කරන්න පුලුවන්. watermark එකක් හරි subtitle track එකක් හරි වෙනත් soundtrack එකක් හරි ලේසියෙන්ම අඩ්ඩ් කරල ඔයාලට පුලුවන් ලස්සන video එකක් හදා ගන්න.
Xilisoft DVD Ripper Ultimate $55.95 ක් වෙනවා. නමුත් ටික දවසකට කලින් web site එකක promotion එකක් විදියට මේක free දුන්න. ඒ serial එක තාම වැඩ කරනවා. ඒ නිසා නොමිලෙම ලබා ගන්න පුලුවන්.
මේ site එකට ගිහින් download කරගන්න අලුත්ම version එක.
මෙන්න මේ serial එක දාල activate කර ගන්න.
http://sinhala.iroshan.com/xilisoft-dvd-ripper-serial
Thursday, May 20, 2010
DiskDigger (වැලලුන දේවල් ගොඩගන්න සවල)
DiskDigger ගැන:-
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,ගොඩක්කල් ඔයාලාට අලුත් දෙයක් දෙන්න බැරිවුනාට.
අද මම ඔයාලට දෙන්නේ ඔයාලාට ගොඩක් ඕන වෙන Software එකක් මේකෙ නම තමයි DiskDigger මේකෙන් පුළුවන් Delete කරපු Files ආපහු තිබ්බ විදිහටම ලබාගන්න.මේකෙන් Images ,Videos ,Musics,වගේ ඒවා නැවත ලබාගන්න පුළුවන්.මේක මඟින්Pen Drive,Memory Card,I pod,වගේ දේවල් වලින් Delete කරපු ඒවත් හොයාගන්න පුළුවන්.Install කරන්න දෙයකුත් නෑ වැඩිය ඉඩ යන්නෙත් නෑ.කොටින්ම කිව්වොත් 2MB වලටත් වඩා අඩුයි.තව අනිත් ඒවා වගේ පැයගනන් Search කර කර ඉන්න ඕනෙත් නෑ පටස්! ගාලා හොයල දෙනවා
ඔයා වැරදිලා Delete කරපු ඒවා නැවත ලබාගන්න,ඔයාගෙ අතින් සිද්දවෙච්ච වැරැද්ද හරිගස්සන්න වගේ ඒවට DiskDigger ඔයාට උදව්කරයි.
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,ගොඩක්කල් ඔයාලාට අලුත් දෙයක් දෙන්න බැරිවුනාට.
අද මම ඔයාලට දෙන්නේ ඔයාලාට ගොඩක් ඕන වෙන Software එකක් මේකෙ නම තමයි DiskDigger මේකෙන් පුළුවන් Delete කරපු Files ආපහු තිබ්බ විදිහටම ලබාගන්න.මේකෙන් Images ,Videos ,Musics,වගේ ඒවා නැවත ලබාගන්න පුළුවන්.මේක මඟින්Pen Drive,Memory Card,I pod,වගේ දේවල් වලින් Delete කරපු ඒවත් හොයාගන්න පුළුවන්.Install කරන්න දෙයකුත් නෑ වැඩිය ඉඩ යන්නෙත් නෑ.කොටින්ම කිව්වොත් 2MB වලටත් වඩා අඩුයි.තව අනිත් ඒවා වගේ පැයගනන් Search කර කර ඉන්න ඕනෙත් නෑ පටස්! ගාලා හොයල දෙනවා
ඔයා වැරදිලා Delete කරපු ඒවා නැවත ලබාගන්න,ඔයාගෙ අතින් සිද්දවෙච්ච වැරැද්ද හරිගස්සන්න වගේ ඒවට DiskDigger ඔයාට උදව්කරයි.
Sunday, May 16, 2010
Online TV බලන්න FreeZ Online TV මෘදුකාංගය
Windows 7 මෙහෙයුම් පද්ධතිය

Microsoft සමාගම සිය ප්‍රධාන නිපැයුම වන වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ මීළග සංස්කරණය වන Windows 7 මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් නිකුත්කරන දිනය වන්නෙ ඔක්තොබර් 22 යි . මෙහි beta සංස්කරණය පෙබරවාරි මස නිකුත් වූ අතර Release Candidate (RC) සංස්කරණය මැයි මස නිකුත් විය . beta සංස්කරණය ඉදිරි සතියේදී කල් ඉකුත්( expire ) වන අතර Release Candidate (RC) සංස්කරණය අගොස්තු 15 දක්වා නොමිලේ ඩවුන්ලොඩ් කිරීමට පුළුවන .Windows 7 මෙහෙයුම් පද්ධතිය සංස්කරණ 6 කින් නිකුත්වීමට නියමිතයි . ඒවා නම් OEM ( Starter Edition ), Home Basic, Home Premium, Professional, Enterprise හා Ultimate යන සංස්කරණයි .
Windows 7 Starter Edition
Windows 7 Starter Edition සංස්කරණය වෙළෙදපොළ හා netbook ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද්දක්. මෙහිදී පරිශීලකයාට එකවර ක්රි යාකරවිය හැක්කෙ applications 3 ක් පමණයි . නමුත් පරිශීලක අතුරු මුහුනත (user interface ) හා අනෙකුත් බොහෝමයක් පහසුකම් Windows 7 හි සියළුම සංස්කරණ හා සමානයි .
පහත දැක්වෙන ඒවා සිංහලට පරිවර්ථනය අපහසු බැවින් ඉංග්‍රිසි භාෂාවෙන්ම තබා ඇත .
Windows 7 Home Basic
Windows 7 Home Basic සංස්කරණය මුලිකවම Vista's Media Center සංස්කරණයට සමානවන්නක් වන අතර මෙහිදී පරිශීලකයාට එකවර ක්‍රියාකරවිය හැක්කෙ applications ඔනෑම ප්‍රමානයක් ක්‍රියාකරවිය හැකියි . එහෙත් පරිශීලක අතුරු මුහුනතේ (user interface ) ඉඩ වැඩි කිරීමක් සිදුකර තිබෙනවා . ඒ live thumbnail previews and 'enhanced visual experience මගින් . අමතරව Windows 7 Home Basic සංස්කරණය දියුණු ජාලගත (advanced networking ) කිරීමේ පහසුකම් සලසා තිබෙනවා. ඒ wireless ක්‍රමයටත් වඩා අන්තර්ජාල සම්බන්ධතාව හුවමාරු කිරීමට පහසුකම් සළසමින් හා Mobility Center (power management for laptops ) පහසුකම් සමගින් .
Windows 7 Home Premium
The Home Premium (HP) version will bring all the visual goodies of Windows 7 like the Aero Glass UI and the advanced window navigation. Besides touch screen implementations (handwriting recognition, multitouch), the Home Premium edition also brings improved media format support and enhancements to Windows Media Center and media streaming.
Windows 7 Professional
The Professional edition of Windows 7 brings along more security and networking features like the Encrypting File System, advanced network backup and joining managed networks with Domain Join. Also, the Pro version supports location-aware printing.
Windows 7 Enterprise and Windows 7 Ultimate
Whether you're a home user or a business, the Enterprise and Ultimate editions (probably differentiated by price in the end) will bring a similar set of advanced features like bit Locker data protection for internal and external drives, Direct Access for corporate networking based on Windows Server 2008 R2, and will lock unauthorized software from running with AppLocker.
Windows 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට අවම වශයෙන් පහත අවම අවශ්‍යතා තිබ්ය යුතුයි
1GHz or faster 32-bit (x86) or 64-bit (x64) processor
1GB RAM (32-bit) / 2GB RAM (64-bit)
16GB available disk space (32-bit) / 20GB (64-bit)
DirectX 9 graphics processor with WDDM 1.0 or higher driver
Windows 7 මෙහෙයුම් පද්ධතිය පරිගණකය තුල ස්ථාපිත කිරීමට අවම අවශ්‍යතා සෙවීමට Microsoft සමාගම Windows 7 Upgrade Advisor නමින් වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා . download කිරීමට මෙය මත Click කරන්න . නැතහොත් වෙබ් පිටුවට පිවිසීමට මෙය මත Click කරන්න
Windows XP භාවිතා කරන්නන්ට Windows XP සිට Windows 7 වෙත upgrade කිරීමට නොහැකියි. ඒ Windows 7 64 –bit හාවිතා කරන බැවින් ( Windows XP 32 –bit හාවිතා කරයි )
කොහොම නමුත් මේ වන විටත් Windows 7 මෙහෙයුම් පද්ධතිය අන්තර්ඡාලය තුලින් පෙර ඇනවුම් කිරීමේ සහසුකමි මේ වන විටත් පහත් සදහන් ආයතන විසින් සලසා තිබෙනවා .
Amazon, Best Buy, Costco, Fry's Electronics, Office Depot, Office Max, Sam's Club, Staples, Tiger Direct, Wal-Mart, NewEgg. In Canada, Staples, Future Shop, Best Buy, London Drugs,
http://windows.microsoft.com/en-US/windows7/products/features වෙබ් පිටුවට පිවිසීමෙන් Windows 7 මෙහෙයුම් පද්ධතියේ පහසුකම් පිළිබද තොරතුරු සොයාගත හැකියි .
Subscribe to:
Posts (Atom)
