Welcome to Devinda's Blogspot

Sunday, May 9, 2010

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

මොබිටෙල් වේගය

මොබිටෙල් වේගය

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද මෙන්න ‍එකපාර මොඩම් එකෙ නිල්පාට ලයි‍ට් එක පත්තු උනා. සිගනල් 1ක් විතර යන්තම් එනව 3G.

සංඥා අඩුවිට වේගය

දැන් 3G ත් තියන නිසා අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රිය කරල ගත්ත යන්න කියල අන්තර්ජාලයට. ඒපාර එකපාර ‍හොද වේගයක් ඇවිත් ටිකකින ඩවුන්ලෝඩ් නැතිව ගියා. බලද්දි සිග්නල් අවුලක්. ඒපාර USB වයරයක් අරන් එල්ලුව මොඩම් එක ජනේලයේ. ඒපාරනම් ඉස්සෙල්ලාට වාඩා සංඥා‍ තියනව. ආයෙ බලද්දි ඩයලොග් සයි‍ට් එකට ගියාට අනිත්ව හිටපු ගමන් තමා ලෝඩ් වෙන්නෙ. කැඩි කැඩි. වෙනස්කලා DNS ගූගල් වලට.ඒපාර නියමෙට වැඩ කරනව. හොද වේගයක් ආව.

SpeedTest

SpeedTest

ස්පීඩ් ටෙස්ට් දෙකක් දාල තව වෙලා තිබ්බ නිසා දැම්ම තිබ්බ ඩවුන්ලෝඩ් එකක්. ඒකත් හොද වේගයකින් බෑවෙනව. මොබිටෙල්ලගෙ මෙහෙම වේගයකු ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර කීප පාරක්.

IDM Download Speed around 258KBps

IDM Download Speed around 134KBps

වේබ් අඩවිත් හොද වේගයකින් ලෝඩ් වෙනව. බැරිම තැන මොබිටෙල් එක විසන්ධි කලාට මම හිතුවෙ වෙන ටෙලිකොම් ඇර වෙන විකල්පයක් නැතිව ඇති කියල. ඒත් දැන් ඩයලොග් තියන නිසා කේස් එකක් නෑ. ඉස්සසර තිබ්බෙ නැති ටවර් එකකින් දැන් සිග්නල් එ‍න්නෙ. මොබිටෙල්ල ටවර් එකක් ගහල අහන හැමදාම ඉක්මනට ඒකට 3G දෙන්නම් කීවට තාම නෑ. ඒත් ලග පාත තියන ඩයලොග් ඒවගෙ තියනව. ඉස්සර ඒ කියන්නෙ අවුරුද්දකට විතර කලින් කුරුණෑගලික් කිලෝමීටරයක් ගියහම 3G නෑ මේ පැත්ත‍ට. ඒත් දැන් හොදා. ගන්න ඕනෙ ඉක්මනට ඩයලොග්ලගෙ පැකේජ් එකක්. මොබිටෙල්ලට වඩා‍ වේගය හහොද උනාට ගාත් පොඩ්ඩක් වැඩී තමා. මෙහාට එයාටෙල් කොහොමත් නෑනෙ 3G

Technical Glossary

This is an extension of my previous article Shortfoms of communication. This time you will see a technical terms & abbrevations also referred as glossary. This is an effort to consolidate some of the technical shortforms that we come accross. Almost all these terms are related to project management and other terms related to software industry.


AD - Activity Description
ADM - Arrow Diagramming method
ADSL - Advanced Digital Subscriber Line

BAC - Budget On Completion
BIOS - Basic Input/Output System
Blog - web log. Just like this one
BMP - BitMaP - A windows file format to store images.
BRM -Build and Release Management

CDM - Conceptual Data Model
COQ - Cost Of Quality
CPM - Critical Path Method
CPI - Cost Performance Index
CR - Change Request
CSS - Cascaded Style sheets
CSV - Comma Seperated Values

DB - DataBase
DBMS - DataBase Management System
DFD - Data Flow Diagram
DHCP - Dynamic Host Configuration Protocol
DNS - Domain Name System.
DSL - Digital Subscriber Line.
DVD - Digital Versatile Disc or Digital Video Disc

EDD - External Design Document
ER(Diagram) - Entiry Relationship Diagram
ERP - Enterprice Resource Planning
FTP - File Transfer Protocol

GIF - Graphics Interchange Format - One of the earliest image formats
GPL - GNU General Public License

HTML - HyperText Markup Language
HTTP - HyperText Transfer Protocol

IT - Information Technology
JAD - Joint Application Design

LDD - Local Delivery Desk
LTV - Loan To Value

MCAD - Microsoft Certified Application Developer
MCP - Microsoft Certified Professional
MCSD - Microsoft Certified Solutions Developer - a Certificaiton by Microsoft

OOPS - Object Oriented Programming System

PERT - Program Evaluation & Review Technique
PMI - Project Management Institue
PHP - PHP Preprocessed Hypertext programming ??

PL - Project Lead
PMI - Project Management Institue
PMP - Project Management Professional
PR - Permanet Resident (US)
PR - Page Rank (Google)
PR - Public Relations (Marketing)

RAD - Rapid Application Development
RDBMS - Relational Database Management System

SAM- Security accounts Manager
SSAD - Structured System Analysis and Design
SOW - Statement Of Work

TBD - To be done
TDD - Technical Design Document
TL - Team Lead
TPM - Thought process Map

UML - Unified Modeling Language

WBS - Work Breakdown Structure.

Saturday, May 8, 2010

Windows Genuine Error එක ඉවත් කරන්නේ මෙහෙමයි......


මොනව උනත් අපි තාම Use කරන්නේ windows Pirate කොපි නේ..... ඉතින් අන්තර්ජාලයේ සැරි සරන කොට Microsoft ලා අපේ පරිගණකයට රිංගලා බලනවා අපි පාවිච්චි කරන්නේ Original OS ද කියලා ඒගොල්ලො එක කරන්නේ ඔබේ පරිගනකයට Automatic Updates දෙන විදිහට ඉතිං අ‍පිත් බලන්නේ නිකං දෙන ඔනම දෙයක් ගන්නනේ.. ඒ හින්ද අපි නිකංම අහුවෙනවා එහෙම අමාරුවෙ වැටුනු ඕගොල්ලන්ට ලේසියෙන් බේරෙන්න විදිහක් තමයි මේ..

Start--> Run
Type 'regedit'
click edit---> select find
type wgalogon and click find
right click on 'wgalogon' named folder appeard in left side tree structure--> select Delete
Then Restart ur computer

අනේ අපොයි....

ඔන්න ඔයාලට හැකියාවක් නැතත් Supper Star කෙනෙක් වෙන්න අවස්ථාවක්....

ඉක්මන් කරන්න....
පළමු 200 පමණයි.....
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ....

One of My Favorite Film....

A Walk to Remember
Directed by Adam Shankman
Produced by Denise Di Novi
Hunt Lowry
Written by Nicholas Sparks (novel)
Karen Janszen (screenplay)
Starring Shane West
Mandy Moore
Music by Mervyn Warren
Cinematography Julio Macat
Editing by Emma E. Hickox
Distributed by Warner Bros. Pictures
Release date(s) January 23, 2002 (2002-01-23)
Running time 102 mins
Country USA
Language English
Budget $11,800,000
Gross revenue $47,494,916

A Walk to Remember is a 2002 romance film based on the 1999 romance novel with the same name by Nicholas Sparks. The movie stars Shane West and pop singer/actress Mandy Moore. The movie was directed by Adam Shankman and produced by Denise DiNovi and Hunt Lowry for Warner Bros. The novel, written by Sparks, is set in the 1950s while the film is set in 1998.

ඇයි මම......


Arthur Robert Ashe.....

ඇමරිකානු විවෘත ටෙනිස් සූරතාවය දිනූ පළමු කළු ජාතිකයා.....

ඒවගේම 1975 දී විම්බල්ඩන් සූරතාවයද දිනා ඇති මේ මිනිසා 1983 දී ඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා ශල්‍යකර්මයක් අතරතුරදී....

මොහු මිය යනවා 1993 පෙබරවාරි 6 වනදා......

ඔහු රෝගයෙන් පීඩා විඳිමින් සිටිනා අතරතුර ඔහුගේ ක්‍රීඩාලෝලියෙක් ලිපියකින් අසනවා මෙවැන්නක්...

"ඇයි දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්තේ මේ දෙයට....."

ආතර් පිළිතුරු ලිපියක් යවනවා මේ ලෙසට....

"මුළු ලෝකෙන්ම මිලියන 50ක් පමණ දෙනා ටෙනිස් ක්‍රීඩාවට යොමුවෙනවා ළමා වියේදීම.
එයින් ලක්ෂ 50ක් පමණ පිරිසක් නිවැරදි ලෙස ක්‍රිඩා කරන්න ඉගනගන්නවා.
එම පිරිසෙනුත් ලක්ෂ 5ක් පමණ දෙනා වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන් බවට පත්වෙනවා.
එයින් 50,000ක් පමණ පිරිසක් ප්‍රධාන තරඟමාලාවන් සඳහා සහභාගිවෙනවා.
5,000ක් පමණ ග්‍රෑන්ඩ්ස්ලෑම් දක්වා පැමිණෙනවා.
එයින් 50ක් විම්බල්ඩන් තරඟවලට ක්‍රීඩා කරන අතර 4 දෙනෙක් අර්ධ අවසන් වටයට තේරෙනවා.
දෙදෙනෙක් අවසන් තරඟයට මුහුණදී එයින් එක්කෙනෙක් පමණයි ජයගන්නේ.
ඒකෙනා තමයි මම.....

ඉතිං සූරතාවය මම ලබාගත්තා.....

මම කවදාවත් ඇහැව්වේ නෑ දෙවියන් වහන්සේගෙන්,

ඇයි මම කියලා....."

ලංකාවේ අන්තර්ජාල ෆෝබියාව නිල වශයෙන් ලියාපදිංචි වේ | Sri Lanka’s Internet Phobia Officially

ලංකාව පුරාම සාමාන්‍යයෙන් අත්දකින්න පුලුවන් පොදු මානසික තත්වයක් නම් කරන්න කියලා කිව්වොත් අනිවාර්යයෙන් කියන්න පුලුවන් දෙයක් තමයි ෆෝබියාව. අපේ මිනිස්සු බය නැති දෙයක් නැති තරම්. ඒ කාලේ ඉඳන් මහසෝනට, ගරා යකාට බයයි. පස්සේ අනිත් ලාංකික කොට්ඨාශ වලට, විශේෂයෙන්ම දෙමළට බයයි. මෑත කාලේ වෙනකොට ඔය බය අප්‍රාණික දේවලටත් ආදේශ කලා. රේඩියෝවට, රූපවාහිනියට වගේ මිනිස්සු බය වෙලා හිටිය කාලයක් තිබුනා. එක අතකින් මේ බය සාධාරණයි කියන්න පුලුවන්. රේඩියෝ, රූපවාහිනී වලින් සිදුවිය යුතු දේ වෙනුවට ඒවා ධනවාදයේ ප්‍රධාන ආයුධ කර ගත්තාම මිනිස්සු බය වෙන එක පුදුමයක් නෙවෙයි.

අපිට වඩාත්ම මේ දවස් වල දැනෙන බය තමයි අන්තර්ජාල ෆෝබියාව. මේක පටන් ගන්නේ ඉතාමත් අහිංසක විදියට. මට දැනෙන විදියට මුලින්ම අන්තර්ජාල බය එළියට පනින්නේ අසැබි අඩවි තහනම් කිරීමෙන්. තමන්ගේ ළමයි ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ගෙන යනවා කියලා දැකපු, ඒ ගැන කිසිවක් කර ගන්න අසමත් දෙමව්පියො මේක අනුමත කලා. නමුත් මේ තහනම රජයේ තවත් එක නාට්‍යයක් කියන එක දන්න අය දන්නවා. මොකද තාමත් ළමයි අසැබි අඩවි වලට යනවා. එහෙම බැලුවොත් ගහපු පදයකුත් නැහැ. නැති වුණ පලුව මොකද්ද?

නැතිවුනේ අපේ නිදහස. “ආ ඔන්න ඕක තහනම් කරන්න” කියලා අපි අවසරය දුන්න තැන ඉඳන් අපි අපිටම දම්වැල් බැඳගත්තා. සමාජයට වැඩක් නෑ කියන ගොඩට දාන ඕනෙම දෙයක් තහනම් කරන්න කියලා අපි අනුමත කලා. නමුත් අපිට කවදාවත් හිතුනේ නැහැ නේද කොහොමද ඒ ගොඩ අර්ථ දක්වන්නේ කියලා නේද?

තොත්ත බබා‍ලා නොවෙන ඕනෙම කෙනෙක් දන්නවා මේ ගොඩ ගෙවුණ අවුරුදු කිහිපය තුලත් ගෙවෙන්න තියෙන අවුරුදු කිහිපය තුලත් අර්ථ දැක්වෙන්නෙ කොහොමද කියලා. පස්සේ රජයට විරුද්ධ වෙන ඕනෙම කෙනෙක් අර ගොඩට වැටෙද්දිවත් අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ. අපි තව දුරටත් ඒක අනුමත කලා. අසැබි නොවන ප්‍රවෘත්ති වෙබ් අඩවිත් තහනම් වෙනකොට අපේ ඇස් ඇරුණේ නැහැ.

පහුගිය කාලෙ ඇතුලත මැරුම් කාපු, ගුටි කාපු, හිංසා විඳපු අයට එහෙම වුනේ ඇයි කියන එක අපි වැඩිය හිතන්න ගියේ නැහැ. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ යුද්ධ ටැංකි පෙන්න පෙන්න අපිට කිව්වේ ඒ අය රටට ද්‍රෝහි වුණා කියලා. “අහ් එහෙනම් ගහන්නම තමා තියෙන්නේ” අපිත් හිතුවා. හැබැයි ද්‍රෝහි වෙන්නෙ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ.

යුද්ධය පටන් ගත්ත කාලයේ ඉඳන් සිංහලයො ඇහුවේ රජයෙන් දෙසාබාන පට්ටපල් බොරු. දෙමලු ඇහුවේ කොටින්ගෙ පට්ටපල් බොරු. මේ බොරුවටම ඉපදිච්ච පරම්පරා දැන් උස්මහත් වෙලා. දැන් දෙපැත්තෙ රීරි මාංශෙ උරා බොන්න දෙපැත්තම ලෑස්තියි. ඒකට තියෙන තනි වචනෙ තමයි ජාතිවාදය. කොටින්ම කිව්වොත් ඒ කාලේ ඉඳන් අපි පක්ෂපාතී කොන්ද පණනැති සෙවල මාධ්‍ය වලින් බිහි කලේ ජාතිවාදී සමාජයක්. ඒක අදටත් පැහැදිලියි.

නූතන සමාජයක් ඇතුලේ අපිට අපේම කියලා ප්‍රකාශනයක් නිදහසේ කරන්න තිබුනේ අන්තර්ජාලය තුල විතරයි. පත්තර, රූපවාහිනී වගේ සාම්ප්‍රදායික මාධ්‍ය තනිකරම ධනවාදයේ කුණාටුවට ගහගෙන යනකොට නිදහසේ නොහෙල්ලී හිටිය එකම දේ අන්තර්ජාලය. අපි ඒක ඇතුලේ අරගල කලා. ඒක මිනිස්සු අතරට ගියා. පහුගිය ජනාධිපතිවරණය කාලෙදි මේක අපිට හොඳට දැනුනා. මිනිස්සු රූපවාහිනියට වැඩිය වෙබ් අඩවි වලට යොමු වීම වැඩි වුණා.

ඒක රජයටත් දැනුනා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයෙන් මාසයක් ඇතුලත අපේ රටට චීන්නු ගොඩබහින්නේ. LankaeNews වගේ වෙබ් අඩවි වැහෙන එක ඊටත් කලින් ඉඳන් තිබුන දෙයක්. ටැමිල්නෙට් වැහුනේ ඊටත් කලින්. හරි. ටැමිල්නෙට් කොටි කියමු. එතකොට LankaeNews කොටි ද? ජනා‍ධිපතිවරණය කා‍ලයෙදි වැහුණ වෙබ් අඩවිත් කොටි ද? එහෙම බැලුවොත් කොටි සහමුලින්ම පරාජය වෙලා නැහැ. සරත් කොටි එක්ක එකතු වෙලා!!! (පරණ ගීතය නැවතත්)

පරණ අක්‍රීය මාධ්‍යයන්ට විකල්පයක් විදියට තිබුනේ අන්තර්ජාලය. ඒක ඇතුලේ අපිට හැමෝගෙම අදහස් අත්විඳින්න පුලුවන්. හැමෝගෙම අදහස් සලකා බලන්න පුලුවන්. ඒක ඇතුලෙදි රජයක් නැහැ. පාලන අධිකාරියක් නැහැ. හැමෝටම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුලුවන්. ඒකට මිනී මරාගන්න අවශ්‍යතාවයක් අන්තර්ජාලය තුලදි නැහැ.

ඒක මිනී මරාගැනීමම ප්‍රතිපත්තියක් වශයෙන් තියාගෙන ඉන්න පාලනයකට එච්චර ගුණ නැහැ. එහෙම නිදහසක් ජනතාවට දුන්නොත් රජයකට තියෙන අවශ්‍යතාවය නැති වෙනවා. එතකොට රජයක් විසින් කරන්න ඕනෙ සැබෑ කාර්යයන් එළිපිටට එනවා. සංවර්ධනය, ආර්ථික කළමණාකරණය, පහසුකම් සැපයීම… මේවා ඉල්ලන්න මිනිස්සු පෙළඹෙනවා. එහෙනම් මේක මඟ හැරගන්න කරන්න ඕනෙ මොකද්ද?

තහනම! ඔය විරුද්ධ අදහස් තහනම් කරලා දාමු. එතකොට අපිට ආයේ අර පරණ කසිකබල් රූපවාහිනී පත්තර මාධ්‍යයෙන් වුණ වැඩේම අන්තර්ජාලයෙන් කර ගන්න පුලුවන්. එක පැත්තකට විතරක් අපි ඇහුම්කන් දෙමු. ඊට පස්සේ ප්‍රශ්න විසඳගන්න ඕනෙනම් යුද්ධෙකට යන්න පුලුවන් නෙ.

මේ විදියට සටහනක් කරන්න හිතුනේ ලංකාව Reporters Sans Border සංවිධානයේ අන්තර්ජාල තහනමට ලක් කිරීමේ හැකියාවක් ඇති රටක් විදියට නම් කරපු නිසා. අපිත් එක්ක එක පේළියෙ ඉන්නේ YouTube තහනම් කිරීමට ප්‍රසිද්ධ තුර්කිය, අන්තර්ජාල වාරණයට නීති සම්පාදනය කරන ඕස්ට්‍රේලියාව, රජයට විරුද්ධ අදහස් දරන වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයො අත්අඩංගුවට ගන්න රුසියාව (ආ.. සමාවෙන්න. ඩිප්ලෝමා එක දුන්න නිසා අපේ මිත්‍රයො නේද?) වගේ රටවල්. තව දෙයක් තමයි අන්තර්ජාලයේ හතුරන් විදියට නම් වුන අනිත් රටවල් අපේ ළඟම මිතුරන් වුන එක.

RSF සුදු චරිතයක් කියලා කියන්න බැහැ. සූක්ෂම විදියට පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන ඇමෙරිකාව ගැන එතන සඳහනක් වත් නැහැ. නමුත් එහෙම වුන නිසාම RSF කියන සෑම දෙයක්ම වැරදි කියන්නත් බැහැ. මොකද අපි දන්නවා චීනය, අරාබිය කියන්නේ මොන වගේ රටවල්ද කියලා.