Welcome to Devinda's Blogspot

Saturday, June 26, 2010

කොම්පියුටර් නිසා අපිට හැදෙන අලුත් ලෙඩක්..


කන්තොරුවලට වි පරිගණක වලීන් වැඩ කරන කොටි ගණන් වන ලෝකයා දැන් ලොකු අනතුරකට මුහුන් පා සිටි..හරි ඉරියව්වෙන් පුටුවේ වාඩි වි නොසිටිමත්..මේසය පුර ලිපි ලෙඛන වපුරා ගෙන අපිලිවෙලට වැඩ කිරිමත් නිසා ඔයුන්ගේ කොන්දේ සෞඛ්‍යය පිරිහි ගොසිනි..ජපානයේ නෙක් සමාගම හ මිට්සුබිෂි සාමගම,ඕපන් අරාගොනොමික්ස් සාමගම සමග එක්ව කල සමික්ෂණයකින් මේ බව හෙලි වි තිබේ..
ඒ සමික්ෂණයෙන් සොයගත්තේ පරිගණක පවිච්චි කරන්නන් වැඩි දෙනක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් කියා හදුන්වන කොන්දේ හා බෙල්ලේ වේදනාව ඇති කරන රොගි තත්වයකට ගොදුරුව ඇති බවය..

පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පරිගණක වැඩ කරන්නෙක් බෙල්ලේත් කොන්දේත් වේදනාවෙන් පිඩා විදින තැනට වැටෙන්නේ වලක්වා ගත හැකි නමුත් වලක්වා ගන්නට නොසිතන ඉරියව් නිසාය.අපිලිවෙල එයට එක් වු තැන මේ රොගය උත්සන්න වේ..
පුද්ගලයින් දෙදහසකගෙන් පෞද්ගලිකව ඇසු ප්‍රශ්නාවලියකින් යුත් මේ සමික්ෂණයේ පෙනි ගිය තවත් කාරනයක් ''ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම්'' තත්වයට උර දෙන්නේය.එය නම් මුල් වෙලාවේදි මේ රෝගය ගැන යමක් නොදැනිමය..උලුක්කුවක්,වේදනාකරි තැල්මක් මෙන් නොව මේ රොගි තත්වයන් මුලින්ම දැනෙන්නේ නැත..එවා දැනෙනේ රොගය උත්සන්න වු අන්තිම කාලයෙදිය.එවිට බොහො විට පරක්කු වැඩිය.ප්‍රතිකාර ලෙස එක්කෝ දිර්ඝ කාලයක් විවේකයෙන් සිටිය යුතු වන්නේය.නැත්නම් රැකියාවෙන් විශ්‍රාම යා යුත්තේය..

ඉරිටබල් ඩෙස්ක් සින්ඩ්‍රොම් තත්වයෙන් පහසුවෙන් මිදෙන්නට පුලුවන.

* මේසය පිළිවේලට තාබාගන්න
* කොන්ද හරි කෙලින් තබාගෙන පුටුවේ වාඩිවේන්න.
* වැඩෙහි යෙදෙන හැම විනාඩි පහකටම වරක් වාඩි වි සිටින ඉරියව්ව වෙනස් කරන්න.
* වැඩෙහි යෙදෙන අතර තුර වතුර බොන්න.කොප්පයකින් බොනවට වඩා හොද බොතලයකින් බිමය..එවිට හිස ඉහලට ඔසවන නිසා බෙල්ල දිග හැර ව්‍යායාමයක් ලැබේ.
* එහාට මෙහාට පැද්දෙන්නේ නැති.සවිමත් පුටුවක වාඩි වෙන්න.
* පරිගණකයේ තිරයත්,යතුරු පුවරුව හා මවුසයත් පහසුම ඉරියව්වට ගැලපෙන සේ සකසාගන්න.

No comments:

Post a Comment