Welcome to Devinda's Blogspot

Friday, April 30, 2010

මේ දවස්වල ඉන්ටර්නෙට් | Internet Connectivity Issue


මේ දවස්වල ඔයාල අපි හැමෝමටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අන්තර්ජාලයේ ඇතිවෙලා තියෙන මන්දගාමී කම . හැමදාම facebook log වෙන e - Mail චෙක් කරන you tube යන යන අපිට ඇති වෙලා තියෙන ඇබ්බැහි වීම කොචරද කියනව නම් වේලක් දෙකක් නොකා ඉන්න පුළුවන් උනත් ඉන්ටෙර්නෙට් නොයා ඉන්න බැරි තත්වයක් දක්වා පරිවර්තනය වෙලා.
ඉතින් මේ මන්දගාමී කම හරියට අපේ දකුණු අත හරියට වැඩ කරන නෑ වගේ . කොහොම උනත් අපිට මේකට විසදුම් දෙන්න බැහැනේ එකට දැනටමත් නිසි පුද්ගලයෝ වැඩ කරනවා.
ලංකතා ලියන අපි මේ හදන්නේ ඔයාලට මේ අව්ලට හේතුව ඔයාල එක්ක බෙදා ගන්නයි.


වාර්තා වෙන විදිහට මේක සිද්ද වෙලා තියෙන්නේ යුරෝපය සහ දකුණු ආසියාව සම්බන්ධ කරන මුහුදු පතුලෙන් දිවෙන cables ජාලයට කරන අලුත් වැඩියාවන් නිසයි. මේ ජාලය හඳුන් වන්නේ SEA-ME-WE 4 කියන නමෙනුයි.
SEA-ME-WE 4 කියන්නේ හරියට විකාර නමක් වගේ නේද ? හරියට බැලුවොත් එහෙම නෑ . මේකට ඒ නම ලැබිල තියෙන්නේ South East Asia සහ Middle East සහ Western europe යන නම් වල මුලකුරු එකතුවිමෙනුයි.

කොහොම උනත් මේක ලංකාවේ අපිට විතරක් බලපාන සිද්දියක් නෙමෙයි Singapore, Malaysia, Thailand, Bangladesh, India, Sri Lanka, Pakistan,United Arab Emirates, Saudi Arabia, Sudan, Egypt, Italy, Tunisia, Algeria and France වගේ රටවල් ගණනාවක ආයතන 16 කට අයත් ජාල වලට මෙහි බලපෑම ඇති වෙලා තියෙනව.
අපි කොහොම හිතුවත් මේ ප්‍රශ්නය විසදන්න තව දවස් 10ක පමණ කාලයක් ගත වන බව තමයි කියවෙන්නේ .

පහලින් දිස් වන්නේ මිට අදාල ජයා රුප කිහිපයකි




The Submarine Cable Map

No comments:

Post a Comment