Welcome to Devinda's Blogspot

Friday, April 30, 2010

ලොකේ තියන සැරම මත්පැන් ජාති මොනවද | what are the strongest liquor in world

ඔය ගොල්ලො මත්පැන් ගැන මීට කලින් අහල ඇතිනෙ,තවත් සමහර අයනම් ඒව පාවිච්චි කරලත් ඇති.අද මම කියන්න හදන්නෙ මත්පැන් ගැන කතාවක්, හැබැයි මේක දැනුමට වැදගත් වෙන දෙයක් බීමට කියන දෙයක් නම් නෙවෙයි. :)

මම අද කතා කරන්න හදන්නෙ ලොකේ තියෙන සැරම මත්පැන් ජාති ගැන මේව ගැන කියවල බලන්නකො මේවගෙ තරම, දන්න කට්ටිය බලන්න මේව ඔයාල පාවිච්චි කරල එහෙම තියනවට්ද කියල. ;)

No .01

Everclear
ලෝකෙ තියන සැරම මත්පැන් ජාතිය තමයි Everclear කියන්නෙ ඒකෙ සාන්ද්‍රණය 75.5% සහ උපරිම සාන්ද්‍රණය 95% යන ප්‍රමාණ වලින් තියනවලු, මේ මත්පැන් ජාතිය හදන්නෙ ඇට වර්ගයකින් කියල තමයි සදහන් වෙන්නෙ ඒත් මට ඒ ඇට ජාතිය මොකක්ද කියල හොයාගන්න බැරි උනා, හොයාගන දැම්මොත් අපේ අයත් මේව මෙහෙ හදන්න ගනීද දන්නෑ කියලත් මට හිතුන. :) College වල එහෙම Everclear හරි ජනප්‍රියයිලු එයාලනම් කෙලින්ම පාවිච්චි කරනවලු, ඒත් මේක යොදාගන්නෙ Energy Drink, Fruit Juice,Soft Drink හදන කර්මාන්ත වල අමුද්‍රවයක් විදියටලු.Everclear ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.

No .02

Absintheදෙවෙනියට තියෙන්නෙ
Absinthe කියල ජාතියක් මේකෙ සාන්ද්‍රණය 50% සිට 75% දක්වා තියනව කියල තමයි සදහන් වෙන්නෙ ඒත් Brand එකෙන් Brand එකට මේකෙ සාන්ද්‍රණය වෙනස් වෙනවලු.
මේක මල් සහ ශාක කොටස් වලින් තමයි හදනව කියල සදහන් වෙන්නෙ.Absinthe බිව්වම මනෝ විකාර පේනව කියල මතයක් ඉස්සර කාලෙ ඉදලම තිබිල තියනව, හරියට හොල්මන් පේන්න ගන්නව වගේ වෙනවලු, ඒක නිසා මේ මත්පැන් ජාතිය රටවල් ගනනාවකම තහනමට ලක්වුනාලු. ඒත් දැන් ඒක එහෙම නෑ කියල ඔප්පු කරල තියන නිසා එහෙම ප්‍රශ්නයක් නැහැලු.Absinthe ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.


No .03

Vodkaතුන්වෙනියට තියෙන්නෙ අපි කවුරුත් හොදට අහල පුරුදු Vodka කියන මත්පැන් ජාතිය.Vodka කියන්නෙ උතුරු යුරෝපය පැත්තෙන් ආරම්භ උන මත්පැන් ජාතියක්ලු, Vodka රුසියාවෙ ජාතික මත්පැන් වර්ගය කියල තමයි සදහන් වෙන්නෙ.Vodka කියන්නෙ රුසියානු භාෂාවෙන් හැදිල ආපු නමක්,ඒක රුසියානු භාෂාවෙන් Voda කියන එකෙන් තමයි හැදිල තියෙන්නෙ ඒ කියන්නෙ English වලින් Water කියන එකලු :) .මේක වැඩියෙන්ම භාවිතා කරන්නෙ Cocktail හදන්නලු ඒත් මම දන්න විදියටනම් අපේ අය ගොඩක් මේක කෙලින්ම භාවිතා කරනව normal liquor වගේ. :)Vodka ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.

No .04

Whiskyහතරවෙනියට තියෙන්නෙ අපි දන්න තවත් ජාතියක් Whisky, Whisky හදන්නෙ ඇට ජාති කීපයක් අරගන ඒවා පැසවීමෙන්ලු, ඒ ඇට ජාති අතර Barley, Malt, Rye, Wheat, Maize කියන ඇට ජාති තියනවලු.Whisky වල සාන්ද්‍රණය 40%, 50%, සහ 62% යන ප්‍රමාණ වලින් පවා ගන්න තියනවලු. Whisky ලී වලින් හදපු බැරල් වල පැසවීමට සෑහෙන කාලයක් තියල තියනව කියල තමයි සදහන් වෙන්නෙ, මේකට විශේෂයෙන්ම යොදා ගන්නෙ සුදු ඕක් ගහේ ලී වලින් හදපු බැරල් කියල තමයි සදයන් වෙන්නෙ.Whisky ගැන තවත් කියවන්න ආස අය මෙන්න මේ link එක බලන්නකො.
.

No comments:

Post a Comment