අත්වැල් අල්ලාගෙන
අරුත් නැති
පලක් නැති
කතා ගොඩාක් කියාගෙන
ඇවිද ගියා අපිත් (මමත්)
නුඹලා වගේම....
කාටත් නොපෙනෙන
කවුරුත් නො එන
අඳුරු මුල්ලකට වී
වින්ඳා පෙම්සුව අපිත් (මමත්)
නුඹලා වගේම....
කය තිබුණට මේ පොළවේ
හිත් බොහෝ දුර ගිහින්
හීන ගොඩාක් පුරෝගෙන
ඉදිනොවෙනා බව නොදැන
අහස් මාලිගා තැනුවා අපිත් (මමත්)
නුඹලා වගේම....
කඳුලු බිඳුවක්වත් නැති
සතුටම පමණක් ඇති
පුංචි කැදැල්ලක් තනන්නට
සිහින මැව්වා අපිත් (මමත්)
නුඹලා වගේම....
No comments:
Post a Comment