
අන්තර් ජාලයේ සැරිසරන ඔබ දිනකට විසාල වෙබ්සයිට් ප්‍රමානයක් නරඹනවා ඇති. මෙම වෙබ්සයිට් අතරින් කැමතිම වෙබ්සයිට් මතක තබා ගැනීමට සෑම වෙබ් බ්‍රව්සරයකම බුක්මාක් (bookmark) පහසුකම සපයා තිබෙනවා. මෙමගින් ඔබට නැවත දිනයක පහසුවෙන් එම වෙබ් අඩවි වලට පිවිසිමට හැකිවෙනවා පමනක් නොව ඉතා දීර්ග වෙබ් ලිපින වැඩිකාලයක් නොයවා පහසුවෙන් නැරඹිය හැකි වෙනවා. නමුත් වෙබ් බ්‍රව්සර් කිහිපයක් බවිතා කරන්නේ නම් හෝ වෙනත් පරිගණකයකින් අන්තර් ජාලයේ සැරිසරන විට කලින් සේව් කරගත් වෙබ් අඩවි (බුක්මාර්ක්) දැන් ලබා ගැනීමට නොහැකියි. මෙම අපහසුතාව මග හරවා ඔනෑම පරිගනකයකින් ඔබ සේව් කල බුක්මාර්ක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙමගින් වෙබ් බ්‍රව්සරයේ සේව්කරගත් බුක්මාර්ක් වෙනත් සර්වරයක සේව් වනවා. දැන් ඉන්ටර්නෙට් ඇති තැනකින් මෙම වෙබ් අඩවියට පිවිස කලින් සේව් කරන ලද බුක්මාර්ක් බාවිතා කල හැකියි. මේ සදහා තිබෙන සොෆ්ට්වෙයාර් අතරින් එක්ස්මාක් බුක්මාක් සින්ක් ඉතාම ජනප්‍රියයි.
වෙබ් අඩවියට පිවිසීම සදහා > www.Xmarks.com
No comments:
Post a Comment