Welcome to Devinda's Blogspot

Saturday, May 15, 2010

වින්ඩෝස් 7 ගැටළු පටිගතකරනය ගැන දන්නවාද?




දැන් ගොඩක් කස්ටියක් භාවිතා කරන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියනේ.මේ වින්ඩෝස් 7 වල අපි නොදන්න බොහෝ දේ හැංගිලා තියෙනවා.එහෙම මෘදුකාංගයක් ගැන තමා මම අද කියන්න යන්නේ.මේක හඳුන්වන්නේ "Problem Steps Recorder" කියලා.මම ඉතින් ඒක අපේ මව් බාසාවට පරිවර්ථනය කරේ "ගැටළු පටිගතකරනය" කියලා.එහෙම කරද්දි "Steps" කියන මගහැරුනද කියලත් මට වෙලාවකට හිතෙනවා.ඒකත් දාලා "ගැටළු පියවර පටිගතකරනය" කියලා දැම්මොත් ටිකක් චා කියලා හිතුන නිසා තමයි ඔහොම දැම්මේ.

දැන් කථා කරා වැඩියි වගේ නේද? අපි බහිමු වැඩේට.සමහර අය මේක ගැන දන්නවත් ඇති.කමක් නෑ.දන්නේ නැති අයට අපි කියලා දෙමු.

මම ඉස්සෙලාම මේක ගැන හැදින්වීමක් දෙන්නම්......

මෙහෙමයි..මේ මෘදුකාංගය කරන්නේ අපි පරිගණකය භාවිතා කිරීමේදී අපි ගන්න පියවර වල් ස්ක්‍රීන් ෂොට් මගින් පටිගත කරගන්න එක.උදාහරනයක් විදිහට මෙයා, අපි මවුස් එක ක්ලික් කරන හැම වෙලාවකදිම ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවා.අපිට මේක ප්‍රයෝජනවත් වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථා දෙකේදි තමයි.

1)පරිගණකයේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්ණයක් ආවම අපිට කාගෙන් හෝ උදව්වක් ගන්න මේ මෘදුකාංගය භාවිතා කරගන්න පුලුවන්.

2)අපිට පරිගණකය හසුරවන්න වැඩිය දන්නේ නැති කෙනෙක්ට මොකක් හරි කියලා දෙන්නත් මේක භාවිතා කරන්න පුලුවන්.

මම පලමු එක පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට දෙවෙනි එක කරන්නේ කොහොමද කියලා වැටහෙයි.

උදාහරන- අපි හිතමු මගේ පරිගණකයේ පොටෝෂොප් විවෘත කරන්න යද්දි මොකක් හරි Error එකක් එනවා කියලා.ඒක විසදගන්න අපි දන්නේත් නැත්තම් අපි මොකද කරන්නේ.අපිට දන්න කෙනෙක්ගෙන් අහන්න වෙනවා.ඒකනේ ඉතින් එපා වෙන්නේ.මොක්ද අපි ඉතින් දැන් අර මනුස්සයට මේ ඔක්කොම විස්තර කරන්න එපැයි.අනික සමහර විට අවුල තියෙන්නේ පොටොෂොප් වල නැතුව අපි ඒක භාවිතා කරන්න උත්සහ කරන විදිහෙද දන්නේත් නෑනේ.දැන් ඉතින් අපි කොහොමද අර වැඩ දන්න කෙනාට අපේ විස්තරේ කියන්නේ.මම නම් ඉස්සර කරේ මම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අර කෙනාට යවනවා.නමුත් වින්ඩෝස් 7 වල අපි එහෙම කරන්න ඕන නෑ.මේ මෘදුකාංගය මගින් අපි කරන පියවර සියල්ලම ඔටෝ ම ප්‍රින්ට් ස්ක්‍රීන් අරගෙන අපිට ඒක සිප් ගොනුවක් විදිහටම අරගෙන දෙනවා.බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා.

දැන් අපි බලමු කරන විදිහ. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි...

1 පියවර- ස්ටාර්ට් මෙනු එකේ PSR කියල ටයිප් කරලා එන්ටර් යතුර ඔබලා ඔයාලට මේ මෘදුකාංගය ඕපන් කරගන්න පුලුවන්.

2පියවර-දැන් Start Record කියන බොත්තම ඔබලා ඔයාලට අවශ්‍ය තැනට යන්න.(මගේ උදාහරනයේ හැටියට නම් මම දැන් පොටොෂොප් විවෘත කරනවා) එතකොට මේ මෘදුකාංගය මගින් පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ගන්නවා.විශේෂයෙන් අපි මවුස් එක ක්ලික් කරන තැන් වල.

3 පියවර-දැන් අපි අපේ ගැටලුව තියෙන තැන පසු උනාම Stop Record බොත්තම ඔබලා පටිගත වෙන එක නවත්වනවා.

4 පියවර-ඊට පස්සේ එයා මේ ගොනුව කොතනටද ගබඩා කරන්න ඕන කියලා අපෙන් අහනවා.අපි කැමති තැනක් දුන්නට පස්සේ සිප් ගොනුවක් විදිහට සේව් වෙනවා.

5 පියවර-දැන් මේ ගොනුව අපිට ගැටලුව ගැන අහගන්න ඕන පුද්ගලයට යවන්න පුලුවන්.මේකේ හරිම පැහැදිලිව විස්තරේ තියෙන හින්දා එයාට ගැටලුව විසදන්න ලොකු පහසුවක් වේවි.

6 පියවර-එයාට තියෙන්නේ මේ සිප් ගොනුව අන්සිප් කරලා ඇතුලේ තියෙන MHT ගොනුව ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා භාවිතයෙන් ඕපන් කරන්න.එතකොට හරිම පැහැදිලිව අපි මවුස් බොත්තම ඔබපු තැන් වෙලාව සමග ස්ක්‍රීන් ෂොට් විදිහට බලාගන්න පුලුවන්. ඒ වගේම ඊට පහලින් ඒ සියල්ල ලොග් එකක් විදිහටත් පෙන්නනවා.

ඔන්න ඕක තමා වැඩේ.ඉතින් අපිට මේකම භාවිතා කරන්න පුලුවන් කාට හරි මොනා හරි දෙයක් කියලා දෙන්න උනාම.අපි Manually ස්ක්‍රීන් ෂොට් ගන්න වෙහෙසෙන්නේ නැතිව ඉතා ඉක්මනින් හරිම පැහැදිලිව එයාට ස්ක්‍රීන් ෂොට් මගින් කියලා දෙන්න පුලුවන්

No comments:

Post a Comment