Welcome to Devinda's Blogspot

Sunday, May 2, 2010

Windows 7 Speed කරගැනීම

වීන්ඩෝස් 7 ස්ථාපනය කිරීම සඳහා පරීගනකයක තිබිය යුතු අවම දාරිතාවය

  • 1 GHz ප්‍රොසෙසරයක් ( 32-bit හෝ 64-bit )
  • 1 GB රැම් එකක් ( කාර්යක්ෂමව වැඩ කිරීමට නම් 2GB )
  • 16 GB හාඩ් ඩිස්කයේ ඉඩක්
  • DirectX 9 සහයෝගය දක්වන 128 MB VGA එකක්
  • DVD Rom එකක්

Windows 7 පරිගනකයක ඉතාමත් හොදින් වැඩකරන්න නම් අඩුම වශයෙන් RAM එක 2GB වත් තියෙන්න ඕනේ. 1GB RAM එකක් තියෙන අයට Windows 7 Speed කරගන්න කරන්න පුලුවන් වැඩ කීපයක් තියනවා.

Speed up Windows 7

1. Search Indexing Feature එක disable කිරීම තුලින්

  • පළමුව Computer icon එක right click කර " Manage " වින්ඩෝව open කර ගන්න.
  • එහි " Computer Management " වල ඇති " Service and Applications " click කරන්න.
  • ඉන් පසු එහි ඇති " Services " යන්න click කරන්න.
  • එවිට ඔබට දිගු services ලැයිස්තුවක් දක්නට ලැබේ. එහි ඇති " Windows Search " යන්න සොයා ගන්න. ඉන්පසු එය Right Click කර Properties Click කර " Windows Search Properties " වින්ඩෝව open කර ගන්න.
  • එහි Startup type යන්න ඉදිරියෙන් ඇති drop down menu එක click කර " Disabled " යන්න තෝරන්න.
  • ඉන් පසු " Apply " click කර පසුව " Ok " click කරන්න.


2. අනවශ්‍ය Fonts ඉවත් කිරීම තුලින්


සාමාන්‍යයෙන් Windows boot වෙන අතරතුරදී fonts වලටත් සෑහෙන වෙලාවක් ගන්නවා. ඉතිං තමන්ට අනවශ්‍ය fonts control panel එකේ fonts folder එකට ගිහින් ඉවත් කරගන්න පුලුවන්. ලොකු වෙනසක් වුනේ නැතත් boot වීම පොඩ්ඩක් හරි speed වෙයි.


3. අනවශ්‍ය Startup Programs Remove කිරීම තුලින්


බොහෝ softwares install කිරීමෙන් පසු windows start වීමේදී එම software autostart වීම සමහර විට මහත් කරදරයකි. එමෙන්ම මෙය Ram එක ගන්නා වැඩක් නිසා පරිගනකය slow වීමද සිදුවෙයි. windows key එක සමග R key එක ( Win + R ) එබීම තුලින් Run Commands වින්ඩෝව open කර ගන්න. එහි msconfig යනුවෙන් ටයිප් කර enter කිරීමෙන් system configuration වින්ඩෝව open වේ. එහි startup නම් tab එක click කරන්න. එම tab එකෙහි ඇති ඔබට අනවශ්‍ය programs ඉදිරියෙන් ඇති check box එ‍කේ ඇති හරි ලකුණ ඉවත් කිරීම තුලින් remove කරගත හැක. Windows Xp වලදී නම් මෙය කීරීමේදී ප්‍රවේසම් විය යුතුය. හේතුව Windows System එකට උවමනා programs ද එහි ඇති බැවිනි. නමුත් Windows 7 වලදී මෙම ප්‍රශ්නය නැත. ඒ එම programs windows 7 වල‍ නොපෙන්වන නිසාය.


4. Registry Errors සහ සියලුම අනවශ්‍ය files ඉවත් කිරීම තුලින්.

No comments:

Post a Comment