Welcome to Devinda's Blogspot

Saturday, May 8, 2010

ඇයි මම......


Arthur Robert Ashe.....

ඇමරිකානු විවෘත ටෙනිස් සූරතාවය දිනූ පළමු කළු ජාතිකයා.....

ඒවගේම 1975 දී විම්බල්ඩන් සූරතාවයද දිනා ඇති මේ මිනිසා 1983 දී ඒඩ්ස් රෝගයට ගොදුරු වෙනවා ශල්‍යකර්මයක් අතරතුරදී....

මොහු මිය යනවා 1993 පෙබරවාරි 6 වනදා......

ඔහු රෝගයෙන් පීඩා විඳිමින් සිටිනා අතරතුර ඔහුගේ ක්‍රීඩාලෝලියෙක් ලිපියකින් අසනවා මෙවැන්නක්...

"ඇයි දෙවියන් වහන්සේ ඔබව තෝරාගත්තේ මේ දෙයට....."

ආතර් පිළිතුරු ලිපියක් යවනවා මේ ලෙසට....

"මුළු ලෝකෙන්ම මිලියන 50ක් පමණ දෙනා ටෙනිස් ක්‍රීඩාවට යොමුවෙනවා ළමා වියේදීම.
එයින් ලක්ෂ 50ක් පමණ පිරිසක් නිවැරදි ලෙස ක්‍රිඩා කරන්න ඉගනගන්නවා.
එම පිරිසෙනුත් ලක්ෂ 5ක් පමණ දෙනා වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයන් බවට පත්වෙනවා.
එයින් 50,000ක් පමණ පිරිසක් ප්‍රධාන තරඟමාලාවන් සඳහා සහභාගිවෙනවා.
5,000ක් පමණ ග්‍රෑන්ඩ්ස්ලෑම් දක්වා පැමිණෙනවා.
එයින් 50ක් විම්බල්ඩන් තරඟවලට ක්‍රීඩා කරන අතර 4 දෙනෙක් අර්ධ අවසන් වටයට තේරෙනවා.
දෙදෙනෙක් අවසන් තරඟයට මුහුණදී එයින් එක්කෙනෙක් පමණයි ජයගන්නේ.
ඒකෙනා තමයි මම.....

ඉතිං සූරතාවය මම ලබාගත්තා.....

මම කවදාවත් ඇහැව්වේ නෑ දෙවියන් වහන්සේගෙන්,

ඇයි මම කියලා....."

No comments:

Post a Comment