Welcome to Devinda's Blogspot

Wednesday, May 12, 2010

පීසීවල පියා! – පෞද්ගලික පරිගණකය ලොවට හඳුන්වා දුන් එඩ් රොබර්ට්ස් මිය යයි.


හැත්තෑව දශකයේ පරීක්ෂණාගාර ගොඩනැගිලි පුරා සවි කොට තිබූ පරිගණකය නම් දැවැන්ත යන්ත්‍රය; මේසයක් මත තැබිය හැකි තරමට කුඩා කොට නිර්මාණය කළ අපූරු මිනිසා පසුගිය අප්‍රේල් 01 වැනිදා මිය ගියේය. හැට අටවැනි වියේ පසුවෙද්දී නිව්මෝනියා රෝගය උත්සන්න වී මියගිය ඔහු හෙන් රි එඩ්වඩ් රොබර්ට්ස් ය. එඩ් රොබර්ට්ස් කියා ප්‍රසිද්ධ ඔහු, අද සැලකුම් ලබන්නේ ” පෞද්ගලික පරිගණකයේ පියා (Farther of Personal Computer) ” ලෙසය.

එඩ් රොබර්ට්ස් හඳුන්වා දුන් මේ පරිගණකය, ඇල්ටෙයා 8800 (Altair 8800) යි. එය ඉදිරිපත් කළේ තාක්ෂණය ඝන උනන්දු අයට තැපෑලෙන් ගෙන්වාගෙන එකලස් කරගත හැකි උපකරණයක් ලෙසය. අමතර මුදලක් ගෙවා ඒවා එකලස් කරගන්නටද පුළුවන්කම තිබුණි. 1975 දී පොපියුලර් ඉලෙක්ට්‍රොනික්ස් (popular Electronics) සඟරාවේ මේ ගැන ප්‍රධාන විශේෂාංගයක් පළ වුණේය. එය දුටු බිල් ගේට්ස් හා පෝල් ඇලන් යන මිතුරන් දෙදෙනා එඩ් රොබර්ට්ස් සොයා ගොස් ඉල්ලීමක් කළේය. ඒ තමන් පරිගණක සඳහා වැඩසටහන් ලිවීමට දන්නා බවත්, ඇල්ටෙයා 8800 පරිගණකය සඳහා පරිගණක වැඩසටහන් ලිවීමට තමන්ට අවස්ථාවක් දෙන ලෙසත්ය. එඩ් රොබර්ට්ස් මේ තරුණයන් දෙදෙනාගේ ඉල්ලීමට එකඟ විණි. බිල් ගේට්ස් සමග පෝල් ඇලන් ලියූ මෘදුකාංගය බේසික් (BASIC – Beginners All Purpose Symbolic Instruction Code) ය.

බිල් ගේට්ස් සහ පෝල් ඇලන්ට මෘදුකාංග නිර්මාපකයන් වශයෙන් සිය ජීවිතය අරඹන්නට එඩ් රොබට්ස් උදව් කළා පමණක් නොව, ඔවුන් වෙළඳාමටද පොළඹවාලීය.. 1975 දී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම නිර්මාණය කරන්නට බිල් ගේට්ස් සහ පෝල් ඇලන් සමත් වුණි. අද ලොව තිබෙන දැවැන්තම මෘදුකාංග සමාගම බිහි වෙන්නට මුල්ගල් සැපයූ නිමැවුම වූයේ, එඩ් රොබට්ස්ගේ ඇල්ටෙයා 8800 යන්ත්‍රය වෙනුවෙන් සැකසූ මෙම බේසික් වැඩසටහනයි.

No comments:

Post a Comment