Welcome to Devinda's Blogspot

Wednesday, May 12, 2010

windows 7 සමග සැගවුනු theme සොයාමු

ළගදී අපට සමීප වුනු ඉතාමත් දියුණු තාක්ෂණයන්ගෙන් පිරිපුන් මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ… ඉතින්, එහි අපට පෙන්වන තේමා වලට අමතරව එහි තුලම සැගවී ඇති විවිධ කලාපයන්ට අදාල වන තේමා කිහිපයක් සොයා යන ආකාරය විමසා බලමු… මේවා මෙහෙයුම් පද්ධතිය තුල සගවා ඇත්තේ, show hidden files විධානයට පවා නොපෙනෙන ආකාරයටයි එනම් protected system files ආකාරයටයි,

එම නිසා ඒවා බලන්නට නම්, folder options තුල show hidden files වලට අමතරම hide protected operating system files යන විධානයද ඉවත් කල යුතු වේ..

ඒ මොනවා නැතුවත් windows explorer හි address එකට C:\Windows\Globalization\MCT ලබාදී එම ගොනුව පහසුවෙන්ම විවෘත කරගත හැකිය..

එවිට ඉහත තේමා 5 (බෙහෝවිට) දැකගත හැකිය..

  • MCT-AU
  • MCT-CA
  • MCT-GB
  • MCT-US
  • MCT-ZA

එම තේමා ගොනු තුල theme නම් ගොනුව තුල ඇති theme file එක double click කිරීමෙන් එම තේමා ක්‍රියාත්මක කරගත හැකිය..

Windows 7 සදහා විවිධ තේමා ලබාගන්න, http://windows.microsoft.com/en-US/windows/downloads/personalize

No comments:

Post a Comment