Welcome to Devinda's Blogspot

Saturday, May 8, 2010

ලංකාවට චින කරන තායිලන්තයේ මැණික් වෙලදාම

කවුරුවත් ජීප් ටැක්සි වල ගිහින් තියෙනවාද ? තායිලන්තයේ චාන්දබුරිවල තියෙන්නේ ජීප් ටැක්සි.චාන්දබුරිවල තියෙන්නේ බැන්ග්කොක් වල ඉදන් පැය 5 - 6 ක් විතර දුරින්(බස් එකේ-මෙතන තියෙන බස් එකනම් පතාය යන එකක් .). බැන්ග්කොක්වල චානදබුරි යන්නේ අපේ රටේ ටුවරිස්ට්ලා අරන් යන ජාතියේ බස්. මේ බස් නිකම් ගුවන් යාන වගේ.කොන්දොස්තර සහයක් ඉන්නේ ගැණු කෙනෙක්.ගුවන් සේවිකාවන් අදින වේ කොට ඇදුමක් ඇදලා ඉන්නේ. ඇත්තෙන්ම සැහෙන්න පිලිවෙලයි.ටිකට් ගන්න වෙනම කවුන්ටර්ස් තියෙනවා.හුගක් වෙලවාට මේ කට්ටියට අපේ අවශ්‍යතාව කියුවම මේ ගොල්ලෝ අපිට උදව්කරවා ටිකට් එක ගන්න.බස් එකේදි කන්න බොන්න දේවල් හුගක් අඩුවට එලියෙදි ගන්න පුලුවන්.චිප්ස් , ශීතකල තේ වගේ දෙවල්.බස් එකදී අපිට චොකලට් සහ කොකාකෝලා දෙනවා.බහින්න ලං වෙලා මුහුණ පිහදා ගන්න හොට් ටවල්ස් එහෙමත් දෙනවා.ඇත්තෙන්ම ශ්‍රි ලංකාවේ නාගරාන්තර බස් සේවය මතක් වෙන්නේ මෙන්න මේ වෙලාවටයි.


ඉතින් අපි දවසක් ගියා චාන්දපුරීවල එහේ මැණික් විකුණන්නේ අපිට ටිකක් අමුතු විදියකට.මුලින්ම මිලදී ගන්නා ගිහින් තැරැව්කාර මධ්‍යස්ථානයකට අවශ්‍ය ගල්වර්ග වල නම් ලිස්ට් එක දෙනවා.ඊට පස්සේ ඒ තැරව්කාර මධ්‍යස්ථානයේ ඒ ගොල්න්ගේ දැන්වීම පුවරුවේ ඒ ක දානවා.එතකොට මැණික් විකුණන්නෝ ( මේ ගොල්ලොත් එක්තරා ආකාරයක තැරව්කාරයෝ ) තමන් ගාව තියෙන මැණික් ඉදිරිපත් කරනවා.

මේ ජංගම මැණික් ඉදිරිපත්කරනන් පස්සේ තියෙන්නෙත් ඉතාමත් දුක්බර කතාවක් , මේ ගොල්ලෝ ඉදිරිපත් කරන්නේ වෙන වෙලෙද්දෙක් දෙන මැණික් ඉතින් මේ ගොල්ලෝ විකුණන මැණික් අනුව තමා මේ ගොල්ලන්ට කොමිසන් එක හම්බ වෙන්නේ.මැනික් විකුණ ගන්න බැරි උනොත් ඉතින් සල්ලී නැ.මේ ව්‍යාපාරේ ඉන්නේ හුගක් ගැහුණු කට්ටිය.මම හිතන්නේ තායිලන්තයේ ස්ත්‍රි ප්‍රතිශතය හුගක් ඉහල ඇති.

ඊට පස්සේ මිලදිගන්නා ගෙන මැණික්වල තත්වය බලලා මිල කීනවා හුගක් වෙලාවට මෙහේ මැණික් ගලක් ගන්න ගානට එහේ මැණික් ලොට් එකක් ගන්නවා.ඊට පස්සේ තැරව්කාර මධ්‍යස්තානයේ ඉන්න වෙලද නියෝජිතයා ඒ මැණික් සහ මිල පැකට් එකක දාල සීල් කරලා විකුණුම්කරුට දෙනවා. ඊට පස්සේ විකුණුම්කරුවා ඒක ඔවුන්ගේ ප්‍රධාන වෙලෙන්දා ගාවට ගිහින් ඉදිරිපත් කරනවා(හුගක් වේලවාට කරන්නේ ගාන ටැලිපොන් කරලා කියන එක ) ඉතින් වෙලෙන්දා කැමතිනම් ගානට එක් තැරව්කාර මධ්‍යස්තානයෙන් මිලදී අරන් වෙනම තියාගන්නවා.මේ වගේ රුපියල් ලක්ෂ ගනන්වල වෙලදාම් වෙනවා.

අහ් තව දෙයක් මිලදි ගන්නාට ( ඒ කියන්නේ අපිට ) කන්න බොන්න ඔක්කොම නොමිලේ.ඔනේ වෙලවාක අරක ඔනේ මේක ඔනේ කියුවාම ඕන දෙයක් දෙනවා.

තව කියුවොත් තැරව්කාර මධ්‍යස්තාන එක එක විදියට තියෙන්වා මේ පිංතුරේ තියෙනවා වගේ පදික වේදිකාවේ ඉදන් හොදට ඒ සී කරපු තැන් දක්වා.මේවයේ හුගක් වේලවාට සිය ගාණක් ඉන්නවා හැබැයි මම දැක්ක දෙයක් තමා කිසිම ආරක්ෂක භටයෙක් නැ.පොලිසියත් නැ.

ඔන්න ඔහොම පුරා දවස ගානේ අපි මිලදී ගන්නා මැණික් තැරව්කාර මධ්‍යස්ථානයේ එකතුවනවා.හවසට අපි මැණික්වල වටිනාකමට අමතරව තව කොමිසන් එකක් ඒ තැන්වලට ගෙවන්න ඔනේ.හුගක් වේලාවට සියයට දහයක් වගේ.ඔය ගාන එක එක තැන් අනුව වෙනස් වෙනවා.

ඔන්න ඔය අවස්ථාවේ මැණික් මිලදී ගන්නා හොද සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ.මොකද කියනවානම් මේ වේලවාට තමා ගත්ත ගල්ම ගත්තද නැද්ද කියන එක ඉතා වැදගත් වෙනවා.නැත්නම් වෙන ගල් දෙන්න පුලුවන්.හැබැයි එහෙම වෙනවා සැහෙන්න අඩුයි.


ඔන්න ඉතින් එක දවසක් ඉවරයි.ඊට පස්සේ එන්නේ රැ දවස .ඒක එක්තරා ආකාරයක ඉතාමත් විනොදශිලී අත්දැකීමක්.

ඒ ටික සහ තව විස්තර ඊලග ලිපියෙන්
මේ ජායාරුප මා විසින් ගත් ඒවා නොවේ.මා ගත් ඒවයේ මධ්‍යයේ තඩි වලසෙකු සිටින බැවින් ඒ වා මෙහි දැමීමේන් ඔබලා බිය වන බැවින් මා ඒවා මෙහි දැමීමෙන් වලකිමි.

No comments:

Post a Comment