Welcome to Devinda's Blogspot

Saturday, May 8, 2010

෴විසල් ලොවේ හුදකලාව෴



ලොවක් නලවන විටක හඬවන
ආදරය මනරම්
සොයා එන දින කවුරු දන්නෙද
අරුම විසිතුරුකම්

හදට ලංවන පැතුම ඔබ නම්
ඇයිද මේ ගැරහුම්
කවුරු දන්නෙද හඬන අරණට
පෑව ලෙංගතුකම්

යහළු මිතුරන් සහෝදර යන්
නොහදුනයි අපෙ සිත්
පටු ලොවක් තුල අහිංසක හිත්
සොයයි නිවෙනා මං

වැලඳ ගෙන සිප සනසවන අප හිත
රාගයෙන් තොර නම්
ඇයිද ලොව නෙතු වපර වන්නේ
වරද කිව මැන පෙම්

විසල් ලොව තුල හුදකලා වු
මම
෴වත්෴

No comments:

Post a Comment