Welcome to Devinda's Blogspot

Sunday, May 9, 2010

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

මොබිටෙල් වේගය

මොබිටෙල් වේගය

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද මෙන්න ‍එකපාර මොඩම් එකෙ නිල්පාට ලයි‍ට් එක පත්තු උනා. සිගනල් 1ක් විතර යන්තම් එනව 3G.

සංඥා අඩුවිට වේගය

දැන් 3G ත් තියන නිසා අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රිය කරල ගත්ත යන්න කියල අන්තර්ජාලයට. ඒපාර එකපාර ‍හොද වේගයක් ඇවිත් ටිකකින ඩවුන්ලෝඩ් නැතිව ගියා. බලද්දි සිග්නල් අවුලක්. ඒපාර USB වයරයක් අරන් එල්ලුව මොඩම් එක ජනේලයේ. ඒපාරනම් ඉස්සෙල්ලාට වාඩා සංඥා‍ තියනව. ආයෙ බලද්දි ඩයලොග් සයි‍ට් එකට ගියාට අනිත්ව හිටපු ගමන් තමා ලෝඩ් වෙන්නෙ. කැඩි කැඩි. වෙනස්කලා DNS ගූගල් වලට.ඒපාර නියමෙට වැඩ කරනව. හොද වේගයක් ආව.

SpeedTest

SpeedTest

ස්පීඩ් ටෙස්ට් දෙකක් දාල තව වෙලා තිබ්බ නිසා දැම්ම තිබ්බ ඩවුන්ලෝඩ් එකක්. ඒකත් හොද වේගයකින් බෑවෙනව. මොබිටෙල්ලගෙ මෙහෙම වේගයකු ඇවිත් තියෙන්නෙ බොහොම ඉස්සර කීප පාරක්.

IDM Download Speed around 258KBps

IDM Download Speed around 134KBps

වේබ් අඩවිත් හොද වේගයකින් ලෝඩ් වෙනව. බැරිම තැන මොබිටෙල් එක විසන්ධි කලාට මම හිතුවෙ වෙන ටෙලිකොම් ඇර වෙන විකල්පයක් නැතිව ඇති කියල. ඒත් දැන් ඩයලොග් තියන නිසා කේස් එකක් නෑ. ඉස්සසර තිබ්බෙ නැති ටවර් එකකින් දැන් සිග්නල් එ‍න්නෙ. මොබිටෙල්ල ටවර් එකක් ගහල අහන හැමදාම ඉක්මනට ඒකට 3G දෙන්නම් කීවට තාම නෑ. ඒත් ලග පාත තියන ඩයලොග් ඒවගෙ තියනව. ඉස්සර ඒ කියන්නෙ අවුරුද්දකට විතර කලින් කුරුණෑගලික් කිලෝමීටරයක් ගියහම 3G නෑ මේ පැත්ත‍ට. ඒත් දැන් හොදා. ගන්න ඕනෙ ඉක්මනට ඩයලොග්ලගෙ පැකේජ් එකක්. මොබිටෙල්ලට වඩා‍ වේගය හහොද උනාට ගාත් පොඩ්ඩක් වැඩී තමා. මෙහාට එයාටෙල් කොහොමත් නෑනෙ 3G

No comments:

Post a Comment