Welcome to Devinda's Blogspot

Sunday, May 16, 2010

උබුන්ටු මත සිංහලෙන් ලිවීම



වින්ඩොස් මත සිංහල ස්ථාපනය කල විට Taskbar එක මතlanguage bar එක ඇතුලත් කොට අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය. උබුන්ටු මතදී ද මෙම ක්‍රමය යොදා ගත හැකිය.

01 . පළමුව System → Preferences → Ibus Preferences වෙත පිවිසෙන්න .


02 . එහි Show input method name on language bar යන්නට ඉදිරියෙන් ඇති කොටුව තුල ක්ලික් “√ ” සළකුණ ලකුණු කරන්න.


03 . ඉන් පසු Ibus Preferences හි Input Method යන ටැබ් එක තුල ඇති Select an input method යන්නෙන් Sinhala → Wijesekera යන්න තොරා දී add කරන්න.


එවිට ඩෙස්ක්ටොප් එක ඉහල ඇති panel එක තුල keybord එකක් දැකිය හැකි අතර එය මත ක්ලික කිරීමෙන් තමාට අවශ්‍ය භාෂාව තොරා දීමෙන් අවශ්‍ය අවස්ථා වලදී සිංහලත් , ඉංග්‍රීසිත් ලිවීම කළ හැකිය

No comments:

Post a Comment