Welcome to Devinda's Blogspot

Saturday, May 15, 2010

Sims 3 මූණුපොත ආක්‍රමනය කරයි


ඔන්න ඊයේ මම මූණුපොත එකේ ආතල් එකේ ඉද්දි මට නොටිම නෝටි නෝටිෆිකේෂන් එකක් එනවා මගේ යාලුවෙක් මාව පොටෝ එකකට ටැග් කරා කියලා.ඉතින් මම මගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දි කිසිම පොටෝ එකක් නෑ.මොකද වෙන වෙලාවට නම් ඉතින් කවුරු හරි අපිව ටැග් කරාම එ පොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ වැටෙනවනේ.දැන් ඉතින් මොකද කරනේ.මෙන්න බොලේ ඒ පාර එක දිගට එනවා අර මනුස්සයා මාව පොටෝ එකක ටැග් කරාලු එයාම එකේ කොමෙන්ට් කරා කියලා.ඉවරයක් නෑ.


මාත් ගිහින් බැලුවා ඔය කියන පොටෝ එකකට.මේ තියෙනේ බඩු.කොමෙන්ට් එකට දාල තියෙන්නේ ඇප්ලිකේෂන් එකක ලින්ක් එකක්.


ෂුවර් එකටම ඕක එක පොටෝ එකකට විතරක් මාව ටැග් කරලා දාල තිබ්බනම් මාත් අනිවා ඔයා ඇප්ලිකේෂන් එක විවෘත කරනවා.ඒත් මෙච්චර කෙටි කාලයක් ඇතුලත මෙහෙම ටැග් කරන්නයි කොමෙන්ට් කරන්නයි මනුස්සයෙකුට නම් බෑ කියලා මට වෙලාවට හිතුනා.ඊට පස්සේ මම පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා.හොයද්දි තමයි බඩු හම්බුනේ.මේකට මීට කලින් අහුඋන අය එයාලගේ අත්දැකීම් ජාලෙට දාල තිබ්බා.ඒවයි මගේ අත්දැකීමුයි හරියටම ගැලපෙනවා.

මේ ෆේස්බුක් වෛයිරසයේ නම Sim 3 මෙයා කරන්නේ කවුරු හරි ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරපු ගමන් මොකක් හරි පොටෝ එකක් අරගෙන එයාගේ යාළුවන්ව ටැග් කරනවා.ඊට පස්සේ අර ඇප්ලිකේෂන් එක විවෘත කරපු පුද්ගලයා කොමෙන්ට් කරන විදිහට වෛරසය ඒ ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාල කොමෙන්ට් එකක් හෝ කීපයක් දානවා.කවුරු හරි ඒ ලින්ක් එක උඩ ඔබලා ඒ ඇප්ලිකේෂන් එක විවෘත කරොත් එයාටත් වෙන්නේ මේ වැඩේමයි.මෙහෙම මෙහෙම මේක දිගටම පැතිරෙනවා

No comments:

Post a Comment