Welcome to Devinda's Blogspot

Tuesday, May 4, 2010

ඔක්කොම එකට...All in One..!


මෙන්න ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා අපූරු වැඩසටහනක්..!!!! සුප්‍රසිද්ධ වැඩසටහන් වන Skype, MSN Messenger, Google Talk, AIM, ICQ® , Facebook , Twitter යන සියල්ල එකම වැඩසටහනක් හරහා සම්බන්ද කිරීමට මෙම වැඩසටහන සමත්. අපේ ජංගම දුරකථනයට වෙන වෙනම මේ වැඩසටහන් දාන්න අවශ්‍ය නෑ දැන් මිනි ෆ්රින්ග් (Mini Fring) තියන නිසා.....කරන්න තියෙන්නෙ MiniFring අඩවියට ගිහින් එහි ඇති Download යන අවස්ථාව තෝරලා තමන්ගෙ රට,දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය එහි ඇතුලත් කරල Free Download කියන බොත්තම ක්‍රියාත්මක කිරීමයි....(පහත පෙනෙන පරිදි)

ඉන්පසු තමාගේ දුරකථනයට එන කෙටිපණිවිඩයේ ඇති සබැඳිය ඔස්සේ ජංගම දුරකථනයේ එම වැඩසටහන ස්ථාපනය කරගන්න පුළුවන් ඊටපස්සෙ ඉතින් රහස් පදයක් දීල ඇතුල්වෙලා ස්කයිප් නම් එහෙමයි ෆේස් බුක් නම් හහෙමයි අවශ්‍ය වැඩසටහන තෝරලා ඇතුල්වෙන්නයි තියෙන්නෙ දැන් ඉතින් දවසෙම චැට්.....

වැඩිවිස්තර සඳහා ෆ්රින්ග් අඩවියට යන්න- http://www.fring.com/fring_is/what_is_fring/

No comments:

Post a Comment